ගීතාවලිය
දාවිත් රචනා කරපු ගීයක්. මස්කිල්.*
4 ඔබ මං ගැන අසතුටින් හිටපු නිසා දිවා රෑ දෙකේම මගේ හිතට ලොකු බරක් දැනුණා.+
ගිම්හානයේ තද අව්වට තෙතමනය වියළී යනවා වගේ මගේ ශක්තියත් නැති වෙලා ගියා. (සීලාහ්)
“මං කරපු වැරදි යෙහෝවා ඉස්සරහා පිළිගන්නවා” කියලා මං කිව්වා.+
එතකොට ඔබ මගේ වැරදිවලට, පව්වලට සමාව දුන්නා.+ (සීලාහ්)
එතකොට මහා ජල කන්දරාවකටවත් ඔවුන් ළඟට යන්න බැහැ.
ඔබ දෙන ගැලවීම නිසා ප්රීති ඝෝෂා මාව වට කරගනියි.+ (සීලාහ්)
8 ඔබ මට මෙහෙම කිව්වා. “යන්න ඕනෙ මාර්ගය මම ඔබට කියලා දෙන්නම්.
9 ඒත් දැනුම් තේරුම් නැති අශ්වයෙක් වගේවත් කොටළුවෙක් වගේවත් වෙන්න එපා.+
උන්ව ඔබ ළඟට ගන්න නම් කටකලියාවක් හරි පටියක් හරි දාලා උන්ව මෙල්ල කරන්න ඕනේ.”
10 දුෂ්ටයන්ට හුඟක් වේදනා විඳින්න වෙනවා.
ඒත් යෙහෝවාව විශ්වාස කරන කෙනාට ඔහුගේ නොසැලෙන ආදරේ අද්දකින්න ලැබෙනවා.+
11 ධර්මිෂ්ඨයෙනි, යෙහෝවා නිසා සතුටින් ඉපිල යන්න.
අවංක හදවත් ඇති සියල්ලෙනි, සතුටින් හඬ නඟන්න.