ගීතාවලිය
දාවිත් රචනා කරපු ගීතයක්.
15 යෙහෝවා දෙවියනි, ඔබේ ශුද්ධ කූඩාරමට ඇතුල් වෙන්න පුළුවන් කාටද?*
ඔබේ ශුද්ධ කන්දේ ජීවත් වෙන්න ලැබෙන්නේ කාටද?+
3 ඔහු බොරු පතුරුවලා අනුන්ගේ නමට කැළලක් ඇති කරන්නෙවත්+
තමන්ගේ අසල්වැසියාට කිසිම නරක දෙයක් කරන්නෙවත්+
තමන්ගේ මිතුරාට අපහාස කරන්නෙවත් නැහැ.+
4 පිළිකුල් දේවල් කරන අයව ඔහු කොහොමටවත් ඇසුරු කරන්නේ නැහැ.+
ඒත් යෙහෝවා ගැන ගරුබියක් තියෙන අයට ඔහු ගෞරවයෙන් සලකයි.
ඔහුට පාඩුවක් වුණත් ඔහු දුන්න පොරොන්දු ඒ විදිහටම ඉටු කරයි.+
ඒ වගේ කෙනෙක් කවදාවත් වැටිලා යන්නේ නැහැ.+