ආමොස්
3 “ඊශ්‍රායෙල් ජනයෙනි, යෙහෝවා ඔබ ගැන කියපු දේට ඇහුම්කන් දෙන්න. තමන් ඊජිප්තුවෙන් පිටතට ගෙනාපු මුළු ජාතිය ගැනම දෙවියන් මෙහෙම කියනවා.
2 ‘පොළොවේ සියලු ජාතීන් අතරින් මාත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න මම තෝරගත්තේ ඔබව විතරයි.+
ඔබ කරපු හැම වරදකටම ඔබ මට ගණන් දෙන්න ඕනෙ ඒ නිසයි.+
3 දෙන්නෙක් කලින්ම කතා වෙලා මුණගැහෙන්න තීරණය කළේ නැත්නම්* ඒ දෙන්නා එකට ගමනක් යයිද?
4 වනයේ සැරිසරන සිංහයෙක් ගොදුරක් නැති තැන ගර්ජනා කරයිද?
ගොදුරක් අල්ලගත්තේ නැත්නම් ගුහාවක ඉන්න තරුණ සිංහයෙක්* ගොරවයිද?
5 උගුලක් කලින්ම ඇටෙව්වේ නැත්නම්* බිම තියෙන ඒ උගුලට කුරුල්ලෙක් අහු වෙයිද?
උගුලට කිසි දෙයක් අහු වුණේ නැත්නම් ඒක ඉබේටම ගැස්සෙයිද?
6 නගරයක හොරණෑවක් පිඹිද්දී ජනයා කලබල වෙන්නේ නැද්ද?
නගරයේ විපතක් සිද්ධ වුණොත් ඒක වෙන්න සැලැස්සුවේ යෙහෝවා නෙවෙයිද?
7 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා,
ඔහුගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ට
8 සිංහයා ගර්ජනා කරලා තියෙනවා!+ ඒකට බය වෙන්නේ නැත්තේ කවුද?
ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා අණක් දීලා තියෙනවා.
එහෙනම් කිසිම අනාගතවක්තෘවරයෙක් ඒ ගැන දැනුම් නොදී ඉඳියිද?’+
9 ‘අෂ්දොද් නගරයේ බලකොටුවලටත්
ඊජිප්තුවේ බලකොටුවලටත් ගිහින් මෙහෙම දැනුම් දෙන්න.
“සමාරියේ කඳුවලට විරුද්ධව එකතු වෙන්න.+
ඒ දේශය මොන තරම් කැලඹිලාද කියලත්
ඒකේ වංචා දූෂණ මොන තරම් පැතිරිලාද කියලත් බලන්න.+
10 හරි දේ කරන්නේ කොහොමද කියලා ඔවුන් දන්නේ නැහැ.
ඔවුන් තමන්ගේ බලකොටුවල පුරවගෙන තියෙන්නේ
මැරවරකම් කරලා, දේපළ හානි කරලා කොල්ල කාපු දේවල්.”
එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.’
11 ඒ නිසා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා.
‘සතුරෙක් දේශය වට කරගන්නවා.+
ඔහු ඔබේ ශක්තිය නැත්තටම නැති කරලා දානවා.
ඔබේ ශක්තිමත් බලකොටුවල තියෙන හැම වටිනා දෙයක්ම කොල්ල කනවා.’+
12 යෙහෝවා මෙහෙමත් කියනවා.
‘සිංහයෙක්ට ගොදුරු වුණ බැටළුවෙක්ගේ කකුල් දෙකක් හෝ
කනෙන් කොටසක් එඬේරෙක් උදුරලා ගන්නවා වගේ ඊශ්‍රායෙල්වරුන් අතරින් බේරගන්නෙත් ටිකදෙනෙක්ව විතරයි.
සමාරියේ හැඩවැඩ දාපු යහන්වලත් හොඳම අසුන්වලත්* වැතිරිලා ඉන්න ඒ අයගෙන් බේරෙන්නේ ටිකදෙනායි.’+
13 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල දෙවියන් වන යෙහෝවා මෙහෙම කියනවා.
‘මම කියන මේ දේට ඇහුම්කන් දීලා යාකොබ්ගෙන් පැවතෙන්නන්ට ඒ ගැන අනතුරු අඟවන්න.’
14 ‘මොකද ඊශ්‍රායෙල්වරු කැරලිගහලා කරපු හැම වරදකටම,* ඔවුන්ට මට ගණන් දෙන්න වෙනවා.+
ඒ දවස අනිවාර්යයෙන්ම එනවා.
ඔවුන් බෙතෙල්වල හදපු පූජාසන ගැනත් එදාට මට ගණන් දෙන්න වෙනවා.+
මම පූජාසනයේ අං කඩලා දාලා ඒවා බිමට ඇදලා දානවා.+
15 ඔවුන් ශීත කාලයේ ඉන්න හදපු ගෙවලුත් ගිම්හාන කාලයේ ඉන්න හදපු ගෙවලුත් මම කඩලා දානවා.’