ගීතාවලිය
දාවිත් රචනා කරපු ගීතයක්.
110 යෙහෝවා දෙවියන් මගේ ස්වාමීන්ට මෙහෙම කිව්වා.
2 යෙහෝවා ඔබේ රාජ යෂ්ටිය දිගු කර සියොන්වල ඉඳන් ඔබේ පාලන බලය පතුරුවයි.
ඒ අතරේ ඔහු මෙහෙම කියයි. “ඔබේ සතුරන් අතරට ගිහින් ඔවුන්ව යටත් කරගන්න.”*+
3 ඔබේ හමුදාවත් එක්ක ඔබ යුද්ධයට යන* දවසේදී ඔබේ සෙනඟ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙයි.
හිමිදිරි උදෑසන වැටෙන පිනි බිඳු වගේ ඔබේ තරුණයෝ ඔබ වෙතට එයි.
ශුද්ධකමින් සැරසිලා ඉන්න ඔවුන් ඇත්තෙන්ම අලංකාරයි.
4 “ඔබ මෙල්කිසදෙක් වගේ පූජකයෙක් වෙනවා.+
ඔබ සදහටම පූජකයෙක් විදිහට සේවය කරනවා”+ කියලා
යෙහෝවා දිවුරලා පොරොන්දු වුණා.
ඒ තීරණය ඔහු කවදාවත් වෙනස් කරන්නේ නැහැ.*
විශාල දේශයක* පාලකයාව* ඔහු පොඩි කරලා දායි.
7 ඔහු* තමන් යන මඟේ තියෙන දිය පහරකින් පානය කරයි.
ඔහු ජය අත් කරගන්නේ ඒ නිසයි.