යෙරෙමියා
30 යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට මේ පණිවිඩය ලැබුණා. 2 “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මං ඔයාට කියන හැම දෙයක්ම ලියවිල්ලක ලියාගන්න. 3 “බලන්න! වහලුන් විදිහට ඉන්න මගේ සෙනඟ වන ඊශ්රායෙල්වරුන්වයි, යූදා සෙනඟවයි මම එකට එකතු කරගන්න කාලයක් එනවා”+ කියලා යෙහෝවා කියනවා. “මම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන්න දේශයට ඔවුන්ව ආපහු ගේනවා. ඔවුන් ඒ දේශය ආයෙත් අයිති කරගන්නවා”+ කියලා යෙහෝවා කියනවා.’”
4 යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ටයි, යූදා සෙනඟටයි කියපු දේවල් තමයි මේ.
5 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා.
“බයෙන් කෑගහන හඬක් අපිට ඇහුණා.
භීතිය හැම තැනම පැතිරිලා. සාමය පේන මානෙකවත් නැහැ.
6 පුරුෂයෙක්ට දරුවෙක්ව බිහි කරන්න පුළුවන්ද කියලා අහලා බලන්න.
එහෙමනම් ශක්තිමත් පුරුෂයන් හැමෝම දරුවෙක් බිහි කරන ස්ත්‍රියක් වගේ
හැමෝගෙම මුහුණු සුදුමැලි වෙලා තියෙන්නේ ඇයි?
7 අනේ, ඒ දවස කොච්චර භයානක දවසක් වෙයිද!+
කවදාවත් ඒ වගේ දවසක් තිබිලා නැහැ.
ඒක යාකොබ්ට දුක් විඳින්න වෙන කාලයක්.
ඒත් ඔහුව ඒකෙන් බේරගන්නවා.”
8 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “ඒ දවසේදී ඔබේ කර පිට තියලා තියෙන වියගහ මම කඩලා දානවා. ඒකේ පටි මම දෙකට කඩනවා. ඊටපස්සේ විදේශිකයන්* ආයේ ඔහුව* දාසකමට ගෙනියන්නේ නැහැ. 9 ඔවුන් තමන්ගේ දෙවි වන යෙහෝවාට සේවය කරයි. ඔවුන්ගේ රජ විදිහට මං පත් කරන දාවිත්ට ඔවුන් සේවය කරයි.”+
මොකද දුර ඈත දේශයකට ගෙනියන ඔබව මම බේරගන්නවා.
වහලුන් විදිහට ජීවත් වෙන ඔබේ දරුවන්ව මම බේරගන්නවා.+
යාකොබ් ආපහු ඇවිත් කරදරයක් නැතුව සැනසිල්ලේ ජීවත් වෙයි.
කවුරුත් ඔවුන්ව බයගන්වන්නේ නැහැ.”+
11 “ඔබව බේරගන්න මම ඔබ එක්කම ඉන්නවා” කියලා යෙහෝවා කියනවා.
12 යෙහෝවා මෙහෙම කියනවා.
“ගොඩ එන්න බැරි විදිහට ඔබ වැටිලා ගිහින්.+
ඔබේ තුවාලය සුව කරන්න බැහැ.
13 ඔබ වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ.
ඔබේ තුවාලය සුව කරන්න විදිහක් නැහැ.
ඔබට කිසිම සුවයක් නැහැ.
14 ඔබේ පෙම්වතුන්ට ඔබව අමතක වෙලා.+
ඔවුන් ආයේ ඔබව හොයාගෙන එන්නේ නැහැ.
මොකද සතුරෙක් පහර දෙනවා වගේ මම ඔබට පහර දුන්නා.+
කුරිරු කෙනෙක් වගේ මම ඔබට දඬුවම් කළා.
මම එහෙම කළේ ඔබ ගොඩක් වැරදි කරපු නිසයි. ඔබ හුඟක් පව්කාර දේවල් කරපු නිසයි.+
15 ඔබේ වැටීම ගැන ඔබ අඬා වැලපෙන්නේ මොකටද?
ඔබට දැනෙන වේදනාව නැති වෙන්නේ නැහැ.
මම මේ දේ ඔබට කළේ ඔබ ගොඩක් වැරදි කරපු නිසයි.+
ඔබ හුඟක් පව්කාර දේවල් කරපු නිසයි.
ඔබව කොල්ල කන අයවත් කොල්ල කනවා.
ඔබට අයිති දේවල් පැහැරගන්න අයව මම කොල්ලකරුවන්ගේ අතට භාර දෙනවා.”+
17 “පන්නලා දැම්ම තැනැත්තියක් විදිහට ඔබව සලකයි.
‘කවුරුත් හොයලා බලන්නේ නැති සියොන්’+ කියලා ඔබව හඳුන්වයි.
ඒත් මම ඔබව සුව කරනවා. ඔබේ තුවාල සනීප කරනවා”+ කියලා යෙහෝවා කියනවා.
18 යෙහෝවා මෙහෙම කියනවා.
“මම ආපහු යාකොබ්ගේ කූඩාරම්වලට ඇවිල්ලා වහලුන්ව එකට එකතු කරගන්නවා.+
ඔහු වාසය කරන තැන්වලට අනුකම්පාව පෙන්නනවා.
නගරය තිබුණ කන්ද මතම ඒක ආපහු ගොඩනඟනවා.+
ඒකේ බලකොටුව තිබුණ තැනම ආපහු ඉදි කරනවා.
19 ස්තුති ගී ගයන හඬත් සතුටින් හිනා වෙන හඬත් ඔවුන් අතරින් ඇහෙයි.+
මම ඔවුන්ව ගණනින් වැඩි කරනවා. ඔවුන්ගේ ගාණ අඩු වෙන්න දෙන්නේ නැහැ.+
මම ඔවුන්ව විශාල සෙනඟක් කරනවා.*
ඔවුන් කුඩා සෙනඟක් වෙන්නේ නැහැ.+
ඔහුට පීඩා කරපු හැමෝටම මම දඬුවම් කරනවා.+
21 ඔහුගෙන්ම පැවතෙන කෙනෙක් ඔහුගේ උත්තමයා වෙනවා.
ඔහුගේ පාලකයා එන්නේ ඔහු අතරින්මයි.
මං ළඟට එන්න ඒ කෙනාට මම අවසර දෙනවා. ඒ කෙනා මං ළඟට එයි.”
“ඇත්තටම මගේ අවසරය නැතුව මං ළඟට එන්න ඉදිරිපත් වෙන්නේ කවුද” කියලා යෙහෝවා අහනවා.
22 “ඔබ මගේ සෙනඟ වෙනවා.+ මම ඔබේ දෙවියන් වෙනවා.”+
23 බලන්න! යෙහෝවාගේ කේන්තිය සුළි කුණාටුවක් වගේ හමාගෙන එනවා.+
ඒක සුළිසුළඟක් වගේ ඇවිත් දුෂ්ටයාගේ ඔළුවට කඩා වැටෙනවා.
අවසාන කාලේදී ඔබ ඒ ගැන තේරුම්ගනියි.+