ආමොස්
1 තෙකෝවා+ නගරයේ එඬේරුන් එක්ක හිටිය ආමොස්* ලියපු පණිවිඩයයි මේ. එයාට ඒ පණිවිඩය ලැබුණේ දර්ශනයක් මාර්ගයෙන්. ඒක ඊශ්‍රායෙල්වරු ගැන දැක්ක දර්ශනයක්. එයා ඒ දර්ශනය දැකපු කාලේ යූදා දේශයේ රජ වෙලා හිටියේ උසියා.+ ඊශ්‍රායෙල් දේශයේ රජ වෙලා හිටියේ යෝවාෂ්ගේ+ පුතා වුණ යෙරොබොවම්.+ ආමොස්ට ඒ පණිවිඩය ලැබුණේ භූමිකම්පාවට අවුරුදු දෙකකට කලින්.+ 2 ආමොස්ට ලැබුණු පණිවිඩයයි මේ.
“යෙහෝවා සියොන්වල ඉඳන් සිංහයෙක් වගේ ගර්ජනා කරයි.
යෙරුසලමේ ඉඳන් මහත් ශබ්දයකින් කතා කරයි.
එඬේරුන්ට අයිති තණබිම් හඬා වැලපෙයි.
කර්මෙල් කඳු මුදුන වියළී යයි.”+
3 “යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා.
‘“දමස්කයේ වැසියන් තුන් පාරක් කැරලිගැහුවා. හතර පාරක්ම කැරලිගැහුවා.*
ඒ නිසා ඔවුන් ගැන ගත්ත තීරණය මම වෙනස් කරන්නේ නැහැ.
යකඩ ලෑලිවලින් ධාන්‍ය මඩිනවා වගේ ඔවුන් ගිලියද් දේශයේ වැසියන්ට හිරිහැර කළා.+
4 ඒ නිසා මම හසායෙල්ගේ+ මාලිගාවට ගින්නක් එවනවා.
ඒ ගින්නෙන් බෙන්හාදද්ගේ ශක්තිමත් බලකොටු+ අළු වෙලා යනවා.
5 මම දමස්කයේ දොරටුවල අගුල් කඩලා දානවා.+
බිකත්ආවෙන්වල වැසියන්වත්
බෙත්ඒදන් ඉඳන් පාලනය කරන* කෙනාවත් මම විනාශ කරනවා.
සිරියාවේ වැසියන්ව වහලුන් විදිහට කිර් දේශයට අරගෙන යනවා.”+
එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.’
6 යෙහෝවා මෙහෙමත් කියනවා.
‘“ගාසා නගරයේ වැසියන් තුන් පාරක් කැරලිගැහුවා.+ හතර පාරක්ම කැරලිගැහුවා.
ඒ නිසා ඔවුන් ගැන ගත්ත තීරණය මම වෙනස් කරන්නේ නැහැ.
වහලුන් විදිහට අරන් ගිය හැම කෙනෙක්වම+ ඔවුන් ඒදොම්වරුන්ගේ අතට භාර දුන්නා.
7 ඒ නිසා මම ගාසා+ නගරයේ පවුර විනාශ කරන්න ගින්නක් එවනවා.
ඒ ගින්නෙන් ඒකේ ශක්තිමත් බලකොටු අළු වෙලා යනවා.
8 මම අෂ්දොද්+ නගරයේ වැසියන්වත්
අෂ්කෙලොන්+ නගරයේ ඉඳන් පාලනය කරන කෙනාවත් විනාශ කරනවා.
එක්‍රොන්+ නගරයේ වැසියන්ට මම පහර දෙනවා.
ඉතුරු වුණ පිලිස්තිවරුන්වත් මම විනාශ කරනවා.”+
එහෙම කියන්නේ ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවායි.’
9 යෙහෝවා මෙහෙමත් කියනවා.
‘තීර්+ දේශයේ වැසියන් තුන් පාරක් කැරලිගැහුවා. හතර පාරක්ම කැරලිගැහුවා.
ඒ නිසා ඔවුන් ගැන ගත්ත තීරණය මම වෙනස් කරන්නේ නැහැ.
වහලුන් විදිහට අරන් ගිය හැම කෙනෙක්වම ඔවුන් ඒදොම්වරුන්ගේ අතට භාර දුන්නා.
සහෝදරකම නිසා ඇති කරගත්ත ගිවිසුම ඔවුන් අමතක කළා.+
10 ඒ නිසා මම තීර් දේශයේ පවුර විනාශ කරන්න ගින්නක් එවනවා.
ඒ ගින්නෙන් ඒකේ ශක්තිමත් බලකොටු අළු වෙලා යනවා.’+
11 යෙහෝවා මෙහෙමත් කියනවා.
‘ඒදොම් දේශයේ වැසියන් තුන් පාරක් කැරලිගැහුවා.+ හතර පාරක්ම කැරලිගැහුවා.
ඒ නිසා ඔවුන් ගැන ගත්ත තීරණය මම වෙනස් කරන්නේ නැහැ.
ඔවුන් කඩු අරගෙන තමන්ගෙම සහෝදරයන් පස්සේ පන්නගෙන ගියා.+
ඔවුන් වැඩ කළේ කිසි අනුකම්පාවක් නැතුව. ඔවුන් හිතක් පපුවක් නැතුව ලොකු කේන්තියකින්
තමන්ගේ සහෝදරයන්ව ගොදුරක් වගේ දිගින් දිගටම ඉරලා දැම්මා.
ඔවුන් කවදාවත් හිතේ තියෙන වෛරය අයින් කරගන්නේ නැහැ.+
13 යෙහෝවා මෙහෙමත් කියනවා.
‘“අම්මොන්වරු+ තුන් පාරක් කැරලිගැහුවා. හතර පාරක්ම කැරලිගැහුවා.
ඒ නිසා ඔවුන් ගැන ගත්ත තීරණය මම වෙනස් කරන්නේ නැහැ.
ඔවුන් තමන්ගේ දේශ සීමා පුළුල් කරගන්න අදහසින්
ගිලියද් නගරයේ ගැබිනි මව්වරුන්ගේ බඩවල් කපලා දැම්මා.+
14 ඒ නිසා මම රබ්බා නගරයේ පවුරට ගිනි තියනවා.+
ඒ ගින්නෙන් ඒකේ ශක්තිමත් බලකොටු අළු වෙලා යනවා.
ඒ දවස යුධ ඝෝෂා නැඟෙන දවසක්.
චණ්ඩ මාරුතයක් හමන දවසක්.
15 ඔවුන්ගේ රජවත් පාලකයන්වත්* වහලුන් විදිහට අරගෙන යනවා.”+
එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.’