යෙසායා
2 ඔහුට යෙහෝවා දෙවියන්ගේ බලය ලැබෙයි. ඒ බලයෙන් ඔහු පිරිලා ඉතිරිලා යයි.+
ඒ නිසා ඔහු ප්‍රඥාවෙන්+ සහ අවබෝධයෙන් වැඩ කරයි.
නැණවත් මඟ පෙන්වීම් ලබා දෙයි. එඩිතරව වැඩ කරයි.+
ඔහුට දැනුමෙන් කිසිම අඩුවක් නැහැ. ඔහු යෙහෝවා ගැන ගරුබිය ඇතුව වැඩ කරයි.
3 යෙහෝවාට ගරුබිය දැක්වීමෙන් ඔහු ලොකු සතුටක් ලබයි.+
ඔහු මතුපිටින් දකින දේ අනුව විනිශ්චය කරන්නේ නැහැ.
යමක් ඇසුණු පමණින් නිවැරදි කරන්න ඔහු ඉක්මන් වෙන්නේ නැහැ.+
4 ඔහු අසරණ අයට සාධාරණ විනිශ්චයක් දෙයි.*
පොළොවේ ඉන්න නිහතමානී අයව ආරක්ෂා කරන්න ඔහු සාධාරණ තීන්දු දෙයි.
ඔහුගේ කටින් පිට වෙන වදන් හරියට දණ්ඩක් වගේ. ඔහු ඒවායින් පොළොවට පහර දෙයි.+
ඔහුගේ කටින් පිට වෙන හුස්මෙන් ඔහු දුෂ්ටයාව මරලා දායි.+
6 වෘකයා බැටළු පැටියා එක්ක කල් ගෙවයි.+
එළු පැටියා දිවියා එක්ක එකට ලගියි.
වහු පැටියායි, සිංහයායි, තර සතායි එකට ලගියි.*+
කුඩා දරුවෙක් උන්ට මඟ පෙන්නයි.
7 එළදෙනත් වැලහින්නත් එකට තණ කයි.
උන්ගේ පැටවුන් එකට ලගියි.
සිංහයා ගොනා වගේ පිදුරු කයි.+
8 කිරි බොන දරුවා නයාගේ තුඹස උඩ සෙල්ලම් කරයි.
මව්කිරි බොන කාලේ පහු කරපු දරුවෙක් විෂ සර්පයෙක්ගේ ගුලට අත දායි.
9 මගේ ශුද්ධ කන්දේ කොතැනකදීවත් කවුරුත්* කාටවත් හානියක් කරන්නෙවත්+
විනාශයක් කරන්නෙවත් නැහැ.+
මොකද ජලයෙන් මුහුද පිරිලා තියෙනවා වගේ
යෙහෝවා ගැන දැනුමෙන් මුළු පොළොවම පිරිලා තියෙයි.+
10 ඒ දවසේදී සෙනඟට ලකුණක්* විදිහට යෙස්සේගේ මුල+ නැඟිට සිටියි.+
ජාතීන් මඟ පෙන්වීම් පතා ඔහු වෙතට හැරෙයි.+
ඔහුගේ වාසස්ථානය තේජසින් පිරිලා යයි.
11 ඒ දවසේදී යෙහෝවා දෙවෙනි පාරටත් ඔහුගේ අත දික් කරලා ඉතුරු වෙලා ඉන්න ඔහුගේ සෙනඟව ආයෙත් එකතු කරගන්නවා. ඇසිරියාව,+ ඊජිප්තුව,+ පත්‍රොස්,+ කූෂ්,+ ඒලාම්,+ ෂීනාර්,* හමාත් සහ දූපත්වල+ ඉන්න හැමෝවම ඔහු එක් රැස් කරගන්නවා. 12 ඔහු ජාතීන්ට පේන්න කණුවක්* හිටවලා විසිරිලා ඉන්න ඊශ්‍රායෙල්වරුන්ව එකතු කරගන්නවා.+ පොළොවේ හතර කොනටම විසිරිලා ගිහින් ඉන්න යූදා සෙනඟව ඔහු ආයෙත් එකතු කරගන්නවා.+
එෆ්‍රායිම් යූදාට ඊර්ෂ්‍යා කරන්නෙවත්
යූදා එෆ්‍රායිම්ට හතුරුකම් කරන්නෙවත් නැහැ.+
14 ඔවුන් බස්නාහිර පැත්තේ තියෙන පිලිස්තිවරුන්ගේ කඳු බෑවුමට කඩාවදියි.
ඔවුන් එකතු වෙලා නැඟෙනහිර පැත්තේ ජීවත් වෙන සෙනඟගෙන් කොල්ල කයි.
ඔහුගෙන් පිට වෙන දැවෙන හුස්මෙන් ඒකේ අතු ගංගා හතට පහර දෙයි.*
ඔහු සෙනඟට පාවහන් ගලවන්නේ නැතුව ඒ මැදින් යන්න සලස්වයි.