-
2 සාමුවෙල් 24:10-14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 ඒත් සෙනඟව ගණන් කරපු නිසා දාවිත්ගේ හිත ගොඩක් වධ දෙන්න පටන්ගත්තා.+ ඒ නිසා එයා යෙහෝවාට මෙහෙම කිව්වා. “මං කළේ ලොකු වරදක්.+ අනේ යෙහෝවා, ඔබේ සේවකයාගේ වරදට සමාව දෙන්න.+ මම වැඩ කළේ මෝඩයෙක් වගෙයි.”+ 11 දාවිත් පහුවෙනිදා උදේ ඇහැරුණාට පස්සේ අනාගතවක්තෘ ගාද්ට යෙහෝවාගෙන් පණිවිඩයක් ලැබුණා. සාමාන්‍යයෙන් දෙවියන්ගෙන් ලැබුණ දර්ශන දාවිත්ට දැනුම් දුන්නේ ගාද්.+ එදා දෙවියන් එයාට මෙහෙම කිව්වා. 12 “ඔයා දාවිත් ළඟට ගිහින් මෙහෙම කියන්න. ‘යෙහෝවා ඔයාට මේ දේ කියනවා. “මම ඔයාට කියන මේ දඬුවම් තුනෙන් එකක් තෝරගන්න. ඔයාට විඳින්න වෙන්නේ ඔයා තෝරගන්න එකයි.”’”+ 13 ඉතින් ගාද් දාවිත් ළඟට ගිහින් මෙහෙම කිව්වා. “ඔයා කැමති අවුරුදු හතක් තිස්සේ දේශයේ සාගතයක් තියෙනවාටද?+ නැත්නම් මාස තුනක් තිස්සේ ඔයාගේ සතුරන් ඔයා පස්සේ පන්නගෙන එනවාටද?+ එහෙමත් නැත්නම් ඔයාගේ දේශයේ දවස් තුනක් පුරා වසංගතයක් තියෙනවාටද?+ හොඳට හිතලා බලලා මේ තුනෙන් එකක් තෝරගන්න. එතකොට මං ගිහින් මාව එවපු දෙවියන්ට ඒ ගැන කියන්නම්.” 14 දාවිත් ගාද්ට මෙහෙම කිව්වා. “මේක මට දරාගන්න බැරි දුකක්. ඒත් යෙහෝවා හරිම දයාන්විත දෙවි කෙනෙක්.+ ඒ නිසා මිනිස්සුන්ගේ අතින් දඬුවම් විඳිනවාට වඩා+ හොඳයි දෙවියන්ගේ අතින් දඬුවම් විඳින එක.”+
-