2 රාජාවලිය 24:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඉතින් යූදාවල රජ වුණ යෙහෝයාකින් එයාගේ අම්මායි, සේවකයනුයි, අධිපතීනුයි, උසස් නිලධාරීනුයි+ එක්ක බැබිලෝනියේ රජ ළඟට ගිහින් එයාට යටත් වුණා.+ බැබිලෝනියේ රජ පාලනය කරපු අටවෙනි අවුරුද්දේදී එයා යෙහෝයාකින්ව වහලෙක් විදිහට අරගෙන ගියා.+ 2 රාජාවලිය 24:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නෙබුකද්නෙෂර් යෙරුසලමෙන් 10,000දෙනෙක්ව වහලුන් විදිහට අරන් ගියා. අධිපතීන්,+ යුද්දෙට දක්ෂ අය, විවිධ කර්මාන්ත කරපු අය වගේම ලෝහවලින් වැඩ කරපු*+ හැමෝම ඇතුළුව යෙරුසලමේ හිටපු හැමෝවම එයා වහලුන් විදිහට අරන් ගියා. දේශයේ ඉතුරු වුණේ දුප්පත් අය විතරයි.+ 2 ලේකම් 36:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ නිසා දෙවියන් කල්දිවරුන්ගේ+ රජව එයාලට විරුද්ධව එව්වා. එයා ඇවිත් එයාලාගේ තරුණයන්ව ශුද්ධස්ථානයේදීම+ කඩුවෙන් මරලා දැම්මා.+ තරුණ තරුණියන්ටවත් මහලු, අබලදුබල අයටවත් එයා කිසිම අනුකම්පාවක් පෙන්නුවේ නැහැ.+ දෙවියන් හැම දෙයක්ම එයාගේ අතට භාර දුන්නා.+ 2 ලේකම් 36:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 කඩුවෙන් මැරුම් කෑවේ නැති අයව එයා වහලුන් විදිහට බැබිලෝනියට අරගෙන ගියා.+ එයාලා කල්දිවරුන්ගේ රජටත්+ එයාගේ පුතාලටත් සේවය කළා. පර්සියානු රාජ්‍යය පාලනය කරන්න පටන්ගන්න කල්ම එයාලා එහෙම කළා.+ යෙරෙමියා 39:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන්+ නගරයේ ඉතුරු වෙලා හිටපු හැමෝවමයි, එයාට යටත් වුණ අයවයි, නගරය අවට ඉතුරු වෙලා හිටපු අනිත් අයවයි වහලුන් විදිහට බැබිලෝනියට අරන් ගියා. යෙරෙමියා 52:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන් සෙනඟ අතරේ හිටපු දුප්පත් අයගෙන් සමහරදෙනෙක්වයි, නගරයේ ඉතුරු වෙලා හිටපු සෙනඟවයි වහලුන් විදිහට අරගෙන ගියා. බැබිලෝනියේ රජට යටත් වුණ අය වගේම ඉතුරු වෙලා හිටපු දක්ෂ කර්මාන්තකරුවන්වත් එයා අරගෙන ගියා.+ යෙරෙමියා 52:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 පහළින් තියෙන්නේ නෙබුකද්නෙෂර්* වහලුන් විදිහට අරන් ගිය අය ගැනයි. ඔහු පාලනය කරපු හත්වෙනි අවුරුද්දේ යුදෙව්වන් 3,023දෙනෙක්ව අරගෙන ගියා.+
12 ඉතින් යූදාවල රජ වුණ යෙහෝයාකින් එයාගේ අම්මායි, සේවකයනුයි, අධිපතීනුයි, උසස් නිලධාරීනුයි+ එක්ක බැබිලෝනියේ රජ ළඟට ගිහින් එයාට යටත් වුණා.+ බැබිලෝනියේ රජ පාලනය කරපු අටවෙනි අවුරුද්දේදී එයා යෙහෝයාකින්ව වහලෙක් විදිහට අරගෙන ගියා.+
14 නෙබුකද්නෙෂර් යෙරුසලමෙන් 10,000දෙනෙක්ව වහලුන් විදිහට අරන් ගියා. අධිපතීන්,+ යුද්දෙට දක්ෂ අය, විවිධ කර්මාන්ත කරපු අය වගේම ලෝහවලින් වැඩ කරපු*+ හැමෝම ඇතුළුව යෙරුසලමේ හිටපු හැමෝවම එයා වහලුන් විදිහට අරන් ගියා. දේශයේ ඉතුරු වුණේ දුප්පත් අය විතරයි.+
17 ඒ නිසා දෙවියන් කල්දිවරුන්ගේ+ රජව එයාලට විරුද්ධව එව්වා. එයා ඇවිත් එයාලාගේ තරුණයන්ව ශුද්ධස්ථානයේදීම+ කඩුවෙන් මරලා දැම්මා.+ තරුණ තරුණියන්ටවත් මහලු, අබලදුබල අයටවත් එයා කිසිම අනුකම්පාවක් පෙන්නුවේ නැහැ.+ දෙවියන් හැම දෙයක්ම එයාගේ අතට භාර දුන්නා.+
20 කඩුවෙන් මැරුම් කෑවේ නැති අයව එයා වහලුන් විදිහට බැබිලෝනියට අරගෙන ගියා.+ එයාලා කල්දිවරුන්ගේ රජටත්+ එයාගේ පුතාලටත් සේවය කළා. පර්සියානු රාජ්‍යය පාලනය කරන්න පටන්ගන්න කල්ම එයාලා එහෙම කළා.+
9 ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන්+ නගරයේ ඉතුරු වෙලා හිටපු හැමෝවමයි, එයාට යටත් වුණ අයවයි, නගරය අවට ඉතුරු වෙලා හිටපු අනිත් අයවයි වහලුන් විදිහට බැබිලෝනියට අරන් ගියා.
15 ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන් සෙනඟ අතරේ හිටපු දුප්පත් අයගෙන් සමහරදෙනෙක්වයි, නගරයේ ඉතුරු වෙලා හිටපු සෙනඟවයි වහලුන් විදිහට අරගෙන ගියා. බැබිලෝනියේ රජට යටත් වුණ අය වගේම ඉතුරු වෙලා හිටපු දක්ෂ කර්මාන්තකරුවන්වත් එයා අරගෙන ගියා.+
28 පහළින් තියෙන්නේ නෙබුකද්නෙෂර්* වහලුන් විදිහට අරන් ගිය අය ගැනයි. ඔහු පාලනය කරපු හත්වෙනි අවුරුද්දේ යුදෙව්වන් 3,023දෙනෙක්ව අරගෙන ගියා.+