මීකා
4 අවසාන කාලේදී යෙහෝවා දෙවියන්ගේ ගෘහය තියෙන කන්ද+
අනිත් හැම කන්දකටම වඩා ඉහළින්, ස්ථිරව පිහිටුවයි.
ඒක හෙල්වලටත් වඩා ඉහළින් තියෙයි.
මිනිසුන් ඒ කන්දට වැල නොකැඩී ඇදී එයි.+
2 හුඟක් ජාතීන් ඇවිත් මෙහෙම කියයි.
“එන්න, යෙහෝවාගේ කන්දට අපි යමු.
යාකොබ්ගේ දෙවියන්ගේ ගෘහයට යමු.+
ඔහුගේ මාර්ග ගැන ඔහු අපිට උගන්වයි.
අපි ඔහු පෙන්වන පාරේ යමු.”
මොකද සියොන් කන්දේ ඉඳන් නීතිය* ගැන උගන්වයි.
යෙරුසලමේ ඉඳන් යෙහෝවාගේ වචනය දැනුම් දෙයි.
ඔවුන් තමන්ගේ කඩුවලින් නගුලුත්
හෙල්ලවලින් දෑකැතිත් හදාගනියි.+
ජාතියක් තව ජාතියකට විරුද්ධව කඩු ඔසවන්නේ නැහැ.
ඔවුන් ආයේ කවදාවත් යුද්ධ කරන්න ඉගෙනගන්නෙත් නැහැ.+
4 ඔවුන් එක් එක් කෙනා තම තමන්ගේ මිදිවැල යටත්
අත්තික්කා ගස යටත් සුවෙන් කල් ගෙවයි.+
කවුරුත් ඔවුන්ව බයගන්වන්නේ නැහැ.+
මොකද ඒ දේ පොරොන්දු වෙලා තියෙන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.
5 අනිත් හැමෝම තම තමන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරයි.*
ඒත් අපි සදාකාලයෙන් සදාකාලයටම නමස්කාර කරන්නේ අපේ දෙවි යෙහෝවාටයි.*+
6 යෙහෝවා මෙහෙම කියනවා.
“ඒ කාලයේදී, කොරගගහා හිටපු අයවත්*
විසිරිලා හිටපු අයවත්+
මගෙන් දඬුවම් ලබපු අයවත් මම එකට එකතු කරනවා.
7 කොරගගහා හිටපු අයගෙන්* කුඩා පිරිසක්ව මම බේරගන්නවා.+
දේශයෙන් ඈතට අරන් ගිය අයව මම බලවත් ජාතියක් වෙන්න සලස්වනවා.+
යෙහෝවා වන මම දැනුත් සදාකාලයටමත්
සියොන් කන්දේ ඉඳන් ඔවුන්ගේ රජ විදිහට පාලනය කරනවා.
8 සෙනඟව ආරක්ෂා කරන මුරපොළ,
සියොන් දියණියගේ කන්ද,+
මුලින්ම පිහිටවපු* රාජ්‍යය ආයෙත් ඔබ ළඟට එනවා.+
ඒ රාජ්‍යය අයිති යෙරුසලම් දියණියටයි.+
9 ඔබ මහ හයියෙන් කෑගහන්නේ ඇයි?
ඔබව පාලනය කරන්න රජෙක් නැති නිසාද?
ඔබට උපදෙස් දෙන කෙනා මිය ගිහින්ද?
දරුවෙක් බිහි කරන ස්ත්‍රියක් වගේ ඔබ වේදනාවෙන් ඉන්නේ ඒ නිසාද?+
10 සියොන් දියණිය, දරුවෙක් බිහි කරන ස්ත්‍රියක් වගේ වේදනා විඳිමින් කෑගහන්න.
මොකද ඔබට නුවරෙන් පිට වෙලා එළිමහනේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා.
බැබිලෝනිය වෙන කල්ම ඔබට යන්න වෙනවා.+
එහේ ඉද්දී මම ඔබව බේරගන්නවා.+
යෙහෝවා වන මම එහෙදී ඔබේ සතුරන්ගෙන් ඔබව බේරගන්නවා.+
11 හුඟක් ජාතීන් ඔබට විරුද්ධව එක් රැස් වෙයි.
‘සියොන් අගෞරවයට පත් වේවා!
ඒ දේ අපේ ඇස් දෙකෙන්ම දකින්න ලැබේවා’ කියලා ඔවුන් කියයි.
12 ඒත් යෙහෝවා වන මගේ සිතුවිලි ඔවුන් දන්නේ නැහැ.
මං අරමුණු* කරන දේ ඔවුන් තේරුම් අරන් නැහැ.
මොකද අලුතෙන් කපපු ධාන්‍ය කරල් කමතට අරන් යනවා වගේ මම ඔවුන්වත් කමතට අරන් යනවා.
13 සියොන් දියණිය, නැඟිටලා කරල් පාගන්න.+
මොකද මම ඔබට යකඩ අං සහ තඹ කුර ලබා දෙනවා.
ඔබ හුඟක් ජාතීන්ව පොඩි කරලා දානවා.+
ඔවුන් වංචාවෙන් උපයගත්ත ලාභ ඔබ යෙහෝවා වන මට කැප කරනවා.
ඔවුන්ට අයිති වටිනා දේවලුත් මුළු පොළොවටම අධිපති වන මට භාර දෙනවා.”+