යෙසායා
61 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා ඔහුගේ බලය මට දුන්නා.+
මොකද නිහතමානී අයට ශුභාරංචිය ප්‍රකාශ කරන්න යෙහෝවා මාව අභිෂේක කළා.+
ඔහු මාව එව්වේ බිඳුණු සිත් ඇති අයගේ තුවාල සුව කරන්නයි.
වහලුන්ට නිදහස ලැබෙනවා කියලත්
හිරකරුවන්ගේ ඇස් පෑදෙනවා කියලත් ප්‍රකාශ කරන්නයි.+
2 යෙහෝවා නිහතමානී අයට දයාව පෙන්නන කාලය ගැන ප්‍රකාශ කරන්නයි.
අපේ දෙවියන් ඔහුගේ සතුරන්ට දඬුවම් කරන කාලය ඇවිල්ලා+ කියලා ප්‍රකාශ කරන්නයි.
ශෝකයෙන් ඉන්න සියල්ලන්ව සනසන්නයි.+
3 ඔහු මාව එව්වේ සියොන් ගැන ශෝකයෙන් ඉන්න අයව රැකබලා ගන්නයි.
අළු වෙනුවට ඔවුන්ට හිස් පලඳනාවක් දෙන්නත්
ශෝකය වෙනුවට ප්‍රීතිය කියන තෛලය ආලේප කරන්නත්
කලකිරීම වෙනුවට ප්‍රශංසාව කියන ඇඳුම අන්දවන්නත් ඔහු මාව එව්වා.
ධර්මිෂ්ඨකම කියන පල හටගන්න විශාල ගස් විදිහට ඔවුන්ව හඳුන්වයි.
ඔවුන්ව පැළ කළේ යෙහෝවායි. ඒ දේ කළේ ඔහුට ගෞරවයක් ගේන්නයි.+
4 ඔවුන් අතීත නටබුන් ආයෙත් ගොඩනඟයි.
කාලයක් තිස්සේ විනාශ වුණ තැන් ආයෙත් ඉදි කරයි.+
ඔවුන් පාළුවට ගිය නගර,
පරම්පරා ගාණක් තිස්සේ පාළුවට ගිය තැන් ආපහු ගොඩනඟයි.+
7 ලැජ්ජාව වෙනුවට ඔබට ආශීර්වාද දෙගුණයක් ලැබෙයි.
නින්දාව වෙනුවට ඔවුන් තමන්ට ලැබෙන උරුමය ගැන සතුටින් කෑගහයි.
ඔවුන්ගේ දේශයෙන් කොටස් දෙකක් ඔවුන්ට ලැබෙයි.+
ඔවුන් සදහටම සතුටින් ඉඳියි.+
ඔවුන්ගේ කුලිය මම විශ්වාසවන්තව ඔවුන්ට ලබා දෙනවා.
මම ඔවුන් එක්ක හැමදාටම තියෙන ගිවිසුමක් ඇති කරගන්නවා.+
ඔවුන් යෙහෝවා ආශීර්වාද කරපු අයගෙන් පැවතෙන අය+ කියලා
ඔවුන්ව දකින හැමෝම හඳුනගනියි.”
10 මම යෙහෝවා ගැන සතුටින් ඉපිල යනවා.
මගේ හිතත් ගතත් මගේ දෙවියන් ගැන ප්‍රීතියෙන් පිරිලා ඉතිරිලා යනවා.+