හිතෝපදේශ
4 යෙහෝවා තමන්ගේ අරමුණ ඉටු කරගන්න හැම දෙයක්ම යොදාගන්නවා.
විපත්ති දවසේදී දුෂ්ටයන්ව විනාශ කරන්නත් ඔහු නියම කරලා තියෙනවා.+
5 උඩඟු හිත් තියෙන හැමෝම යෙහෝවාට පිළිකුලක්.+
ඔහු එයාලව දඬුවමෙන් නිදහස් කරන්නේ නැහැ කියලා ස්ථිරයි.
6 නොසැලෙන ආදරේ සහ විශ්වාසවන්තකම නිසා වරදට සමාව ලැබෙයි.+
යෙහෝවා ගැන ගරුබියක් තියෙන නිසා කෙනෙක් වැරදි දෙයින් ඈත් වෙයි.+
7 මිනිසෙක්ගේ හැසිරීම ගැන යෙහෝවා සතුටු වෙද්දී
ඔහු ඒ කෙනාගේ හතුරන්ටත් එයා එක්ක සමාදානයෙන් ඉන්න සලස්වනවා.+
10 රජෙක් ප්රකාශ කරන්න ඕනෙ දෙවියන්ගෙන් ලැබෙන තීන්දුවයි.+
එයාගේ කටින් අසාධාරණ තීන්දුවක් පිට වෙන්න හොඳ නැහැ.+
13 ධර්මිෂ්ඨ දේවල් කියන අය ගැන රජවරු සතුටු වෙනවා.
අවංකව කතා කරන අයට එයාලා ආදරෙයි.+
16 ප්රඥාව ලබාගන්න එක රන්වලට වඩා වටිනවා.+
අවබෝධය ලබාගන්න එක රිදීවලට වඩා වටිනවා.+
17 ප්රතිපත්තිගරුක අය වැරදි මාර්ගවලින් ඈත් වෙයි.
තමන් යන මඟ ගැන සෝදිසියෙන් ඉන්න කෙනා ජීවිතය රැකගනියි.+
20 යම් කාරණයකදී වටහාගැනීමේ හැකියාව යොදාගන්න කෙනා සාර්ථක වෙයි.
යෙහෝවා ගැන විශ්වාසය තියන කෙනා සන්තෝෂවත්.
21 ප්රඥාවන්තව හිතන අයව හොඳ අවබෝධයක් තියෙන අය විදිහට පිළිගනියි.+
කාරුණිකව කතා කරන කෙනා දෙයක් පිළිගන්න පුළුවන් විදිහට කියනවා.+
23 ප්රඥාවන්තයා එයාගේ වචන හසුරුවන්නේ වටහාගැනීමේ හැකියාව යොදාගෙනයි.+
දෙයක් පිළිගන්න පුළුවන් විදිහට කතා කරන්න එයාට හැකියාව තියෙනවා.
26 කුලීකරුවෙක් මහන්සි වෙලා වැඩ කරන්නේ කෑම ටිකක් හොයාගන්නයි.
එයා වැඩ කරන්න පෙලඹෙන්නේ එයාගේ බඩගින්න නිසයි.+
28 ප්රශ්න ඇති කරන* කෙනෙක් භේද ඇති කරයි.+
බොරු කියලා අනුන්ට අපහාස කරන කෙනෙක් කිට්ටු යාළුවන්ව වෙන් කරයි.+
29 දරුණු මිනිසෙක් එයාගේ අසල්වැසියාව රවට්ටලා
එයාව වැරදි මඟක අරන් යයි.
30 එයා ඇස්වලින් ඉඟි කරලා දුෂ්ට සැලසුම් යොදයි.
එයා කපටි හිනාවක් පාලා උගුල් අටවයි.