ආමොස්
9 යෙහෝවා දෙවියන් පූජාසනයට ඉහළින් ඉන්නවා මම දැක්කා.+ ඔහු මට මෙහෙම කිව්වා. “කණුවල මුදුනටම ගහලා ඒවාවල අත්තිවාරම් දෙදරලා යන විදිහට පහර දෙන්න. ඒ හැම කණුවකම උඩ කොටස කපලා දාන්න. බේරුණ හැම කෙනෙක්වම මම කඩුවෙන් මරලා දානවා. පලා යන කිසි කෙනෙක්ට මගෙන් බේරිලා යන්න ලැබෙන්නේ නැහැ.+
2 ඔවුන් පොළොව හාරගෙන ගිහින් ගැඹුරු තැනක* හැංගුණත්
මම ඔවුන්ව එතනින් ඇදලා ගන්නවා.
අහසට නැඟගෙන ගියත්
මම ඔවුන්ව පහතට ඇදලා දානවා.
ඔවුන් මුහුදු පතුලටම ගිහින් හැංගුණත්
ඔවුන්ට දෂ්ට කරන්න කියලා මම මුහුදු සර්පයෙක්ට අණ කරනවා.
4 සතුරන් ඔවුන්ව වෙන දේශයකට අරන් ගියොත්
මම ඔවුන්ව මරලා දාන්න ඔවුන් පස්සෙන් කඩුවක් යවනවා.+
මම ඔවුන් දිහා බලාගෙන ඉන්නවා.
ඒ, ඔවුන්ට ආශීර්වාද කරන්න නෙවෙයි ඔවුන්ව විනාශ කරන්නයි.+
5 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දේශයට* අත තිබ්බාම ඒක දිය වෙලා යයි.+
සියලු වැසියෝ හඬා වැලපෙයි.+
ඊජිප්තුවේ නයිල් ගඟේ වතුර කැලඹිලා පිටාර ගලනවා වගේ
මුළු දේශයම කැලඹිලා පහ වෙලා යයි.+
6 ‘අහස දිගේ පඩි පේළියක් හැදුවේ කවුද?
පොළොවට ඉහළින් තමන්ට වාසස්ථානයක්* හැදුවේ කවුද?
මුහුදේ වතුරට කතා කරලා ඒවා පොළොවට ඇද හැලෙන්න සලස්වන්නේ කවුද?+
ඒ හැම දේම කරන තැනැත්තාගේ නම යෙහෝවා.’+
7 යෙහෝවා මෙහෙම අහනවා ‘ඊශ්‍රායෙල් ජනයෙනි,
ඔබත් මං ඉස්සරහා හැසිරෙන්නේ කූෂ් ජාතිකයන් වගේම නෙවෙයිද?’
‘ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනාවේ මම නෙවෙයිද?+
පිලිස්තිවරුන්ව ක්‍රීට් දූපතෙනුත්+ සිරියානුවන්ව කිර් දේශයෙනුත්+ පිටතට ගෙනාවේ මම නෙවෙයිද?’
8 ‘බලන්න, ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා පව්කාර රාජ්‍යය දිහාම බලාගෙන ඉන්නවා.
ඔහු ඒ රාජ්‍යය සම්පූර්ණයෙන්ම පොළොවෙන් නැති කරලා දානවා.+
ඒත් මම යාකොබ්ගේ පෙළපත සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්නේ නැහැ.’+
එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.
9 ‘මම අණක් නිකුත් කරලා ඊශ්‍රායෙල්වරුන්ව සියලු ජාතීන් අතරේ විසුරුවාහරිනවා.
පෙනේරෙකට ධාන්‍ය දාලා එක ගල් කැටයක්වත්
බිමට වැටෙන්නේ නැති වෙන්න හොලවනවා වගේ
මම ඔවුන්වත් හොලවලා සීසීකඩ යවනවා.+
10 එතකොට මගේ සෙනඟ අතරේ ඉන්න පව්කාරයන් හැමෝම කඩුවෙන් මැරුම් කයි.
“අපිට කිසිම විපතක් වෙන්නේ නැහැ” කියලා කියන හැමෝම මැරුම් කයි.’
11 ‘මම එදාට, බිඳ වැටිලා තියෙන දාවිත්ගේ ගෘහය* ආයෙත් ගොඩනඟනවා.+
ඒකේ කැඩිලා බිඳිලා ගිය තැන් අලුත්වැඩියා කරලා නටබුන් ආයෙත් ගොඩනඟනවා.
මම ආයෙත් ඒක අතීතයේ තිබුණු තත්වයටම ගේනවා.+
12 මම එහෙම කරන්නේ ඒදොම්වරුන්ගෙන් ඉතුරු වෙලා ඉන්න අයවත්+
මගේ නම දරන සියලු ජාතීන්වත් ඔවුන්ට යටත් කරලා දෙන්නයි.’
එහෙම කියන්නේ ඒ හැම දේම ඉටු කරන යෙහෝවා දෙවියන්.
13 යෙහෝවා මෙහෙම කියනවා. ‘ඉස්සරහට මේ වගේ කාලයක් එනවා.
අස්වැන්න කපලා ඉවර වෙන්නත් කලින් මගේ සෙනඟ කෙත හාන්න පටන්ගනියි.
මිදි පාගලා ඉවර කරන්නත් කලින් බීජ පැළ කරන්න පටන්ගනියි.+
කඳු දිගේ අලුත් වයින් ගලාගෙන එයි.+
හෙල්වලිනුත් වයින් වැක්කෙරෙයි.+