හිතෝපදේශ
5 මගේ පුතේ, මං උගන්වන ප්‍රඥාවන්ත දේවලට අවධානය දෙන්න.
වටහාගැනීමේ හැකියාව ගැන මං කියලා දෙන දේවලට හොඳින් සවන් දෙන්න.+
2 එතකොට ඔයාගේ සිතීමේ හැකියාව ආරක්ෂා වෙයි.
සත්‍යය හැර වෙන කිසි දෙයක් ඔයාගේ කටින් පිට වෙන්නෙත් නැහැ.+
5 එයාගේ දෙපා මරණයට පියමං කරයි.
එයා පියවර තියන්නේ මිනී වළ දිහාවටයි.
6 එයා ජීවනයට යන පාර හොයාගෙන යන්නේ නැහැ.
ඔහේ ඇවිදගෙන යනවා. යන්නේ කොහෙද කියලවත් එයා දන්නේ නැහැ.
7 ඉතින් මගේ පුතාලා මට ඇහුම්කන් දෙන්න.
මං කියන දේ අහක දාන්න එපා.
8 එයාගෙන් ඈත් වෙලා ඉන්න.
එයාගේ දොරකඩ ළඟටවත් යන්න එපා.+
9 එයා ළඟට ගියොත් ඔයාගේ හොඳ නම නැති වෙයි.+
ජීවිත කාලයම ඔයාට කටුක අද්දැකීම්වලට මුහුණ දෙන්න වෙයි.+
10 අනිත් අය ඔයාට අයිති දේවල්* සූරන් කයි.+
ඔයා මහන්සි වෙලා හම්බ කරගත්ත දේවල් අඳුරන්නේ නැති කෙනෙක්ගේ ගෙදරකට අයිති වෙයි.
11 ඔයාගේ ජීවිතේ අන්තිම දවස්වලදී ශක්තිය අඩු වෙලා ඇඟ දුර්වල වෙලා තියෙද්දී+
ඔයාට වේදනා විඳවිඳ කෙඳිරිගාන්න වෙයි.
12 එතකොට ඔයා මෙහෙම කියයි.
“අනේ, ලැබුණු හික්මවීම් මං පිළිකුල් කළානේ! අවවාද මං හෑල්ලු කළානේ!
13 මට උගන්නපු අයට මං ඇහුම්කන් දුන්නේ නැහැ.
ගුරුවරුන් කියපු දේවල් මං කනකටවත් ගත්තේ නැහැ.
එයාගේ පියයුරුවලින් තෘප්තිමත් වෙන්න.
හැමදාමත් එයාගේ ආදරෙන් සතුටක් ලබන්න.+
20 ඉතින් මගේ පුතේ, නරක* ස්ත්‍රියකගෙන් ඔයාගේ ආශාවන් පිනවගන්නේ මොකටද?
අනාචාරයේ යෙදෙන ස්ත්‍රියකගේ ළය වැලඳගන්නේ මොකටද?+
23 කෙළවරක් නැති මෝඩකම් නිසා එයා නොමඟ යයි.
හික්මවීම් පිළිගන්නේ නැති නිසා එයා මිය යයි.