21 රජෙක්ගේ හිත යෙහෝවාගේ අතේ තියෙන දිය පහරක් වගේ.+
ඔහු කැමති කැමති අතට ඒක හරවනවා.+
2 මිනිසෙක්ට එයා කරන හැම දේම හරියි කියලා හිතෙයි.+
ඒත් යෙහෝවා එයාගේ හිත සෝදිසි කරලා බලයි.+
3 යෙහෝවා වැඩියෙන් සතුටු වෙන්නේ
හරි දේ කරන එකෙන් සහ සාධාරණව වැඩ කරන එකෙන් මිසක් පූජාවලින් නෙමෙයි.+
4 උඩඟු ඇස් සහ අහංකාර හිතක් තියෙන එක පාපයක්.
ඒවා දුෂ්ටයන්ට මඟ පෙන්වන පහනක් වගේ.+
5 කඩිසර කෙනාගේ සැලසුම් සාර්ථක වෙයි.+
ඒත් හිතන්නේ බලන්නේ නැතුව හදිස්සියෙන් වැඩ කරන කෙනා දුප්පතෙක් වෙයි.+
6 බොරු කියලා රැස් කරගන්න වස්තුව නැති වෙලා යන මීදුමක් වගේ.
මාරාන්තික උගුලක් වගේ.+
7 දුෂ්ටයෝ යුක්තිය එපා කරනවා.
ඒ නිසා එයාලා කරන දරුණු අපරාධවලින් එයාලම විනාශ වෙනවා.+
8 වරදකට වග කියන්න ඕනෙ කෙනාගේ ක්‍රියා වංකයි.
ඒත් නිර්දෝෂ කෙනාගේ ක්‍රියා අවංකයි.+
9 රණ්ඩුවට බර බිරිඳක් එක්ක එකම ගෙදර ඉන්නවාට වඩා හොඳයි
වහලේ මුල්ලකට වෙලා ජීවත් වෙන එක.+
10 නපුරක් කරන කල් දුෂ්ටයාට ඉවසිල්ලක් නැහැ.+
එයා තමන්ගේ අසල්වැසියාට කිසිම කරුණාවක් පෙන්වන්නේ නැහැ.+
11 සමච්චල් කරන්නාට දඬුවම් කරද්දී අද්දැකීම් අඩු කෙනා ප්‍රඥාවන්ත වෙයි.
අවබෝධය වැඩි කරගද්දී ප්‍රඥාවන්තයා දැනුම් තේරුම් ඇතුව වැඩ කරයි.+
12 ධර්මිෂ්ඨ දෙවියන් දුෂ්ටයන්ගේ නිවස ගැන සෝදිසියෙන් ඉන්නවා.
ඔහු එයාලව විනාශයට ඇදලා දානවා.+
13 අසරණයා උදව් ඉල්ලද්දී ඇස් කන් වහගෙන ඉන්න කෙනාට+
වෙන්නෙත් ඒ දේමයි.
14 රහසින් දෙන තෑග්ගකින් කේන්තිය නැති වෙලා යයි.+
හංගලා දෙන අල්ලසකින් දැවෙන කෝපය නිවිලා යයි.
15 යුක්තිය ඉටු කරන එක ධර්මිෂ්ඨයාට සතුටක්.+
ඒත් නපුරු දේ කරන අයට ඒක පිළිකුලක්.
16 සිහිබුද්ධිය අත්හැරලා යන අයට වෙන්නේ
මිය ගිය අය එක්ක සැතපෙන්නයි.+
17 විනෝදයෙන්ම කල් ගෙවන කෙනා දුප්පතෙක් වෙයි.+
වයින්වලටත් තෙල්වලටත් අධික ආශාවක් තියෙන කෙනා පොහොසතෙක් වෙන්නේ නැහැ.
18 ධර්මිෂ්ඨයාව බේරගන්න දුෂ්ටයාව වන්දියක් විදිහට දෙයි.
අවංක අය වෙනුවට ද්‍රෝහිකම් කරන අයව පැහැරගෙන යයි.+
19 රණ්ඩුවට බර බිරිඳක් එක්ක එකම ගෙදර ඉන්නවාට වඩා
කාන්තාරයක ජීවත් වෙන එක හොඳයි.+
20 ප්‍රඥාවන්තයාගේ නිවස වටිනා වස්තුවලිනුත් තෙල්වලිනුත් පිරිලා.+
ඒත් මෝඩයා තමන්ට තියෙන දේත් නාස්ති කරලා දායි.+
21 හරි දේ කරන්නත් නොසැලෙන ආදරේ පෙන්වන්නත් වෙහෙසෙන අයට
ධර්මිෂ්ඨකමත් ගෞරවයත් ජීවනයත් හිමි වෙයි.+
22 ප්‍රඥාවන්තයාට පුළුවන් බලවත් නුවරක පවුරට නඟින්න.
ඒකේ වැසියන් විශ්වාසය තියලා තියෙන බලකොටු බිඳලා දාන්න.+
23 දිව පාලනය කරගන්න කෙනා අනවශ්‍ය ප්‍රශ්නවලින් බේරෙයි.+
24 හිතන්නේ බලන්නේ නැතුව උඩඟු විදිහට වැඩ කරන කෙනාව හඳුන්වන්නේ
උද්ධච්ච, පුරසාරම් දොඩන කෙනෙක් විදිහටයි.+
25 කම්මැළියා කිසි වැඩක් කරන්න කැමති නැහැ.+
එයාගේ ආශාවන් එයාව මරණයට ළං කරයි.
26 දවස තිස්සේම එයාගේ හිත කෑදරකමින් පිරිලා.
ඒත් ධර්මිෂ්ඨයා පොඩ්ඩක්වත් අදිමදි කරන්නේ නැතුව දෙනවා.+
27 දුෂ්ටයා ඔප්පු කරන පූජා දෙවියන්ට පිළිකුලක්.+
එහෙනම්, දුෂ්ට අරමුණකින් දෙන පූජා ඊට වඩා කොච්චර පිළිකුල්ද!
28 බොරු සාක්ෂිකරුවෙක් විනාශ වෙයි.+
ඒත් හොඳින් සවන් දෙන කෙනාගේ සාක්ෂි ඇත්ත කියලා පිළිගනියි.
29 දුෂ්ටයා බොරු නිර්භීතකමක් මවාපායි.+
ඒත් ස්ථිර මඟක ඇවිදින්නේ ප්‍රතිපත්තිගරුක කෙනායි.+
30 යෙහෝවාගේ කැමැත්තට විරුද්ධව යන්න තරම් ප්‍රඥාවක්වත්
අවබෝධයක්වත් උපදෙසක්වත් කිසි කෙනෙක් ගාව නැහැ.+
31 යුද්ධ කරන දවස වෙනුවෙන් අශ්වයාව පුහුණු කරයි.+
ඒත් ගැලවීම දෙන්නේ යෙහෝවායි.+