ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. නිහියලොත්.* දාවිත් රචනා කරපු ගීතයක්.
2 මගේ රජ්ජුරුවනි, මගේ දෙවියනි, මම යාච්ඤා කරන්නේ ඔබටයි.
මම උදව් ඉල්ලලා අඬද්දී මට සවන් දෙන්න.
ඔබෙන් උත්තරයක් ලැබෙන කල් මම බලන් ඉන්නවා.
6 බොරුකාරයන්ව ඔබ විනාශ කරනවා.+
දාමරිකයන්* සහ රැවටිලිකාරයන් යෙහෝවාට පිළිකුලක්.+
7 නිමක් නැති ඔබේ නොසැලෙන ආදරේ*+ නිසා මම ඔබේ ගෘහයට+ එනවා.
මම ඔබේ ශුද්ධ මාලිගාව දිහාවට හැරිලා,
ලොකු ගෞරවයකින් ඔබ ඉස්සරහා වැඳ වැටෙනවා.+
8 යෙහෝවා දෙවියනි, මගේ සතුරන් මාව වට කරගෙන.
ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක් නිසා යන්න ඕනෙ මඟ මට කියලා දෙන්න.
මට තියෙන බාධා අයින් කරලා ඔබේ මාර්ගයේ ගමන් කරන්න මට උදව් කරන්න.+
9 මගේ සතුරන් කියන කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ.
ඔවුන්ගේ හිත් දුෂ්ටකමින් පිරිලා.
ඔවුන්ගේ කටවල් ඇරලා දාපු සොහොනක් වගේ.
ඔවුන්ගේ දිව අග තියෙන්නෙම චාටු බස්.+
10 ඒ නිසා ඔවුන් වරදකරුවන් කියලා දෙවියන් තීන්දු කරයි.
ඔවුන් අටවන උගුල්වලට ඔවුන්ම හසු වෙයි.+
දෙවියනි, ඔවුන් ඔබට විරුද්ධව කැරලිගහනවා.
සීමාවක් නැතුව වැරදි කරනවා.
ඒ නිසා ඔවුන්ව පන්නලා දාන්න.
ඔබ සතුරන්ට ඔවුන් ළඟටවත් එන්න ඉඩ දෙන්නේ නැහැ.
ඔබේ නමට ආදරේ කරන අය ඔබ නිසා සතුටින් ගී ගයයි.