යෙසායා
31 උදව් ඉල්ලගෙන ඊජිප්තුවට යන අයට මොන තරම් දරුණු විපතක් අද්දකින්න වෙයිද!+
ඔවුන් විශ්වාසය තියන්නේ අශ්වයන් මතයි.+
ගණන් කරන්න බැරි තරම් යුධ රථ තියෙන නිසා ඒවා ගැනත්
බලවත් යුධ අශ්වයන්* ඉන්න නිසා උන් ගැනත් ඔවුන් විශ්වාසය තියනවා.
ඒත් ඔවුන් ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තා ගැන විශ්වාසය තියන්නෙවත්
යෙහෝවා දෙවියන්ගෙන් මඟ පෙන්වීම් පතන්නෙවත් නැහැ.
2 ඒත් ඔහු ඔවුන්ට වඩා ප්‍රඥාවන්තයි. ඔහු විපතක් ගෙනෙයි.
ඔහු කියන දේ ඒ විදිහටම ඉටු කරයි.
දුෂ්ටයන්ගේ වාසස්ථානයට විරුද්ධවත්
වැරදිකරුවන්ට අතහිත දෙන අයට විරුද්ධවත් ඔහු පියවර ගනියි.+
3 ඊජිප්තුවරු නිකම්ම නිකම් මිනිස්සු විතරයි. ඔවුන්ව දෙවියන්ට සමාන කරන්න බැහැ.
ඔවුන්ගේ අශ්වයන් නිකම්ම නිකම් සත්තු විතරයි. ස්වර්ගයෙන් ආපු සේනාවක් නෙමෙයි.+
යෙහෝවා ඔහුගේ අත දිගු කළාම
උදව් දෙන තැනැත්තාත්
උදව් ලබන තැනැත්තාත් වැටිලා යයි.
ඒ හැමෝම එකට විනාශ වෙයි.
4 මොකද යෙහෝවා මට මෙහෙම කිව්වා.
“තරුණ කේශර සිංහයෙක් ගොදුරක් අල්ලගත්තාම ඒක රැකගන්න ඌ ගොරවනවා.
ඌව එළවලා දාන්න එඬේරු විශාල පිරිසක් එකතු කළත්
ඔවුන්ගේ හඬට ඌ බය වෙන්නෙවත්
ඔවුන්ගේ ඝෝෂාවට ඌ ගැස්සෙන්නෙවත් නැහැ.
ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා සියොන් කන්දත් එහි කඳු මුදුනත්
රැකගන්න සටන් කරන්නේ ඒ විදිහටයි.
5 තම පැටව් වටේ පියාසර කරන කුරුල්ලෙක් වගේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා යෙරුසලම ආරක්ෂා කරයි.+
ඔහු ඇය වෙනුවෙන් සටන් කරලා ඇයව බේරගනියි.
ඔහු ඇයව ආරක්ෂා කරලා ඇයව ගලවගනියි.”
6 “ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබ කිසිම ගාණක් නැතුව කැරලිගැහුවා. ඔබ පිටු පාපු ඒ තැනැත්තා ළඟට ආපහු හැරිලා එන්න.+ 7 මට විරුද්ධව වරදක් කරලා රත්තරන් සහ රිදීවලින් ඔබම හදාගත්ත කිසි වැඩකට නැති දෙවිවරුන්ගේ රූප ඒ දවසේදී හැම කෙනෙක්ම අයින් කරනවා.
8 ඇසිරියානුවා කඩුවෙන් මැරුම් කයි. ඒත් ඒ මනුෂ්‍යයෙක්ගේ කඩුවකින් නෙමෙයි.
කඩුවක් ඇවිත් ඔහුව කාලා දායි. ඒත් ඒ මනුෂ්‍යයෙක්ගේ කඩුවක් නෙමෙයි.+
ඒ කඩුවට බයෙන් ඔහු පලා යයි.
ඔහුගේ තරුණයන්ව මෙහෙකාරකමට ගනියි.