ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්.
2 හැම දවාලකම ඒවායින් නැඟෙන ප්රශංසා හඬ රැව් පිළිරැව් දෙයි.
හැම රාත්රියකම ඒ නිර්මාණ ඔහුගේ දැනුම ගැන කියාපායි.
3 ඒවා කතා කරන්නෙවත් වචනයක් පිට කරන්නෙවත් නැහැ.
ඒවායින් කිසිම හඬක් ඇහෙන්නෙත් නැහැ.
දෙවියන් හිරු වෙනුවෙන් අහස්තලයේ කූඩාරමක් හදලා තියෙනවා.
5 හිරු කුමරු, විවාහ යහනෙන් පිබිදී එන මනාලයෙක් වගෙයි.
තරඟයක් දුවන්න නොඉවසිල්ලෙන් බලන් ඉන්න ධාවකයෙක් වගෙයි.
6 හිරු, අහසේ එක් කෙළවරකින් නික්ම ඇවිත්
අනිත් කෙළවරින් තම ගමන අවසන් කරනවා.+
හිරුරැස් නොවැටෙන තැනක් නැහැ.
7 යෙහෝවාගේ නීතිය පරිපූර්ණයි.+ දුර්වල කෙනාව සවිමත් කරයි.*+
යෙහෝවාගේ සිහිගැන්වීම් විශ්වාසවන්තයි.+ අද්දැකීම් අඩු කෙනාට ප්රඥාව දෙයි.+
9 යෙහෝවා ගැන ගරුබියක්+ ඇති වෙන එක හැම අතින්ම පවිත්රයි.*
ඒ ගරුබිය සදහටම පවතිනවා.
යෙහෝවා දෙන තීන්දු නිවැරදියි. ඒවාවල කිසිම දෝෂයක් නැහැ.+
10 ඒ හැම දේම රන්වලටත් වඩා වටිනවා.
පවිත්ර රන් සාගරයක්වත් ඒ තරම් වටින්නේ නැහැ.+
ඒවා මීපැණිවලට වඩා රසවත්.+
මීවදයෙන් වෑස්සෙන මීපැණිවත් ඒ තරම් මිහිරි නැහැ.
12 තමන් කරන හැම වරදක්ම තේරුම්ගන්න පුළුවන් කාටද?+
දෙවියනි, නොදැනුවත්ව මගේ අතින් වුණ වැරදිවලට මට සමාවෙන්න.