පළවෙනි කොරින්ති
2 සහෝදරයෙනි, මං දෙවියන්ගේ පරිශුද්ධ රහස+ ගැන ඔයාලට කියලා දෙන්න ආපු වෙලාවේ උගත් අය පාවිච්චි කරන ලොකු ලොකු වචන පාවිච්චි කළේ නැහැ.+ මං උගතෙක් කියලා පෙන්නන්න හැදුවෙත් නැහැ. 2 ඉතින් ඔයාලා එක්ක ඉද්දී යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඔහුව වධකණුවක මැරුවා කියන දේ ගැනත් ඇරෙන්න වෙන කිසිම දෙයක් ගැන කතා නොකර ඉන්න මං තීරණය කළා.+ 3 මං ඔයාලා ළඟට එද්දී මට මං ගැන ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ.* මං ආවේ බයෙන් වෙවුල වෙවුල. 4 මං දේශනා කළේ මිනිස්සුන්ගේ හිත් ඇදලා ගන්න, උගත්කම ප්‍රදර්ශනය කරන විදිහේ වචන පාවිච්චි කරලා නෙමෙයි. ඒ වෙනුවට මං කියපු දේවල්වලින් දෙවියන්ගේ බලයට කොයි තරම් දෙයක් කරන්න පුළුවන්ද කියලා පැහැදිලි වුණා.+ 5 ඒ නිසා මිනිස්සුන්ගේ ප්‍රඥාව ගැන විශ්වාසය තියන්නේ නැතුව දෙවියන්ගේ බලය ගැන විශ්වාසය තියන්න ඔයාලට පුළුවන් වුණා.
6 අවබෝධයෙන් වැඩ කරන අය අතරේ ඉද්දී අපිත් ප්‍රඥාව ගැන කතා කරනවා.+ ඒත් අපි කතා කරන්නේ මේ ලෝකේ* ප්‍රඥාව ගැනවත් ඒකේ පාලකයන්ගේ ප්‍රඥාව ගැනවත් නෙමෙයි. එයාලා ළඟදීම නැති වෙලා යනවා.+ 7 අපි කතා කරන්නේ දෙවියන්ගේ ප්‍රඥාව ගැනයි.+ ඒ ප්‍රඥාව පරිශුද්ධ රහසක් විදිහට හංගලයි තිබුණේ. ඒ රහසට ඇතුළත් හැම දෙයක්ම දෙවියන් සැලසුම් කළේ මේ මිනිස් සමාජය බිහි වෙන්නත් කලින්. එහෙම කළේ අපිව තේජසට පත් කරන්නයි. 8 මේ ලෝකේ* ඉන්න එක පාලකයෙක්ටවත් ඒ ප්‍රඥාව ගැන දැනගන්න ලැබුණේ නැහැ.+ එයාලා ඒ ගැන දැනගත්තා නම් අපේ තේජවත් ස්වාමීන්ව මරලා දාන්නේ නැහැ.* 9 ශුද්ධ ලියවිලිවල ලියලා තියෙන මේ දේ ඇත්තක්. “දෙවියන්ට ආදරේ කරන අය වෙනුවෙන් ඔහු ලෑස්ති කරලා තියෙන දේවල් කිසිම කෙනෙක් දැකලවත් අහලවත් ඒ ගැන හිතලවත් තිබුණේ නැහැ.”+ 10 ඒත් දෙවියන් තමන්ගේ බලය+ මාර්ගයෙන් ඒ දේවල් අපිට හෙළි කළා.+ දෙවියන්ගේ බලය හැම දෙයක්ම එළිදරව් කරනවා. දෙවියන් ගැන දන්නේ නැති ගැඹුරු කාරණා පවා එළිදරව් කරනවා.+
11 තව කෙනෙක්ගේ හිතේ තියෙන දේවල් දැනගන්න පුළුවන් කාටද? කෙනෙක්ගේ හිතේ තියෙන දේවල් දන්නේ ඒ කෙනා විතරයි. දෙවියන්ගේ සිතුවිලිත් ඒ වගෙයි. දෙවියන්ගේ බලය නැතුව ඒ සිතුවිලි දැනගන්න කාටවත් බැහැ. 12 අපිත් මේ ලෝකේ මිනිස්සු හිතන, වැඩ කරන විදිහ ප්‍රතික්ෂේප කරලා දෙවියන්ගේ බලය ලබා දෙන මඟ පෙන්වීම් පිළි අරන් තියෙනවා.+ ඒ නිසා දෙවියන් හරිම ආදරෙන් උගන්නන දේවල් තේරුම්ගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. 13 අපි මේ දේවල් කියන්නේ බුද්ධිමත් මිනිස්සුන්ගෙන් ඉගෙනගත්ත වචන පාවිච්චි කරලා නෙමෙයි.+ දෙවියන් එළිදරව් කරන සත්‍යයන් අපි පැහැදිලි කරන්නේ දෙවියන්ගේ බලය අපිට උගන්නලා තියෙන වචන පාවිච්චි කරලයි.+
14 සාමාන්‍යයෙන් මිනිස්සු හිතත විදිහට හිතලා වැඩ කරන කෙනෙක් දෙවියන්ගේ බලය මාර්ගයෙන් එළිදරව් කරන දේවල් පිළිගන්න කැමති නැහැ. එයා හිතන්නේ ඒවා මෝඩ දේවල් කියලා. එයාට ඒවා තේරුම්ගන්නත් බැහැ මොකද කෙනෙක් ඒවා හොයලා බලන්න ඕනෙ දෙවියන්ගේ උදව් ලබාගෙනයි. 15 ඒත් තමන්ට මඟ පෙන්නන්න දෙවියන්ගේ බලයට ඉඩ දෙන කෙනෙක් හැම දෙයක්ම හොඳට කිරලා මැනලා බලනවා.+ හැබැයි ඒ වගේ කෙනෙක්ව විනිශ්චය කරන්න සාමාන්‍ය මනුස්සයෙක්ට බැහැ. 16 ශුද්ධ ලියවිලිවල කියන්නේ “යෙහෝවාගේ* මනස තේරුම්ගත්තේ කවුද? ඔහුට උපදෙස් දෙන්න පුළුවන් කාටද”+ කියලයි. ඒත් අපිට ක්‍රිස්තුස් හිතන විදිහ* තේරුම්ගන්න පුළුවන්.+