හෙබ්‍රෙව්වරුන්ට
8 අපි කියපු දේවල්වල ප්‍රධාන කාරණය තමයි මේක. අපි කතා කරපු විදිහේ උත්තම පූජකයෙක් අපිට ඉන්නවා.+ ඔහු ස්වර්ගයේ ඉන්න උසස්ම තැනැත්තාණන්ගේ සිංහාසනයේ දකුණු පැත්තේ ඉඳගත්තා.+ 2 ඔහු සේවය කරන්නේ* ශුද්ධස්ථානයේ+ සහ සැබෑ කූඩාරමේ. ඒ කූඩාරම හැදුවේ යෙහෝවා* මිසක් මනුස්සයෙක් නෙමෙයි. 3 හැම උත්තම පූජකයෙක්වම පත් කරන්නේ තෑගි පූජා සහ අනිත් පූජා ඔප්පු කරන්නයි. ඉතින් මේ පූජකයාත් පූජාවක් ඔප්පු කරන එක අවශ්‍ය වුණා.+ 4 ඔහු පොළොවේ හිටියා නම් ඔහු පූජකයෙක් වෙන්නේ නැහැ.+ මොකද නීතියේ කියලා තියෙන විදිහට තෑගි පූජා ඔප්පු කරන්න පූජකයන් ඉන්නවා. 5 ඒ පුරුෂයන් කරන පරිශුද්ධ සේවයෙන් ස්වර්ගයේ තියෙන දේවල් නියෝජනය වෙනවා. ඒ සේවයෙන් ස්වර්ගයේ තියෙන දේවල්වල+ ඡායාවක්+ දැකගන්න පුළුවන්. දෙවියන් මෝසෙස්ට කූඩාරම හදන්න ඕනෙ විදිහ ගැන කියද්දී දීපු ආඥාවෙන් ඒක පැහැදිලි වෙනවා. ඔහු කිව්වා “මං ඔයාට කන්දේදී පෙන්නපු සැලැස්මට අනුව ඒ හැම දෙයක්ම සෑදිය යුතුයි”+ කියලා. 6 ඒත් ඊට වඩා උතුම් සේවයක් කරන්න* දැන් යේසුස්ට පවරලා තියෙනවා. මොකද ඔහු තමයි වඩා උතුම් ගිවිසුමක+ මැදිහත්කරු.+ ඒ ගිවිසුම, කලින් දීපු පොරොන්දුවලට වඩා ගොඩක් හොඳ පොරොන්දු මාර්ගයෙන් නීත්‍යනුකූලව ස්ථිර කරලයි තියෙන්නේ.+
7 මුල් ගිවිසුමේ කිසිම අඩුවක් තිබුණේ නැත්නම් දෙවෙනි ගිවිසුමක් අවශ්‍ය වෙන්නේ නැහැ.+ 8 දෙවියන් සෙනඟගේ අඩුවක් දැක්කා කියලා ඔහු කියන මේ දෙයින් පැහැදිලියි. “යෙහෝවා* මෙහෙම කියනවා. ‘බලන්න! මම ඊශ්‍රායෙල් සහ යූදා සෙනඟ එක්ක අලුත් ගිවිසුමක් ඇති කරගන්න කාලයක් ඉදිරියේදී එනවා. 9 ඒත් ඒක ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ඊජිප්තුවෙන් පිටතට ගේන්න+ මම ඔවුන්ගේ අත අල්ලගත්ත දවසේදී ඔවුන් එක්ක ඇති කරගත්ත ගිවිසුම වගේ නෙමෙයි. මං එයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම එයාලා කඩ කරපු නිසා දැන් මං එයාලා ගැන බලන්නේ නැහැ’ කියලා යෙහෝවා* කියනවා.
10 “‘ඒ කාලෙට පස්සේ මම ඊශ්‍රායෙල් සෙනඟ එක්ක මේ ගිවිසුම ඇති කරගන්නවා’ කියලා යෙහෝවා* කියනවා. ‘මම මගේ නීති ඔවුන්ගේ මනසටම දානවා. ඒවා ඔවුන්ගේ හදවතේ ලියනවා.+ මම ඔවුන්ගේ දෙවියන් වෙනවා. ඔවුන් මගේ සෙනඟ වෙනවා.+
11 “‘“යෙහෝවාව* අඳුරගන්න” කියලා කවුරුත් තමන්ගේ රටේ අයටවත් සහෝදරයාටවත් තවත් කියන්නේ නැහැ. මොකද පොඩිම කෙනාගේ ඉඳන් ලොකුම කෙනා වෙන කල් හැමෝම මාව හොඳින් අඳුරගෙන ඉන්නවා. 12 මම ඔවුන්ට දයාව පෙන්නලා ඔවුන් කරපු අධර්මිෂ්ඨ දේවල්වලට සමාව දෙනවා. ඔවුන්ගේ පාප ආයේ මතක් කරන්නේ නැහැ.’”+
13 “අලුත් ගිවිසුමක්” කියලා කියපු එකෙන් පේනවා ඔහු පරණ එක අයින් කළා+ කියලා. දෙයක් පරණ වෙද්දී, දිරලා යද්දී වැඩි දවසක් යන්න කලින් ඒක නැති වෙලාම යනවා.+