ගීතාවලිය
දාවිත් රචනා කරපු ගීතයක්.
103 මම යෙහෝවා දෙවියන්ට ප්රශංසා කරනවා.
මගේ මුළු හදවතින්ම මම ඔහුගේ ශුද්ධ නමට ප්රශංසා කරනවා.
5 ජීවිත කාලය පුරාම ඔහු ඔබව යහපත් දේවලින් තෘප්තිමත් කරනවා.+
රාජාලීන් වගේ ඔබේ තරුණකම අලුත් වෙන්නේ ඒ නිසයි.+
7 තමන් වැඩ කරන විදිහ ගැන ඔහු මෝසෙස්ට දැන්නුවා.+
තමන් කරපු දේවල් ගැන ඊශ්රායෙල්ගේ පුතුන්ව දැනුවත් කළා.+
8 යෙහෝවා අනුකම්පාව පෙන්වන, දයාවන්ත දෙවි කෙනෙක්.+
ඉක්මනින් කේන්ති ගන්නේ නැති, නොසැලෙන ආදරෙන් පිරුණු දෙවි කෙනෙක්.+
9 අපේ අතින් වෙන වැරදි ඔහු හැමදාටම මතකයේ තියාගන්නේ නැහැ.+
ඔහු හැමදාටම අපිත් එක්ක අමනාපයෙන් ඉන්නෙත් නැහැ.+
10 අපි කරපු වැරදිවල තරමටම ඔහු අපිට දඬුවම් කළේ නැහැ.+
අපේ වැරදිවලට ලැබෙන්න ඕනෙ දඬුවම ඔහු අපිට දුන්නේ නැහැ.+
11 ඔහු ගැන ගරුබියක් තියෙන අයට ඔහු පෙන්වන නොසැලෙන ආදරය මොන තරම්ද!+
ඒක අහසත් පොළොවත් අතර තියෙන පරතරය වගේ හිතාගන්නවත් බැරි තරම්!
14 අපිව නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද කියලා ඔහු හොඳින් දන්නවා.+
අපිව හැදුවේ දූවිල්ලෙන් කියලා ඔහු සිහි කරනවා.+
16 හුළඟක් හමපු ගමන්ම ඒක ගහගෙන යනවා.
ඒක එතන තිබුණාද කියලවත් හොයාගන්න බැහැ.
17 ඒත් යෙහෝවා ගැන ගරුබියක් දක්වන අයට+
ඔහු පෙන්වන ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.*
ඔවුන්ගේ දරුවන්ගේ දරුවන්ටත් ඔහුගේ ධර්මිෂ්ඨකම අද්දකින්න ලැබෙනවා.+
18 ඔහුගේ නියෝග පිළිපදින්න වෙහෙසෙන,
ඔහු ඇති කරපු ගිවිසුමට විශ්වාසවන්තව ඉන්න අයට+
ඔහුගේ ධර්මිෂ්ඨකම අද්දකින්න ලැබෙනවා.
20 යෙහෝවාගේ අණට කීකරු වෙන ඔහුගේ සියලු දූතයෙනි,+ ඔහුට ප්රශංසා කරන්න.
දෙවියන් කියන දේ ඉටු කරන+ බලසම්පන්න දේවදූතයෙනි, දෙවියන්ට ප්රශංසා කරන්න.
22 යෙහෝවා නිර්මාණය කළ සියල්ලෙනි,
ඔහු පාලනය කරන හැම තැනකදීම ඔහුට ප්රශංසා කරන්න.
මගේ මුළු හිතින්ම මම යෙහෝවා දෙවියන්ට ප්රශංසා කරනවා.