යෙසායා
10 අනිත් අයට හානියක් වෙන විදිහේ නියෝග පනවන අයටත්+
මිනිස්සුන්ව පීඩාවට පත් කරන නීති හදන අයටත් මොන තරම් විපතක් වෙයිද!
2 ඒ නියෝග, නීති පනවන්නේ දුප්පතුන්ට අයිතිවාසිකම් ලබා නොදී ඉන්නයි.
මගේ සෙනඟ අතරේ ඉන්න අසරණ, පීඩිත අයට යුක්තිය ඉටු නොකර ඉන්නයි.+
ඔවුන් වැන්දඹුවන්ගෙන් කොල්ල කනවා.
උදව් ඉල්ලලා දුවන්නේ කා ළඟටද?+
ඔබේ වස්තුව කාටද දෙන්නේ?
4 හිරකරුවන් එක්ක දණගහගෙන ඉන්නවා ඇරෙන්න,
සතුරන් අතින් මැරුම් කනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.
සෙනඟගේ අකීකරුකම නිසා ඔහුගේ කේන්තිය නිවිලා ගියේ නැහැ.
ඔහු තවමත් අත දිගහැරගෙන පහර දෙන්න සූදානමින් ඉන්නවා.+
ඔහු තමයි මගේ කේන්තිය ප්‍රකාශ කරන දණ්ඩ.+
ඔහුගේ අතේ තියෙන සැරයටියෙන් තමයි මම දඬුවම් කරන්නේ.
6 මම ඔහුව එවන්නේ ද්‍රෝහි වුණ ජාතියකට විරුද්ධවයි.+
මාව හොඳටම කේන්ති ගස්සපු සෙනඟකට විරුද්ධවයි.
හැම වස්තුවක්ම කොල්ල කන්න කියලත්
පාරේ පෑගෙන මඩ වගේ ඒ සෙනඟව පාගලා දාන්න කියලත් මම ඔහුට අණ කරනවා.+
7 ඒත් ඔහුට තියෙන්නේ වෙනම අදහසක්.
ඔහුගේ හිතේ තියෙන්නේ වෙනම සැලැස්මක්.
ඔහුට ඕනෙ හැම දෙයක්ම නැත්තටම නැති කරන්නයි.
එකක් දෙකක් නෙමෙයි ගොඩක් ජාතීන්ව විනාශ කරන්නයි.
9 කල්නො+ සහ කර්කෙමිෂ්+ අතරේ කිසිම වෙනසක් තියෙනවාද?
අර්පාද්+ සහ හමාත්+ අතරේ වෙනසක් තියෙනවාද?
දමස්කයත්+ සමාරියත්+ අතරේ වෙනසක් තියෙනවාද?
10 කිසි වටිනාකමක් නැති දෙවිවරුන්ව අදහපු රාජ්‍යවල් මම අල්ලගත්තා.
යෙරුසලමෙයි, සමාරියෙයි තියෙනවාට වඩා ගොඩක් රූප ඔවුන්ට තිබුණා.+
11 සමාරියටයි, ඇගේ කිසිම වටිනාකමක් නැති දෙවිවරුන්ටයි කරපු දේම
යෙරුසලමටයි, ඇගේ රූපවලටයි කරන්න මට බැරිද?’+
12 “යෙහෝවා වන මට සියොන් කන්දේ සහ යෙරුසලමේ කරන්න තියෙන හැම වැඩක්ම ඉවර කළාට පස්සේ මම ඇසිරියාවේ රජට දඬුවම් කරනවා. ඔහුට දඬුවම් කරන්නේ ඔහු හරිම උඩඟු, අහංකාර, උද්ධච්ච කෙනෙක් නිසයි.+ 13 ඔහු මෙහෙම කියකිය ඉන්නවා.
‘මම මේක මගේම ශක්තියෙන් කරනවා.
මේක මමම හිතලා කරනවා. මොකද මම හරිම බුද්ධිමත්.
මම ජාතීන්ගේ දේශ සීමා වෙනස් කරලා+
ඔවුන්ගේ වස්තු කොල්ල කනවා.+
බලවත් කෙනෙක් වගේ ඇවිල්ලා මම හැම කෙනෙක්වම යටත් කරගන්නවා.+
14 කුරුලු කූඩුවකට අත දාලා බිත්තර එකතු කරගන්න මිනිසෙක් වගේ
මම ජාතීන්ගේ හැම වස්තුවක්ම පැහැරගන්නවා.
අත්හැරලා ගිය කූඩුවක තියෙන බිත්තර එකතු කරගන්න කෙනෙක් වගේ
මම මුළු පොළොවම අයිති කරගන්නවා.
කිසිම කුරුල්ලෙක් තටු ගහන්නෙවත් හොට ඇරලා කෑගහන්නෙවත් නැහැ.’”
15 දර පළන කෙනාට වඩා පොරොව උසස් වෙන්න හදනවාද?
කියතෙන් කපන කෙනාට වඩා කියත උසස් වෙන්න හදනවාද?
සැරයටියකට+ පුළුවන්ද ඒක පාවිච්චි කරන කෙනාට වඩා ඉහළින් යන්න?
දණ්ඩකට පුළුවන්ද ඒක අල්ලගෙන ඉන්න කෙනාට වඩා ඉහළින් යන්න?
16 ඒ නිසා සැබෑ ස්වාමීන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා
ඒ කෙනාගේ* තර අයව වැහැරිලා යන්න සලස්වයි.+
ඒ කෙනාගේ තේජස පුච්චලා දාන්න ගින්නක් අවුළුවයි.+
17 ඊශ්‍රායෙල්ගේ ආලෝකය+ ගින්නක් වගෙත්+
ඔහුගේ ශුද්ධ තැනැත්තා ගිනිදැල්ලක් වගෙත් වෙයි.
ඒ ගින්න හොඳටම ඇවිළිලා ඒ කෙනාගේ වල් පැළයි, කටු පඳුරුයි එක දවසකින් පුච්චලා දායි.
18 ඔහු ඒ කෙනාගේ අලංකාර වනාන්තරය සහ උයන නැත්තටම නැති කරයි.
දරුණු රෝගයකින් පෙළෙන කෙනෙක් වැහැරිලා යනවා වගේ ඒවා විනාශ වෙලා යයි.+
19 ඔහුගේ වනාන්තරයේ ඉතුරු වෙන ගස්
ළාබාල දරුවෙක්ට වුණත් ගණන් කරන්න පුළුවන් වෙයි.
20 ඒ කාලේදී ඊශ්‍රායෙල්ගෙන් ඉතුරු වෙන අය,
යාකොබ්ගෙන් පැවතෙන අයගෙන් බේරිලා ඉන්න අය
ඔවුන්ට පහර දුන්න කෙනාගෙන් ආයේ උදව් ලබාගන්නේ නැහැ.+
ඔවුන් ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තා වන යෙහෝවාගෙන් උදව් ලබාගනියි.
ඔවුන් ඔහුට විශ්වාසවන්තව ඉඳියි.
21 ආපහු හැරිලා එන්නේ පොඩි පිරිසක් විතරයි.
යාකොබ්ගෙන් පැවතෙන පොඩි පිරිසක් විතරයි බලවත් දෙවියන් ළඟට ආපහු එන්නේ.+
දෙවියන් තීරණය කරපු විනාශයට මුහුණ දෙන්න ඔවුන්ට සිද්ධ වෙයි.+
23 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා
තීන්දු කරපු ඒ විනාශය මුළු දේශයටම බලපානවා.+
24 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “සියොන්වල ජීවත් වෙන මගේ සෙනඟෙනි, බය වෙන්න එපා. ඊජිප්තුවරුන් ඔබට කරපු විදිහට+ සැරයටියෙන් සහ දණ්ඩෙන් ඔබට පහර දුන්න ඇසිරියානුවාට බය වෙන්න එපා.+ 25 මොකද තව කෙටි කාලෙකින් මගේ කේන්තිය නිවිලා යයි. මගේ කේන්තිය මම ඔවුන් පිටට හරවනවා. එතකොට ඔවුන් විනාශ වෙලා යයි.+ 26 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔරෙබ් පර්වතය+ ළඟ මිදියන්වරුන්ව පරාජය කරපු විදිහට ඔහුට කසයකින් පහර දෙයි.+ ඊජිප්තුවරුන්ව පරාජය කරන්න දෙවියන් මුහුදට ඉහළින් සැරයටිය දික් කළා වගේ ඔහු ඔහුගේ සැරයටිය දික් කරයි.+
29 ඔහු තොටුපොළ පහු කරගෙන ගියා.
ගෙබාවල+ රාත්‍රිය ගත කළා.
රාමාවල මිනිස්සු බයෙන් වෙවුලනවා. සාවුල්ගේ නගරය වුණ ගිබෙයාවල+ මිනිස්සු පැනලා ගියා.+
30 ගල්ලිම් දියණියනි, කෑ ගහන්න.
ලායිෂා, ලෑස්ති පිට ඉන්න.
අනේ, අසරණ අනාතොත්!+
31 මද්මේනාවල මිනිස්සු පැනලා ගිහින්.
ගෙබිම්වල හිටපු අය ආරක්ෂිත තැන් හොයාගෙන ගිහින්.
ඔහු සියොන් දියණියගේ කන්ද දිහාවට ඔහුගේ අත දික් කරනවා.
යෙරුසලම පිහිටුවලා තියෙන කන්දට තර්ජනය කරන්න ඔහු අත දික් කරනවා.