යෙසායා
1 ආමොෂ්ගේ පුතා වුණ යෙසායා* යෙරුසලමේ සහ යූදාවල සෙනඟ ගැන දැක්ක දර්ශනය+ තමයි මේ. යූදාවල රජවරු+ වුණ උසියා,+ යෝතම්,+ ආහස්+ සහ හෙසකියා+ පාලනය කරපු කාලේදී එයාට මේ දර්ශනය ලැබුණා.
2 ස්වර්ගයේ ඉන්න සියල්ලෙනි, සවන් දෙන්න. පොළොවේ ජීවත් වෙන සියල්ලෙනි, ඇහුම්කන් දෙන්න.+
යෙහෝවා දෙවියන් මේ දේ කියනවා.
3 ගවයා උගේ අයිතිකරුවත්
බූරුවා ඌට කෑම ලැබෙන්නේ කාගෙන්ද කියලත් හොඳින් දන්නවා.
ඒත් ඊශ්‍රායෙල්වරු මාව* අඳුරන්නේ නැහැ.+
මගේ සෙනඟ කිසිම අවබෝධයකින් වැඩ කරන්නේ නැහැ.”
4 පව්කාර ජාතියට ලොකු විපතකට මුහුණ දෙන්න වෙයි.+
ඒ සෙනඟ මොන තරම් නම් වැරදි කළාද!
ඔවුන් දුෂ්ට පිරිසක්. හරිම දූෂිත දරුවෝ.
5 දිගින් දිගටම කැරලිගහන ඔබට පහර දෙන්න තවත් තැනක් ඉතුරු වෙලා තියෙනවාද?+
ඔබේ හිස ලෙඩ වෙලා.
හිත හොඳටම රෝගාතුර වෙලා.+
6 හිස මුදුනේ ඉඳන් දෙපතුල වෙන කල්ම අසනීපයක් නැති තැනක් නැහැ.
7 ඔබේ දේශය පාළුවට ගිහින්.
නගර ගිනිබත් වෙලා.
විදේශිකයෝ ඔබේ ඇස් පනාපිටම දේශය නැති නාස්ති කරනවා.+
ඒක හරියට සතුරන් ආක්‍රමණය කරපු පාළු තැනක් වගේ.+
8 සියොන් දියණිය මිදිවත්තක අත්හැරලා දැම්ම මඩුවක් වගේ.
පිපිඤ්ඤා වත්තක අත්හැරලා දැම්ම පැලක් වගේ.
වටලලා තියෙන නගරයක් වගේ.+
9 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා අපෙන් කීපදෙනෙක්ට හරි බේරෙන්න ඉඩ දුන්නේ නැත්නම්
අපිටත් සොදොම්වලට වුණ දේම වෙයි.
අපි ගොමෝරාවට සමාන වෙයි.+
10 සොදොම්වල+ ඒකාධිපති පාලකයෙනි, යෙහෝවා කියන දේට ඇහුම්කන් දෙන්න.
ගොමෝරාවේ+ ජනයෙනි, අපේ දෙවියන්ගේ නීතියට* සවන් දෙන්න.
11 යෙහෝවා මෙහෙම කියනවා. “ඔබ කොච්චර පූජා ඔප්පු කළත් ඒකෙන් මට කිසිම වැඩක් නැහැ.+
ඔබේ දවන පූජා මට දැන් ඇති වෙලා. ඔබ පූජා කරන බැටළුවන්වයි,+ තර සතුන්ගේ තෙලුයි+ මට දැන් එපා වෙලා.
වස්සන්ගෙවත්+ බැටළු පැටවුන්ගෙවත් එළුවන්ගෙවත්+ ලේ+ මම කොහොමටවත් පිළිගන්නේ නැහැ.
13 කිසිම වැඩකට නැති ධාන්‍ය පූජා ගේන එක නවත්තන්න.
ඔබ ඔප්පු කරන සුවඳ දුම් මට පිළිකුල්.+
ඔබ නව සඳ පායන දවස්,+ සබත් දවස්+ සහ එක්රැස්වීම්+ පවත්වනවා.
මන්තර ගුරුකම්+ කරකර ඔබ පවත්වන එක විශේෂ රැස්වීමක්වත් මට පේන්න බැහැ.
14 ඔබ පවත්වන නව සඳ පායන දවස්, උත්සව මට පිළිකුල්.
ඒවා මට මහ බරක්.
ඒ බර දරාගෙන ඉඳලා මට දැන් හරි මහන්සියි.
17 යහපත් දේ කරන්න ඉගෙනගන්න. යුක්තිය ඉටු කරන්න.+
අනිත් අයට පීඩා කරන අයව නිවැරදි කරන්න.
පියා නැති දරුවා* වෙනුවෙන් සාධාරණය ඉටු කරන්න.
වැන්දඹුව වෙනුවෙන් කතා කරන්න.”+
18 යෙහෝවා දැන් මෙහෙම කියනවා. “එන්න, අපි අතරේ තියෙන ප්‍රශ්නේ විසඳගමු.+
ඔබ කරපු වැරදි රතට රතේ තිබුණත්
ඒවා හිම වගේ සුදු වෙයි.+
ඒ වැරදි තද රතු පාට රෙද්දක් වගේ තිබුණත්
ඒවා සුදු ලොම් වගේ වෙයි.
21 දෙවියන්ට ළැදි වෙලා හිටපු නගරය+ දැන් ගණිකාවක් වෙලා!+
23 ඔබේ පාලකයෝ හරිම මුරණ්ඩුයි. ඔවුන් හොරුන්ගේ මිතුරෝ.+
ඒ හැම කෙනෙක්ම අල්ලස්වලට හරිම ආසයි. දුවන්නේ තෑගි පස්සෙමයි.+
ඔවුන් පියා නැති දරුවාට යුක්තිය ඉටු කරන්නේ නැහැ.
වැන්දඹුවගේ නඩුව ගාණකටවත් ගන්නේ නැහැ.+
24 ඒ නිසා සැබෑ ස්වාමීන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා,
ඊශ්‍රායෙල්වරුන්ගේ බලවත් තැනැත්තා මෙහෙම කියනවා.
“බලන්න! මගේ විරුද්ධවාදීන්ව මම නැති කරලා දානවා.
මගේ සතුරන්ට විරුද්ධව මම පියවර ගන්නවා.+
25 මම ඔබට දඬුවම් කරනවා.
ලෝහ උණු කරලා බොර අයින් කරනවා වගේ මම ඔබේ කුණු අයින් කරනවා.*
හැම අපවිත්රකමක්ම මම අයින් කරනවා.+
ඊටපස්සේ ආයෙත් ඔබව ධර්මිෂ්ඨ නුවර, විශ්වාසවන්ත නගරය කියලා හඳුන්වයි.+
31 බලවන්තයා හණ කෙන්දක් වගෙයි.
ඔහු කරන දේවල් ගිනිපුපුරක් වගෙයි.
ඔහු වගේම ඔහු කරන දේවලුත් ගින්නෙන් විනාශ වෙනවා.
ඒ ගින්න නිවා දමන්න කාටවත් බැහැ.”