හිතෝපදේශ
2 දුප්පතා සහ පොහොසතා අතරේ සමානකමක් තියෙනවා.
ඒ දෙගොල්ලන්ගෙම සැදුම්කරු යෙහෝවායි.+
3 බුද්ධිමත් අය අවදානම දුර තියාම දැකලා ඒකෙන් අයින් වෙනවා.
ඒත් අද්දැකීම් අඩු අය ඒ දිහාවටම ගිහිල්ලා ප්‍රතිඵල* විඳිනවා.
13 “පාරේ සිංහයෙක් ඉන්නවා.
මම එළියට ගියොත් ඌ මාව මරයි” කියලා කම්මැළියා කියයි.+
14 පහත් ජීවිතයක් ගත කරන* ස්ත්‍රියකගේ කට ගැඹුරු වළක් වගේ.+
යෙහෝවා හෙළා දකින කෙනා ඒ වළට වැටෙයි.
16 වස්තුව වැඩි කරගන්න හිතාගෙන දුප්පතාට වංචා කරන කෙනාත්+
පොහොසතාට තෑගි දෙන කෙනාත්
අන්තිමේදී දුප්පතෙක් වෙයි.
17 ප්‍රඥාවන්තයන්ගේ වදන්වලට ඇහුම්කන් දීලා+
මං දෙන දැනුම හිතට ගන්න.+
18 මොකද ඒ වදන් හිතේ තියාගෙන ඉන්න එක ඔයාට සතුටක්.+
එතකොට නිතරම ඒවා ගැන කතා කරන්නත් ඔයා පෙලඹෙයි.+
19 මම අද ඔයාව දැනුවත් කරනවා.
එතකොට යෙහෝවා ගැන ඔයාට ලොකු විශ්වාසයක් ඇති වෙයි.
20 මම උපදෙස් සහ දැනමුතුකම් ඔයාට ලියලා දීලයි තියෙන්නේ.
21 එහෙම කළේ විශ්වාස කරන්න පුළුවන් සත්‍ය වදන් ඔයාට උගන්වන්නයි.
ඔයාව එවපු කෙනා එක්ක සත්‍ය කියමන් බෙදාගන්න ඔයාට පුළුවන් වෙන්නයි.
22 දුප්පතාගේ අසරණකම හේතුවක් කරගෙන එයාගෙන් හොරකම් කරන්න එපා.+
නුවර දොරටුව ළඟ පීඩිතයාට හිරිහැර කරන්නත් එපා.+
23 මොකද යෙහෝවාම එයාලා වෙනුවෙන් කතා කරලා සාධාරණය ඉටු කරලා දෙයි.+
එයාලට වංචා කරපු අයගේ ජීවිත ඔහු නැති කරලා දායි.
24 ඉක්මනින් කේන්ති ගන්න කෙනෙක් එක්ක ඇසුරු කරන්න එපා.
නිතරම කේන්ති ගන්න කෙනෙක් එක්ක කිසි ගනු දෙනුවක් තියාගන්නත් එපා.
26 අතට අත දීලා ණයකට ඇප වෙන්න පොරොන්දු වෙන්න එපා.+
27 ඇපය ගෙවන්න කිසිම දෙයක් ඔයා ගාව නැත්නම්
ණයහිමියා ඔයා නිදාගෙන ඉන්න ඇඳත් අරගෙන යයි.
29 තමන්ගේ වැඩේ දක්ෂ විදිහට කරන කෙනෙක්ව දැකලා තියෙනවාද?
එයා රජවරුන් ඉස්සරහට යයි.+
සාමාන්‍ය අය අතරේ එයාව දකින්න ලැබෙන්නේ නැහැ.