පළවෙනි තිමෝති
6 දාසයන් විදිහට* ඉන්න හැමෝම එයාලාගේ අයිතිකරුවන්ට මුළු හිතින්ම ගෞරව කරන්න ඕනේ.+ එහෙම කරද්දී දෙවියන්ගේ නමට අපහාස කරන්නවත් සත්‍ය ඉගැන්වීම්වලට දොස් කියන්නවත් කාටවත් බැරි වෙනවා.+ 2 දෙවියන්ට නමස්කාර කරන අය යටතේ ඉන්න දාසයන්ට මම මේ මඟ පෙන්වීම දෙන්න කැමතියි. ඔයාලාගේ ස්වාමියා ඔයාලාගේ සහෝදරයෙක් නිසා එයාට ගෞරව කරන්න ඕනෙ නැහැ කියලා හිතන්න එපා. ඒ වෙනුවට ඔයාලා සාමාන්‍යයෙන් කරනවාට වඩා වැඩියෙන් මහන්සි වෙලා ඔයාලාගේ ස්වාමියාට සේවය කරන්න. මොකද ඒකෙන් ප්‍රයෝජන ලබන්නේ දෙවියන්ට සේවය කරන ඔයාලාගෙම ආදරණීය සහෝදරයායි.
මං කියන දේවල් දිගටම උගන්වන්න. ඒ විදිහට ජීවත් වෙන්න කියලා අනිත් අයට දිගටම උනන්දු කරන්න. 3 කෙනෙක් ඔයා විශ්වාස කරනවාට වඩා වෙනස් දේවල් උගන්වනවා නම්, අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් කියලා දුන්න සත්‍ය* ඉගැන්වීම්+ සහ දෙවියන්ට සේවය කරන විදිහ ගැන තියෙන ඉගැන්වීම්+ පිළිගන්නේ නැත්නම්, 4 ඒ කෙනා අහංකාරකමින් ඉදිමිලා ඉන්න, හොඳ අවබෝධයකින් වැඩ කරන්නේ නැති කෙනෙක්.+ එක එක වචන ගැන මතභේද ඇති කරන්නත් එක එක දේවල් ගැන වාද කරකර ඉන්නත් ඒ කෙනාට තියෙන්නේ පුදුම ආසාවක්.*+ ඒකෙන් වෙන්නේ අනිත් අය තුළ ඊර්ෂ්‍යාවක් ඇති වෙන එක. ඒ වගේම එකිනෙකා අතරේ වාද ඇති වෙන්නත්, බොරු කියලා අනිත් අයගේ හොඳ නම නැති කරන්නත්* අනිත් අයව බොරුවට සැක කරන්නත් ඒක හේතු වෙනවා. 5 ඒ මිනිස්සු දුෂ්ට විදිහට හිතන,+ සත්‍ය ඉගැන්වීම්වලින් ඈත් වෙලා ඉන්න අය. එයාලා සුළු සුළු කාරණා ගැන නිතරම වාද කරගන්නවා. එයාලා දෙවියන්ට භක්තියෙන් සේවය කරන්නේ ඒකෙන් වාසි ප්‍රයෝජන ලබාගන්න පුළුවන් කියලා හිතාගෙනයි.+ 6 ඇත්තටම කිව්වොත් දෙවියන්ට භක්තියෙන් සේවය කරද්දී ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා.+ ඒත් එහෙම වෙන්න නම් කෙනෙක් එයාට තියෙන දේවල්වලින් සෑහීමට පත් වෙන්නත් ඕනේ. 7 මොකද අපි මේ ලෝකෙට කිසි දෙයක් ගෙනාවේ නැහැ. කිසිම දෙයක් අරන් යන්නෙත් නැහැ.+ 8 ඒ නිසා අපිට කෑම බීම, ඇඳුම් පැලඳුම්* තියෙනවා නම් අපි ඒ දේවල්වලින් සෑහීමට පත් වෙමු.+
9 ඒත් පොහොසත් වෙන්න අධිෂ්ඨාන කරගෙන ඉන්න අය වැරදි දේවල් කරන්න පෙලඹෙනවා. එයාලා උගුලකට අහු වෙනවා.+ ඒ වගේම එයාලා කිසිම තේරුමක් නැති, හානිකර ආශාවන් ගොඩකට අහු වෙනවා. ඒ ආශාවන් නිසා එයාලාගේ ජීවිත නැති නාස්ති වෙලා එයාලා විනාශ වෙලා යනවා.+ 10 මොකද හැම හානිකර දේකටම හේතුව වෙන්නේ සල්ලිවලට තියෙන ආසාවයි. ඒ ආශාව පස්සේ ගිය නිසා සමහරු රැවටිලා එයාලාගේ විශ්වාසය නැති කරගෙන. ඒ විතරක් නෙමෙයි තමන්ටම පිහියකින් ඇනගන්නවා වගේ එයාලා එයාලටම හුඟක් දුක් වේදනා ඇති කරගෙන.+
11 ඒත් දෙවියන්ට සේවය කරන ඔයා ඒ දේවල්වලින් පලා යන්න ඕනේ. ඒ වෙනුවට ධර්මිෂ්ඨකම, දේවභක්තිය, විශ්වාසය, ආදරය, විඳදරාගැනීම සහ මෘදුකම කියන ගුණාංග ජීවිතෙන් පෙන්නන්න දිගටම වෑයම් කරන්න.+ 12 ඔයාගේ විශ්වාසය රැකගන්න දිගටම සටන් කරන්න. ඒක යහපත් සටනක්. සදාකාල ජීවිතය ගැන තියෙන බලාපොරොත්තුව තදින් අල්ලගන්න. දෙවියන් ඔයාව තෝරගත්තේ ඒ වගේ ජීවිතයක් ඔයාට දෙන්නයි. ඒ වගේම ඒ බලාපොරොත්තුව ගැන ඔයා හුඟක් අය ඉස්සරහා හොඳ සාක්ෂියක් දීලත් තියෙනවා.
13 හැම දේකම ජීවය පවත්වගෙන යන දෙවියන් ඉස්සරහත් පොන්තියුස් පිලාත්ට+ හොඳ සාක්ෂියක් දුන්න ක්‍රිස්තුස් යේසුස් ඉස්සරහත් ඔයාට මේ මඟ පෙන්වීම දෙන්න මං කැමතියි. 14 අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ තේජස හැමෝටම පැහැදිලිව දකින්න ලැබෙන කල්+ ඔයාට දීපු ආඥාව පිළිපදින්න. ඒ වගේම කාටවත් ඔයාට ඇඟිල්ලක් දික් කරන්න බැරි වෙන විදිහේ, කිසි කැළලක් නැති ජීවිතයක් ගත කරන්න. 15 සතුටින් ඉන්න එකම බලවත් පාලකයා නියමිත කාලයේදී ඔහුගේ තේජස පැහැදිලිව දකින්න සලස්වයි. රජවරුන්ගේ රජත් ස්වාමිවරුන්ගේ ස්වාමීනුත් ඔහුයි.+ 16 අමරණීය එකම කෙනා ඔහුයි.+ ඔහු ඉන්නේ කිසිම කෙනෙක්ට ළං වෙන්න බැරි ආලෝකයක.+ එහෙම ඉන්න ඔහුව කිසිම මිනිසෙක් දැකලා නැහැ. කිසිම මිනිසෙක්ට ඔහුව දකින්නත් බැහැ.+ ඔහුට ගෞරවය ලැබේවා! ඔහුගේ බලය හැමදාටම පවතීවා! ආමෙන්!*
17 පවතින මේ සමාජයේ* ඉන්න පොහොසත් අයට අහංකාර වෙන්න එපා කියලා අවවාද* කරන්න. අද තිබිලා හෙට නැති වෙලා යන ධනය+ මත විශ්වාසය තියන්න එපා කියලත් කිසිම අඩුවක් නැතුව අපිට සතුටින් ඉන්න ඕනෙ කරන හැම දේම දෙන දෙවියන්+ මත බලාපොරොත්තු තියන්න කියලත් එයාලට කියන්න. 18 ඒ වගේම එයාලට කියන්න දිගටම යහපත් දේවල් කරන්න කියලා. පුළුවන් තරම් යහපත් දේවල් කරන්න* කියලත් ත්‍යාගශීලී වෙන්න කියලත් අනිත් අය එක්ක කැමැත්තෙන්ම දේවල් බෙදාගන්න+ කියලත් එයාලව දිරිගන්වන්න. 19 එහෙම කළොත් අනාගතය වෙනුවෙන් ස්ථිර අඩිතාලමක් දාගන්න+ එයාලට පුළුවන් වෙනවා. ඒක තමයි එයාලා රැස් කරගන්න නියම වස්තුව. ඒක සැබෑ ජීවිතය තදින් අල්ලගන්න එයාලට උදව් වෙනවා.+
20 තිමෝති, ඔයාට ලොකු විශ්වාසයකින් භාර දුන්න දේවල් රැකගන්න.+ ශුද්ධ දේවල්වලට අගෞරවයක් ගේන, කිසි ප්‍රයෝජනයක් නැති හිස් කතාවලින් ඈත් වෙලා ඉන්න. ඒ වගේම සමහරු හිතනවා එයාලා හැම දේම දන්නවා කියලා. ඒත් එයාලට තියෙන ඒ “දැනුම”+ සත්‍යයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒ වගේ අයගේ අදහස්වලිනුත් ඈත් වෙලා ඉන්න. 21 සමහරු එයාලට තියෙන ඒ දැනුම ප්‍රදර්ශනය කරන්න ගිහින් සත්‍ය ඉගැන්වීම්වලින් අයින් වෙලා ගිහින් තියෙනවා.
දෙවියන්ගේ මහත් කරුණාව ඔයාලට ලැබෙන්න කියලා මම පතනවා!