-
මාක් 14:32-36ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
32 එයාලා ගෙත්සෙමනය කියන තැනට ආවා. එතකොට යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙහෙම කිව්වා. “මං යාච්ඤා කරන්න යනවා. ඔයාලා මෙතන ඉඳගෙන ඉන්න.”+ 33 ඔහු පේතෘස්වයි, යාකොබ්වයි, යොහන්වයි ඔහුත් එක්ක එක්කගෙන ගියා.+ ඒ වෙලාවේ ඔහුගේ මනසට ලොකු බරක් දැනුණා. ඔහුගේ හිතට ලොකු වේදනාවකුත් දැනුණා. 34 ඔහු එයාලට මෙහෙම කිව්වා. “මට දරාගන්න බැරි වේදනාවක් දැනෙනවා.+ මට දැනෙන්නේ මං මැරෙන්න යනවා වගේ. ඔයාලා මෙතනට වෙලා දිගටම අවදියෙන් ඉන්න.”+ 35 ඔහු එයාලාගෙන් ටිකක් එහාට ගිහින් දණින් වැටිලා ඔළුව බිමටම පහත් කරලා යාච්ඤා කරන්න පටන්ගත්තා. මේ අමාරු අවස්ථාවට මුහුණ දෙන එක පුළුවන් නම් ඔහුගෙන් අයින් කරන්න කියලා ඔහු ඉල්ලුවා. 36 ඔහු මෙහෙම කිව්වා. “අබ්බා,* තාත්තේ,+ ඔයාට කරන්න බැරි දෙයක් නැහැ. මේ කුසලානය මගෙන් අයින් කරන්න. ඒත් වෙන්න ඕනෙ මං කැමති දේ නෙමෙයි ඔයා කැමති දේ.”+
-