යෝබ්
6 එතකොට යෝබ් මෙහෙම කිව්වා.
මං මුහුණ දෙන විපත්ති තරාදියක දාලා මැනලා පෙන්නන්න පුළුවන් නම්
ඒවා මොන තරම්ද කියලා ඔයාට තේරෙයි.
3 ඒවා සාගරයේ තියෙන වැලිවලටත් වඩා බරයි.
මම වියරු වැටුණ කෙනෙක් වගේ කතා කරන එක*+ පුදුමයක්ද?
4 සියලු බලැති දෙවියන්ගේ ඊගස් මගේ ශරීරය පසාරු කරගෙන ගියා.
ඒවායේ විෂ මගේ ශරීරය පුරාම දිව යනවා.+
දෙවියන් මට පහර දෙන නිසා මගේ හිත බියෙන් සලිත වෙලා.
7 ඒ වගේ කෑමවලට මං අත තියන්නෙවත් නැහැ.
ඒවා පිළුණු වෙච්ච කෑම වගේ.
9 දෙවියන් මාව පොඩි කරලා දානවා නම්
ඔහුගේ අත දිගහැරලා මගේ ජීවිතේ නැති කරලා දානවා නම්
ඒක කොයි තරම් හොඳද!+
10 ඒකත් මට සැනසිල්ලක් වෙයි.
කොච්චර ලොකු වේදනාවකින් හිටියත් මගේ හිත සතුටින් ඉපිල යයි.
මොකද ශුද්ධ තැනැත්තාණන්ගේ+ වචනවලට මං පිටු පෑවේ නැහැ.
11 දුක දරාගෙන ඉන්න මට තවත් නම් ශක්තිය නැහැ.+
මට කිසි බලාපොරොත්තුවකුත් නැහැ.
එහෙමනම් මං තවත් ජීවත් වෙලා වැඩක් තියෙනවාද?
12 මං කොහොමද මේ දුක දරාගන්නේ?
මාව හදලා තියෙන්නේ ගල්වලින්ද?
මාව තඹවලින් හැදුවා කියලා හිතුවාද?
13 කාගෙන්වත් උදව්වක් නැතුව, හිතේ හයියක් නැතුව
මං කොහොමද මේ දුක් කන්දරාවෙන් ගොඩ එන්නේ?
15 මගේම සහෝදරයන් ගැන මට කිසිම විශ්වාසයක් නැහැ.*+
එයාලා සීත කාලයේදී ගලා බසින දිය පහරවල් වගේ.
ඒ දිය පහරවල් සැණෙකින් වියළී යනවා.
16 දිය වෙලා යන හිමවලිනුත් මිදුණු ජලයෙනුත් ඒ දිය දහරා පිරී ඉතිරී යනවා.
ඒවා හොඳටම කැලතිලා, මඩ වෙලා.
17 ටික කාලෙකින් ඒවා නොපෙනී යයි.
අව් රශ්මිය නිසා ඒවා වියළී යයි.
18 ඒවාට ස්ථිර ගමන් මඟක් නැහැ.
අන්තිමේදී ඒවා කාන්තාරයට ගිහින් අතුරුදහන් වෙනවා.
20 ඒත් එයාලා ලැජ්ජාවට පත් වුණා.
ඒ තැනට ආවාම එයාලාගේ බලාපොරොත්තු සුන් වුණා.
22 මං ඔයාලාගෙන් කිසිම දෙයක් ඉල්ලුවාද?
ඔයාලාගේ ධනය දීලා මට උදව් කරන්න කියලා මම කිව්වාද?
23 සතුරන්ගෙන් මාව බේරගන්න කියලවත්
මට පීඩා කරන අයගේ අතින් මාව ගලවගන්න කියලවත් මං ඔයාලට කිව්වාද?
25 අවංක වචන හිතට මේ තරම් රිදුම් දෙන්නේ නැහැ.+
ඒත් මාව නිවැරදි කරන්න ඔයාලා කියන වචනවලින් මට කිසි ප්රයෝජනයක් තියෙනවාද?+
26 බලාපොරොත්තු සුන් වෙලා ඉන්න මගේ වචන සුළඟට ගහගෙන යනවා.
එහෙනම් ඇයි ඔයාලා මම කියන දේ විවේචනයට ලක් කරන්නේ?+
28 ඉතින් දැන් මං දිහා බලන්න.
මම ඔයාලාගේ මූණ බලාගෙන බොරු කියයිද?
29 ඔයාලා කියපු දේවල් ගැන ආයෙත් හිතලා බලන්න.
මාව වැරදියට තේරුම්ගන්න එපා. මගේ අතින් කිසිම වරදක් වෙලා නැහැ.