ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්.
11 මං ආරක්ෂාව හොයාගෙන යන්නේ යෙහෝවා දෙවියන් ළඟටයි.+
එහෙනම් මිනිසුනි “කුරුල්ලෙක් වගේ ඔබේ කන්දට පලා යන්න” කියලා ඔබ මට කියන්නේ ඇයි?
2 “බලන්න! දුෂ්ටයෝ දුන්න අතට ගන්නවා.
ඊතල සූදානම් කරගන්නවා.
අඳුරු තැනක හැංගිලා ඉඳන් අවංක අයට පහර දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා.
4 ඒත් යෙහෝවා ඔහුගේ ශුද්ධ මාලිගාවේ ඉන්නවා.+
යෙහෝවාගේ සිංහාසනය තියෙන්නේ ස්වර්ගයේ.+
ඔහුගේ දෙනෙත්වලින් ඔහු හැම දෙයක්ම දකිනවා.
මිනිසුන් කරන හැම දේම ඔහු සෝදිසි කරලා බලනවා.+
5 යෙහෝවා ධර්මිෂ්ඨයාවත් දුෂ්ටයාවත් සෝදිසි කරනවා.+
ප්රචණ්ඩ දේවලට කැමැත්තක් දක්වන අයව ඔහු පිළිකුල් කරනවා.+
6 ඔහු වැස්සක් වගේ දුෂ්ටයා පිටට විපත්ති* ඇද හැලෙන්න සලස්වනවා.
ඔවුන්ට උරුම වෙන්නේ ගින්දර, ගෙන්දගම්+ සහ ගිනිමය සුළං විතරයි.
7 යෙහෝවා දෙවියන් ධර්මිෂ්ඨයි.+ ඔහු ධර්මිෂ්ඨ ක්රියාවලට ප්රිය කරනවා.+