ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්.
40 මම මුළු හිතින්ම යෙහෝවාව විශ්වාස කරලා ඔහු මට උදව් කරන කල් බලන් හිටියා.*
මං උදව් ඉල්ලලා අඬද්දී ඔහුත් මං දිහාවට කන් යොමු කරලා* මට සවන් දුන්නා.+
2 කැලතෙන වතුර තියෙන ගැඹුරු වළක,
මඩ ගොඩක එරෙමින් හිටපු මාව ඔහු බේරගත්තා.
ඔහු මාව ගොඩට අරන් පර්වතයක් උඩ තිබ්බා.
සුරක්ෂිතව ඇවිදින්න පුළුවන් තැනක ඔහු මාව තිබ්බා.
යෙහෝවා මං වෙනුවෙන් කරපු දේ දැක්කාම
හුඟදෙනෙක්ට ඔහු ගැන ගරුබියක් ඇති වෙයි.
ඒ හැමෝම ඔහු ගැන විශ්වාසය තියයි.
4 යෙහෝවා ගැන විශ්වාසය තියන කෙනා සන්තෝෂවත්.
මුරණ්ඩු අයව, බොරුව පස්සේ යන අයව* ඇසුරු නොකරන කෙනා සන්තෝෂවත්.
5 යෙහෝවා මගේ දෙවියනි, ඔබ අපි වෙනුවෙන්
මොන තරම් දේවල් කරලා තියෙනවාද!
ඔබ ගණන් කරන්න බැරි තරම් පුදුම දේවල් කරලා තියෙනවා.+
ඔබ නිතරම හිතන්නේ අපේ යහපත ගැනයි.
ඔබට සමාන කිසිම කෙනෙක් නැහැ.+
ඔබ කරපු හැම දෙයක් ගැනම කියන්න ගියොත්
මට කවදාවත් ඒවා කියලා නිම කරන්න බැරි වෙයි.+
ඒ වෙනුවට ඔබ මගේ දෙසවන් ඇරලා ඔබේ වදන් තේරුම්ගන්න මට උදව් කළා.+
7 ඒ නිසා මම මෙහෙම කිව්වා. “මෙන්න, මම ඇවිත් ඉන්නවා.
අකුළන ලියවිල්ලේ මං ගැන ලියලා තියෙනවා.+
යෙහෝවා දෙවියනි, මම ඒ ගැන දැනුම් නොදී
නිහඬව ඉන්නේ නැහැ+ කියලා ඔබ හොඳින්ම දන්නවා.
10 ඔබේ ධර්මිෂ්ඨකම ගැන මම නොසඟවා කියනවා.
ඔබේ විශ්වාසවන්තකම ගැනත් ඔබ දෙන ගැලවීම ගැනත් මම දැනුම් දෙනවා.
ඔබේ නොසැලෙන ආදරේ ගැනත් ඔබේ සත්‍ය වදන් ගැනත්
විශාල පිරිසක් රැස් වෙලා ඉන්න සභාව මැද මම නොසඟවා කියනවා.”+
11 අනේ යෙහෝවා, මට දයාව පෙන්වන්නේ නැතුව ඉන්න එපා.
ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා හැම මොහොතකම මාව ආරක්ෂා කරන්න.
ඔබේ සත්‍ය වදන්වලින් නිතරම මාව රැකගන්න.+
12 ගණන් කරන්න බැරි තරම් දුක් කරදර මාව වට කරගත්තා.+
මං යන මඟ අවහිර වෙන තරමටම මගේ වැරදි මං ඉස්සරහා ගොඩගැහිලා.+
ඒවා මගේ හිසකෙස්වලටත් වඩා වැඩියි.
ඒ නිසා මං ඉන්නේ හොඳටම අධෛර්යය වෙලා.
යෙහෝවා දෙවියනි, ඉක්මනින්ම මගේ උදව්වට එන්න.+
14 මගේ ජීවිතය නැති කරලා දාන්න හදන හැමෝවම
ලැජ්ජාවටත් නින්දාවටත් පත් කරන්න.
මගේ දුකේදී සතුටු වෙන අයට ලැජ්ජාවෙන් පලා දුවන්න සලස්වන්න.
15 මට හිනා වෙවී සමච්චල් කරන අයව ලැජ්ජාවට පත් කරන්න.
ඔවුන්ට විඳින්න වෙන නින්දාව නිසා ඔවුන්ට ගල් ගැහිලා බලන් ඉන්න සිදු වේවා!
16 ඒත් ඔබට ළං වෙන හැමෝම ප්‍රීති ඝෝෂා නඟනු ලැබේවා!+
ඔබ දෙන ගැලවීම හද පත්ලෙන්ම අගය කරන අය
“යෙහෝවාට ගෞරවය ලැබේවා”+ කියලා නිතරම කියත්වා!
17 මම කාගෙවත් හව්හරණක් නැති දුප්පතෙක්.
අනේ යෙහෝවා, මං දිහා බලන්න.