යෙරෙමියා
38 යෙරෙමියා සෙනඟට කියපු දේවල් මත්තාන්ගේ පුතා වුණ ෂෙපටියාටයි, පෂ්හූර්ගේ පුතා වුණ ගෙදලියාටයි, ෂෙලෙමියාගේ පුතා වුණ යූකල්ටයි,+ මල්කියාගේ පුතා වුණ පෂ්හූර්ටයි+ ආරංචි වුණා. යෙරෙමියා සෙනඟට මෙහෙම කිව්වා. 2 “යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. ‘කෙනෙක් මේ නගරයට වෙලා හිටියොත් ඔහුට කඩුවෙන්, සාගතයෙන් සහ වසංගතවලින්* මැරුම් කන්න වෙනවා.+ ඒත් කල්දිවරුන්ට යටත් වෙන කෙනාට දිගටම ජීවත් වෙන්න පුළුවන්. ඔහුගේ ජීවිතය වස්තුවක් වගේ ආරක්ෂා කරලා දෙනවා.’+ 3 යෙහෝවා මෙහෙම කියනවා. ‘මේ නගරය අනිවාර්යයෙන්ම බැබිලෝනියේ රජගේ හමුදාව අතට භාර දෙනවා. ඔහු මේ නගරය අල්ලගන්නවා.’”+
4 අධිපතීන් රජට මෙහෙම කිව්වා. “ඒ වගේ දේවල් කියලා එයා මේ නගරේ ඉතුරු වෙලා ඉන්න සෙබළු ටිකයි, මිනිස්සුන්වයි අධෛර්යය කරනවා. ඒ මනුස්සයාව මරලා දාන්න ඕනේ.+ එයාට ඕනෙ සෙනඟට හොඳක් කරන්න නෙමෙයි. එයා බලාගෙන ඉන්නේ සෙනඟ විනාශ වෙන කල්.” 5 ඉතින් ශෙදකියා රජ එයාලට මෙහෙම කිව්වා. “ඔබ කැමති දෙයක් එයාට කරන්න. ඔබට විරුද්ධ වෙන්න මට බැහැ.”
6 ඊටපස්සේ අධිපතීන් යෙරෙමියාව රජගේ පුතා* වුණ මල්කියාට අයිති ළිඳකට* දැම්මා. ඒ ළිඳ තිබුණේ මුරකරුගේ මළුවේ.+ එයාලා කඹවලින් යෙරෙමියාව ළිඳට බැස්සුවා. ඒ ළිඳේ වතුර තිබුණේ නැහැ. ඒකේ තිබුණේ මඩ විතරයි. ඉතින් යෙරෙමියා මඩේ එරෙන්න පටන්ගත්තා.
7 අධිපතීන් යෙරෙමියාට කරපු දේ ගැන රජමාලිගාවේ නිලධාරියෙක්* වුණ ඉතියෝපියානු ජාතික ඒබෙද්මෙලෙක්ට+ ආරංචි වුණා. ඒ වෙලාවේ රජ බෙන්ජමින් දොරටුව+ ළඟ වාඩි වෙලයි හිටියේ. 8 ඒබෙද්මෙලෙක් රජමාලිගාවෙන් එළියට ගිහින් රජව හම්බ වෙලා රජට මෙහෙම කිව්වා. 9 “මගේ ස්වාමීන් වන රජතුමනි, මේ කට්ටිය අනාගතවක්තෘ යෙරෙමියාට කරලා තියෙන්නේ හරිම දුෂ්ට දෙයක්. එයාලා යෙරෙමියාව ළිඳකට දාලා. සාගතේ නිසා එයා බඩගින්නේ මැරිලා යයි. මොකද නගරේ කොහෙවත් රොටි හොයාගන්න නැහැ.”+
10 එතකොට රජ ඉතියෝපියානු ජාතික ඒබෙද්මෙලෙක්ට මෙහෙම අණ කළා. “අනාගතවක්තෘ යෙරෙමියා මැරෙන්න කලින් මෙහේ ඉන්න මිනිස්සු 30දෙනෙක්ව අරගෙන ගිහින් එයාව ළිඳෙන් එළියට ගන්න.” 11 ඉතින් ඒබෙද්මෙලෙක් මිනිස්සුන්වත් අරගෙන රජමාලිගාවේ භාණ්ඩාගාරයට පහළින් තිබුණ කාමරයකට+ ගිහින් පරණ රෙදි කෑලි සහ වැරහැලි ටිකක් අරගත්තා. ඊටපස්සේ ඒවා කඹවලින් යෙරෙමියා හිටපු තැනට බැස්සුවා. 12 ඉතියෝපියානු ජාතික ඒබෙද්මෙලෙක් යෙරෙමියාට මෙහෙම කිව්වා. “කඹයට කැපෙන්නේ නැති වෙන්න ඔය රෙදි කෑලියි, වැරහැලියි ඔයාගේ කිහිලි යටින් තියාගන්න.” යෙරෙමියා එහෙම කළා. 13 ඊටපස්සේ එයාලා කඹවලින් ඇදලා යෙරෙමියාව ළිඳෙන් එළියට ගත්තා. යෙරෙමියාව දිගටම මුරකරුගේ මළුවේ රඳවලා තිබ්බා.+
14 ශෙදකියා රජ අනාගතවක්තෘ යෙරෙමියාව යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තුන්වෙනි දොරටුව ළඟට ගෙන්නගත්තා. රජ යෙරෙමියාට මෙහෙම කිව්වා. “මට දෙයක් අහන්න තියෙනවා. කිසි දෙයක් හංගන්නේ නැතුව මට හැම දෙයක්ම කියන්න.” 15 එතකොට යෙරෙමියා ශෙදකියාට මෙහෙම කිව්වා. “මං හංගන්නේ නැතුව හැම දෙයක්ම ඔබට කිව්වොත් ඔබ අනිවාර්යයෙන්ම මාව මරලා දානවා. මං ඔබට උපදෙස් දුන්නත් ඔබ ඒක පිළිගන්නේ නැහැ.” 16 ඉතින් ශෙදකියා රජ යෙරෙමියාට රහසින් දිවුරලා මෙහෙම පොරොන්දු වුණා. “මං ඔයාව මරන්නේ නැහැ. ඔයාව මරන්න හොයන මේ මිනිස්සුන්ගේ අතට ඔයාව අල්ලලා දෙන්නෙත් නැහැ. අපිට ජීවිතේ දුන්න ජීවමාන දෙවි වන යෙහෝවා ඉස්සරහා දිවුරලා මං ඒක කියනවා.”
17 එතකොට යෙරෙමියා ශෙදකියාට මෙහෙම කිව්වා. “ස්වර්ගයේ සේනාවල දෙවියන් වන ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවා මෙහෙම කියනවා. ‘ඔබ බැබිලෝනියේ රජගේ අධිපතීන්ට යටත් වුණොත් ඔබේ ජීවිතය බේරෙයි. මේ නගරයට ගිනි තියලා ඒක පුච්චලා දාන්නෙත් නැහැ. ඔබත් ඔබේ පවුලේ අයත්* ආරක්ෂා වෙයි.+ 18 ඒත් ඔබ බැබිලෝනියේ රජගේ අධිපතීන්ට යටත් වුණේ නැත්නම් මේ නගරය කල්දිවරුන්ගේ අතට භාර දෙනවා. ඔවුන් මේ නගරයට ගිනි තියලා ඒක පුච්චලා දානවා.+ ඔබටත් ඔවුන්ගේ අතින් බේරෙන්න ලැබෙන්නේ නැහැ.’”+
19 එතකොට ශෙදකියා රජ යෙරෙමියාට මෙහෙම කිව්වා. “කල්දිවරුන්ට භාර වුණ යුදෙව්වන් නිසා මට බයක් දැනෙනවා. මාව එයාලාගේ අතට අල්ලලා දුන්නොත් එයාලා මට කුරිරු විදිහට සලකයි කියලා මට බයයි.” 20 ඒත් යෙරෙමියා ශෙදකියා රජට මෙහෙම කිව්වා. “ඔබව එයාලාගේ අතට අහු කරලා දෙන්නේ නැහැ. අනේ, යෙහෝවාගේ හඬට කීකරු වෙලා මං කියන දේ කරන්න. එහෙම කළොත් ඔබට කිසි කරදරයක් වෙන්නේ නැහැ. ඔබට දිගටම ජීවත් වෙන්න පුළුවන් වෙයි. 21 ඒත් ඔබ කල්දිවරුන්ට යටත් වෙන්නේ නැත්නම් වෙන දේ ගැන යෙහෝවා මට හෙළි කළා. 22 බලන්න! යූදාවල රජමාලිගාවේ ඉතුරු වෙලා ඉන්න ස්ත්‍රීන් හැමෝවම බැබිලෝනියේ රජගේ අධිපතීන් ඉස්සරහට ගෙනියනවා.+ ඔවුන් මෙහෙම කියයි.
‘ඔබ විශ්වාසය තියපු පුරුෂයන් ඔබව රැවැට්ටුවා. ඔවුන් ඔබට වඩා ශක්තිමත් කියලා පෙන්නුවා.+
ඔවුන් ඔබේ පාද මඩේ එරෙන්න සැලැස්සුවා.
දැන් ඔවුන් ඔබව අතහැරලා.’
23 ඔවුන් ඔබේ භාර්යාවන් සහ පුතුන් හැමෝවම කල්දිවරුන් ඉස්සරහට අරගෙන යනවා. ඔබට ඔවුන්ගේ අතින් බේරෙන්න ලැබෙන්නේ නැහැ. බැබිලෝනියේ රජ ඔබව අල්ලගන්නවා.+ ඔබ නිසා මේ නගරයට ගිනි තියලා ඒක අළු කරලා දානවා.”+
24 එතකොට ශෙදකියා යෙරෙමියාට මෙහෙම කිව්වා. “මේ දේවල් ගැන වෙන කාටවත් කියන්න එපා. කිව්වොත් ඔයාට මැරුම් කන්න වෙයි. 25 මම ඔයාත් එක්ක කතා කළා කියලා අධිපතීන්ට ආරංචි වෙලා එයාලා ඇවිත් ඔයාගෙන් මෙහෙම අහන්න පුළුවන්. ‘ඔයා රජතුමාට මොනවාද කිව්වේ? කිසිම දෙයක් අපෙන් හංගන්න එපා. අපි ඔයාව මරන්නේ නැහැ.+ රජතුමා ඔයාට මොනවාද කිව්වේ කියලා අපිට කියන්න.’ 26 එතකොට ඔයා එයාලට මෙහෙම කියන්න. ‘මම රජතුමාගෙන් ඉල්ලීමක් කළා. යෙහොනාතාන්ගේ ගෙදරට මාව ආපහු යවන්න එපා කියලා මං ඉල්ලුවා. මොකද එහෙට ගියොත් මං මැරෙයි.’”+
27 පස්සේ අධිපතීන් හැමෝම යෙරෙමියා ළඟට ඇවිල්ලා එයාගෙන් ප්‍රශ්න කරන්න පටන්ගත්තා. එතකොට රජ කියන්න කියලා අණ කරපු විදිහටම යෙරෙමියා හැම දෙයක්ම එයාලට කිව්වා. ඉතින් එයාලා ආයේ මුකුත් යෙරෙමියාගෙන් අහන්න ගියේ නැහැ. මොකද යෙරෙමියා එක්ක රජ කතා කරපු දේවල් ගැන කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. 28 යෙරුසලම යටත් කරගත්ත දවස වෙන කල්ම යෙරෙමියාව මුරකරුගේ මළුවේ රඳවලා තිබ්බා.+ කල්දිවරු යෙරුසලම යටත් කරගද්දීත් යෙරෙමියා හිටියේ එතනයි.+