ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙත. කෝරාගේ පුතුන් රචනා කරපු ගීයක්.+
49 සියලු ජනයෙනි, ඇහුම්කන් දෙන්න.
4 ප්‍රඥාවන්ත කියමන්වලට මම සවන් දෙනවා.
මම වීණාව වයමින් ගැඹුරු කාරණා තේරුම් කරලා දෙනවා.
6 ඔවුන් විශ්වාසය තියන්නේ තමන් සතු ධනය ගැනයි.+
ඔවුන් මහ ඉහළින් කතා කරන්නේ තමන් රැස් කරගත්ත වස්තුව ගැනයි.+
7 ඒත් ඔවුන්ගෙන් එක් කෙනෙක්ටවත් තමන්ගේ සහෝදරයෙක්ව මුදවගන්නවත්
ඔහු වෙනුවෙන් දෙවියන්ට වන්දියක් ගෙවන්නවත් හැකියාවක් නැහැ.+
8 (මොකද මනුෂ්‍ය ජීවිතයක් වෙනුවෙන් දෙන්න ඕනෙ වන්දිය*
කවදාවත් ගෙවලා ඉවර කරන්න බැරි තරම් වටින එකක්.)
9 මිනී වළට යන්න නොදී සදහටම ජීවත් වෙන්න ඔහුට අවස්ථාව දෙන්න ඔවුන්ට හැකියාවක් නැහැ.+
10 ප්‍රඥාවන්තයන් වුණත් මැරෙනවා කියලා ඔහු දකිනවා.
මෝඩ අය වගේම හිතන්නේ බලන්නේ නැතුව වැඩ කරන අයත් එකම විදිහට මිය යනවා.+
ඔවුන් රැස් කරගත්ත ධනයෙන් ප්‍රයෝජන ගන්නේ අනිත් අය.+
11 ඔවුන්ගේ ගෙවල් දොරවල් සදහටම පවතින්න කියලා ඔවුන් පතනවා.
ඔවුන්ගේ කූඩාරම් පරම්පරාවෙන් පරම්පරාවට තියාගන්න ඔවුන්ට ලොකු ආශාවක් තියෙනවා.
ඔවුන්ගේ ඉඩකඩම්වලටත් ඔවුන්ගේ නම් තියලා තියෙනවා.
12 මිනිසෙක්ට මොන තරම් ගෞරවයක් ලැබුණත් ඔහු හැමදාටම ජීවත් වෙන්නේ නැහැ.+
ඔහුයි, මැරිලා යන සතුනුයි අතර කිසි වෙනසක් නැහැ.+
14 මරණයට නියම කරපු බැටළුවන් වගේ ඔවුන්වත් මරණයට නියම කරලා තියෙනවා.
එඬේරෙක් බැටළුවන්ව අරන් යනවා වගේ මරණය ඔවුන්ව මිනී වළට අරන් යයි.
අලුත් දවසක් උදා වෙද්දී නිර්දෝෂ අය ඔවුන්ව යටත් කරගනියි.+
ඔවුන්ගේ සිරුරු කුණු වෙලා යයි.+
ඔවුන්ට සැතපෙන්න වෙන්නේ මිනී වළේ මිසක් විශාල මන්දිරවල නෙවෙයි.+
16 කෙනෙක් තව තවත් පොහොසත් වෙනවා දැක්කාම,
ඔහුගේ නිවස ධන සම්පත්වලින් පිරිලා ඉතිරිලා යනවා දැක්කාම බය වෙන්න එපා.
17 මොකද ඔහු මිය යද්දී ඔහුට කිසිම දෙයක් අරන් යන්න බැහැ.+
ඔහු මිනී වළට යද්දී ඔහුගේ ධනය අරන් යන්නත් බැහැ.+
18 ඔහු ජීවිත කාලය පුරාම තමන්වම වර්ණනා කරගන්නවා.+
(මිනිසුනුත් ධන සම්පත් රැස් කරගෙන ඉන්න අයව වර්ණනා කරනවා.)+
19 ඒත් අන්තිමේදී ඔහුගේ මුතුන්මිත්තන් වගේ ඔහුටත් මිනී වළට යන්න වෙනවා.
ආයෙත් කවදාවත් ඔවුන්ට ආලෝකය දකින්න ලැබෙන්නේ නැහැ.