හිතෝපදේශ
2 රජෙක් මිනිස්සු තුළ ඇති කරවන බය සිංහයෙක්ගේ ගර්ජනාව වගේ.+
ඔහුව කේන්ති ගස්සන කෙනා තමන්ගෙම ජීවිතය අනතුරේ දාගන්නවා.+
6 තමන් නොසැලෙන ආදරයක් තියෙන කෙනෙක් කියලා හුඟක් අය කියයි.
ඒත් ඇත්තටම විශ්වාසවන්ත කෙනෙක්ව හොයාගන්න පුළුවන් කාටද?
7 ධර්මිෂ්ඨයා දෙවියන්ට විශ්වාසවන්තව ජීවත් වෙනවා.+
ඒ නිසා එයාගේ දරුවොත් සතුටින් ඉන්නවා.+
10 හොර මිනුම් පඩි සහ මිනුම් භාජන* යෙහෝවාට පිළිකුලක්.+
12 ඇසීමට කනත් දැකීමට ඇහැත් හැදුවේ යෙහෝවායි.+
13 ඕනෑවට වඩා නින්දට ආස කෙනා දුප්පතෙක් වෙයි.+
ඒත් අවදියෙන් ඉන්න කෙනාට කෑම කාලා තෘප්තිමත් වෙන්න පුළුවන්.+
14 “අපෝ! මේක එච්චර වටින්නේ නැහැ” කියකිය කෙනෙක් භාණ්ඩයක් මිල දී ගන්නවා.
ඒත් එතනින් ගියාට පස්සේ එයා කරපු දේ ගැන මහ ලොකුවට කියවනවා.+
16 මිනිසෙක් නාඳුනන කෙනෙක්ගේ ණයකට ඇප වෙලා ඉන්නවා නම් ඒ මිනිසාගේ ඇඳුම අරගන්න.+
එයා ඇප වුණේ විදේශික ස්ත්රියක්* වෙනුවෙන් නම් එයාගෙන් ඇපයක් ගන්න.+
19 බොරු කියකිය අපහාස කරන කෙනා තැනින් තැන ගිහින් රහස් හෙළි කරයි.+
ඕපාදූප පතුරුවන්න ආස කෙනා එක්ක ඇසුරු කරන්න එපා.
22 “මම පළිගන්නවා” කියලා කියන්න එපා.+
යෙහෝවා මත බලාපොරොත්තු තියන්න.+ ඔහු ඔයාව බේරගනියි.+
24 කෙනෙක් තියන්න ඕනෙ පියවර පෙන්වලා දෙන්නේ යෙහෝවා.+
තමන් යන්න ඕනෙ මඟ මිනිසෙක් තනියම තේරුම්ගන්නේ කොහොමද?
25 කෙනෙක් දුර දිග බලන්නේ නැතුව “මං මේක කැප කරනවා” කියලා පොරොන්දු වෙලා,+
ඒක ඉටු කරන්න පුළුවන්ද කියලා හිතන්නේ ඊටපස්සේ නම් ඒක එයාට උගුලක් වෙයි.+
27 මිනිසෙක්ගේ කටින් පිට වෙන දේ* යෙහෝවා දල්වපු පහනක් වගේ.
ඒකෙන් එයාගේ ඇතුළාන්තයේ තියෙන හැම දේම හෙළි වෙනවා.
28 නොසැලෙන ආදරේ සහ විශ්වාසවන්තකම රජෙක්ව ආරක්ෂා කරයි.+
ඔහුගේ සිංහාසනය ස්ථිර වෙන්නේ ඔහුගේ නොසැලෙන ආදරේ නිසයි.+