ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙත. මික්ටැම්.* “මාව විනාශ කරන්න එපා” කියන තාලයට ගායනා කරන්න. සාවුල්ගෙන් බේරෙන්න ගල් ගුහාවකට පලා ගිය අවස්ථාව ගැන දාවිත් රචනා කරපු ගීයක්.+
57 අනේ දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මට අනුකම්පා කරන්න.
මොකද මං රැකවරණය පතන්නේ ඔබගෙන්.+
කරදර නැති වෙලා යන කල් මං ඔබේ පියාපත් සෙවණේ ඉන්නවා.+
2 උසස්ම දෙවියන්ට මම හඬගසනවා.
මගේ දුක් කරදරවලට අවසානයක් ගේන සැබෑ දෙවියන්ගෙන් මම උදව් ඉල්ලනවා.
3 ඔහු ස්වර්ගයේ ඉඳන් මට උදව් කරලා මාව බේරගන්නවා.+
මාව හපා කන්න හදන මගේ සතුරාට සාර්ථක වෙන්න ඔහු ඉඩ දෙන්නේ නැහැ. (සීලාහ්)
ඔහුගේ නොසැලෙන ආදරයත් විශ්වාසවන්තකමත් පෙන්වලා ඔහු මට උදව් කරයි.+
මට නිදාගන්න වෙලා තියෙන්නේ මාව ගිලගන්න හදන මිනිසුන්
අතරේ.
ඔවුන්ගේ දත් හරියට හෙල්ල සහ ඊතල වගේ.
ඔවුන්ගේ දිව්, තියුණු කඩු වගේ.+
5 දෙවියනි, ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියලා
ස්වර්ගය පුරාම දකින්න සලස්වන්න!
ඔබේ තේජස පොළොව පුරාම විහිදුවන්න!+
ඔවුන් මං යන පාරේ වළක් කපනවා.
ඒත් ඔවුන් කපන වළේ වැටෙන්නේ ඔවුන්මයි.+ (සීලාහ්)
මං සංගීතය වාදනය කරලා දිගටම ඔබට ගී ගයනවා.
8 මං මගේ හිත අවදි කරනවා.
මගේ තත් භාණ්ඩයෙත් වීණාවෙත් හඬ අවදි කරනවා.
මගේ ගී තනුවලින් අරුණාලෝකයත් අවදි කරනවා.+