පළවෙනි රාජාවලිය
9 සලමොන් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහයත් රජමාලිගාවත්+ එයා ගොඩනඟන්න ආසාවෙන් හිටපු හැම දෙයක්මත් හදලා ඉවර කළාට පස්සේ+ 2 දෙවෙනි සැරේටත් යෙහෝවා එයාට දර්ශනය වුණා. ඒ වතාවේදීත් දෙවියන් එයාට දර්ශනය වුණේ ගිබියොන්වලදී+ වගේමයි. 3 යෙහෝවා එයාට මෙහෙම කිව්වා. “මං ඉස්සරහා ඔයා කරපු යාච්ඤාවටයි, කන්නලව්වටයි මම ඇහුම්කන් දුන්නා. ඔයා හදපු මේ ගෘහය මං විශේෂ තැනක් විදිහට තෝරගත්තා. ඒ නිසා මේ ගෘහයේදී මගේ නම හැමදාටම ගෞරවයට පත් වෙනවා.+ මම මේ ගෘහය රැකබලා ගන්නවා. ඒක හැමදාටම මගේ මතකයේ තියෙනවා.+ 4 මං ඔයාට අණ කරපු හැම දේකටම කීකරු වෙලා+ ඔයාත් ඔයාගේ තාත්තා වුණ දාවිත් වගේ+ මුළු හදවතින්ම මගේ මඟ පෙන්වීම් පිළිපදින්න.+ මං ඉස්සරහා නිර්දෝෂ ජීවිතයක් ගත කරන්න.+ මගේ නියෝගවලට සහ තීන්දුවලට කීකරු වෙන්න.+ 5 ඔයා එහෙම කරනවා නම් මං ඔයාගේ රජකම ස්ථිර කරලා ඔයාගෙන් පැවතෙන අයට ඊශ්‍රායෙල්වරුන්ව හැමදාටම පාලනය කරන්න අවස්ථාව දෙනවා. ‘ඊශ්‍රායෙල් දේශයේ රජකම හැමදාමත් ඔයාගේ පෙළපතට ලැබෙයි’+ කියලා මං ඔයාගේ තාත්තා වුණ දාවිත්ට දුන්න පොරොන්දුව ඒ විදිහටම ඉටු කරනවා. 6 ඒත් ඔයායි, ඔයාගේ සෙනඟයි, ඔයාලාගේ පුතාලයි මගෙන් ඈත් වෙලා ගිහින් මං ඔයාලට දුන්න අණපනත් කඩ කරලා වෙනත් දෙවිවරුන් ඉස්සරහා වැඳ වැටිලා එයාලට නමස්කාර කළොත්+ 7 මං දුන්න දේශයෙන් ඊශ්‍රායෙල්වරුන්ව පන්නලා දානවා.+ මගේ නමට ගෞරවයක් ගේන්න මං තෝරගත්ත මේ ගෘහය මං අත්හරිනවා. මං ඒක දිහා බලන්නෙවත් නැහැ.+ එතකොට අනිත් ජාතීන් ඊශ්‍රායෙල්වරුන්ව විහිළුවකට අරගෙන* එයාලට හිනා වෙයි.+ 8 මේ ගෘහයත් නටබුන් ගොඩක් වෙයි.+ ඒක පහු කරගෙන යන හැමෝම පුදුමයෙන් ඒක දිහා බලලා අපහාසෙට* මෙහෙම අහයි. ‘මේ දේශයටයි, මේ ගෘහයටයි යෙහෝවා දෙවියන් මේ වගේ දෙයක් කළේ ඇයි?’+ 9 එතකොට එයාලා මෙහෙම කියයි. ‘ඊශ්‍රායෙල්වරු එයාලාගේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් නිදහස් කරගෙන ආපු එයාලාගේ දෙවි වන යෙහෝවාව අත්හැරියා. එයාලා හරිම ආසාවෙන් වෙනත් දෙවිවරු පස්සේ ගිහින් ඒ දෙවිවරු ඉස්සරහා වැඳ වැටිලා එයාලට නමස්කාර කළා. ඒ හින්දා තමයි යෙහෝවා දෙවියන් එයාලට මේ ඔක්කොම කරදර ගෙනාවේ.’”+
10 සලමොන්ට යෙහෝවා දෙවියන්ගේ ගෘහය සහ රජමාලිගාව හදන්න අවුරුදු 20ක් ගියා.+ 11 ඊටපස්සේ සලමොන් තීර්වල රජ වුණ හීරාම්ට+ ගලීල දේශයේ තිබුණ නගර 20ක් දුන්නා. මොකද හීරාම් සලමොන් රජට දේවදාර ලී සහ ජුනිපර් ලී වගේම ඇති තරම් රත්තරන් සපයලා තිබුණා.+ 12 සලමොන් දුන්න නගර බලන්න හීරාම් තීර්වල ඉඳන් ආවා. ඒත් එයා ඒ නගර ගැන එච්චර සතුටු වුණේ නැහැ. 13 එයා සලමොන්ට මෙහෙම කිව්වා. “මගේ සහෝදරයා, ඔබ මට දීලා තියෙන මේ නගරවලින් ඇති වැඩේ මොකක්ද?” ඒ නිසයි අද වෙන කල්ම ඒ නගරවලට කාබුල් දේශය* කියලා කියන්නේ. 14 ඔය අතරේ හීරාම් සලමොන් රජට රත්තරන් තලෙන්ත* 120ක් එව්වා.+
15 සලමොන් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහයයි,+ රජගේ මාලිගාවයි, මිල්ලෝ කියන ගොඩැල්ලයි,*+ යෙරුසලමේ පවුරයි, හාෂොර්,+ මෙගිද්දෝ+ සහ ගෙෂෙර්+ කියන නගරයි හදන්න සේවකයන්ව බඳවගත්තා. ඒ ගැන විස්තර පහළින් තියෙනවා.+ 16 (ඊජිප්තුවේ රජ වුණ පාරාවෝ ගෙෂෙර් නගරය අල්ලගෙන ඒක පුච්චලා දැම්මා. එහේ හිටපු කානානිවරුන්වත්+ එයා මරලා දැම්මා. ඊටපස්සේ පාරාවෝ ඒක සලමොන්ගේ බිරිඳ වුණ එයාගේ දුවට+ දෑවැද්දක්* විදිහට දුන්නා.) 17 සලමොන් ගෙෂෙර් නගරය සහ පහළ බෙත්හෝරොන්+ නගරය ආයෙත් ගොඩනැඟුවා.* 18 සලමොන් බාලාත්+ නගරය, එයාට අයිති දේශයේ පාළුකරයේ තිබුණ තාමර් නගරය වගේම 19 එයාට අයිති ගබඩා නගර, අශ්ව රථ ගාල් කරපු නගර සහ අසරුවන්ව පදිංචි කරවපු නගර+ ගොඩනැඟුවා. සලමොන් යෙරුසලමෙයි, ලෙබනොන්වලයි, එයාගේ පාලනය යටතේ තිබුණ හැම ප්රදේශයකමයි එයා කැමති හැම දෙයක්ම ගොඩනැඟුවා. 20 ඊශ්‍රායෙල් ජාතියට අයිති නැති අමෝරිවරුන්ගෙන්, හිත්තීවරුන්ගෙන්, පෙරිස්සිවරුන්ගෙන්, හිවීයවරුන්ගෙන් සහ යෙබූසිවරුන්ගෙන්+ ඉතුරු වුණ සෙනඟක් හිටියා.+ 21 ඊශ්‍රායෙල්වරුන්ට දේශයෙන් පන්නලා දාන්න බැරි වුණ අයගෙන් තමයි එයාලා පැවත එන්නේ. සලමොන් ඒ හැමෝවම මෙහෙකාරකමට ගත්තා. එයාලා අද වෙන කල්ම මෙහෙකාරකම් කරනවා.+ 22 ඒත් සලමොන් ඊශ්‍රායෙල්වරුන්ගෙන් කිසිම කෙනෙක්ව මෙහෙකාරකමට ගත්තේ නැහැ.+ එයාලා සලමොන්ගේ යුධ භටයන්, සේවකයන්, අධිපතීන්, හමුදාවේ නිලධාරීන්, අශ්ව රථ පදවන්නන්ගේ සහ අසරුවන්ගේ ප්‍රධානීන් විදිහට සේවය කළා. 23 සලමොන් අණ කරපු වැඩ බලාගත්ත ප්‍රධානීන්ට ඉහළින් තව ප්‍රධානීන් 550දෙනෙක් හිටියා. වැඩ කරපු හැමෝවම අධීක්ෂණය කළේ එයාලයි.+
24 දාවිත්ගේ නුවරේ+ හිටපු පාරාවෝගේ දුව,+ එයා වෙනුවෙන් සලමොන් හදපු මාලිගාවේ පදිංචියට ගියා. ඊටපස්සේ සලමොන් මිල්ලෝ ගොඩැල්ල හැදුවා.+
25 සලමොන් දේවමාලිගාව හදලා ඉවර කළා. එයා යෙහෝවා වෙනුවෙන් හදපු පූජාසනය උඩ අවුරුද්දකට තුන් පාරක්+ දවන පූජා සහ හවුල් පූජා ඔප්පු කළා.+ ඒ විදිහට එයා යෙහෝවා ඉස්සරහා තිබුණ පූජාසනය උඩ දුම ඉහළට නඟින විදිහට පූජා ඔප්පු කළා.+
26 සලමොන් රජ එෂියොන්ගෙබෙර්වලදී+ නැව් විශාල ප්‍රමාණයක් හැදුවා. එෂියොන්ගෙබෙර් තියෙන්නේ ඒදොම් දේශයේ රතු මුහුදේ වෙරළ තීරයේ තියෙන ඒලොත් ළඟ.+ 27 හීරාම් රජ සලමොන් රජගේ සේවකයන් එක්ක ඒ නැව්වල වැඩ කරන්න තමන්ගේ සේවකයන්ව යැව්වා.+ එයාලා අද්දැකීම් තියෙන නාවිකයන්. 28 එයාලා ඕෆීර්වලට+ ගිහින් එහෙන් රත්තරන් තලෙන්ත 420ක් සලමොන් රජට ගෙනාවා.