හොෂෙයා
7 “මම ඊශ්‍රායෙල් සෙනඟව සුව කරන්න හදන හැම වෙලාවෙම
එෆ්‍රායිම් කරන වැරදි+ සහ සමාරියේ දුෂ්ටකම්+ හෙළි වෙනවා.
ඔවුන්ගේ හිත් වංචාවෙන් පිරිලා.+
ඔවුන් ගෙවල්වලට කඩා පැනලා සොරකම් කරනවා.
මඟ රැකගෙන ඉඳලා කොල්ල කනවා.+
ඔවුන්ගේ දුෂ්ටකම් ඔවුන්ටම උගුලක් වෙලා.
ඒ කිසිම දෙයක් මගෙන් සැඟවිලා නැහැ.
3 රජුගේ හිත සතුටු කරන්න ඔවුන් දුෂ්ට දේවල් කරනවා.
වංචාවෙන් පාලකයන්ගේ හිත් දිනාගන්නවා.
4 ඒ හැමෝම අනාචාරයේ යෙදෙන අය.
ඔවුන් රොටි පුලුස්සන කෙනෙක් අවුළුවන උදුනක් වගේ.
පිටි අනලා ඒක පිපෙන කල් ඔහු බලන් ඉන්න අතරෙත් උදුන දිගටම ඇවිළෙයි.
උදුන කොයි තරම් රත් වෙලාද කියනවා නම් ගින්න තවත් අවුළුවන්න ඕනෙ නැහැ.
සමච්චල් කරන්නන්ට රජුත් එකතු වෙලා.
6 ඇවිළෙන ගිනි උදුන වගේ සෙනඟගේ හිත්වල තියෙන වැරදි ආශාවන් ඔවුන් තුළ දැවිදැවී තියෙනවා.*
රෑ පුරා රොටි පුලුස්සන්නා නිදාගනියි.
උදේ වෙද්දී උදුනේ ගිනිදැල් තව තවත් ඇවිළෙයි.
8 එෆ්‍රායිම් වෙනත් ජාතීන් එක්ක මිතුදම් පවත්වයි.+
ඔහු එක පැත්තක් විතරක් පුච්චපු රොටියක් වගේ.
9 විදේශිකයන් ඔහුගේ බලය බිඳ දැම්මත්+ ඔහු ඒක තේරුම්ගන්නේ නැහැ.
ඔහුගේ හිසකෙස් සම්පූර්ණයෙන්ම සුදු වෙලා තිබුණත් ඔහු ඒ ගැන දන්නෙවත් නැහැ.
10 ඊශ්‍රායෙල්වරුන්ගේ උඩඟු හැසිරීම ඔවුන්ටම විරුද්ධව සාක්ෂි දෙයි.+
ඒත් තවමත් ඔවුන්ගේ දෙවි යෙහෝවා වෙතට ඔවුන් හැරුණේ නැහැ.+
ඒ තරම් දේවල් වෙලත් ඔවුන් දෙවියන්ගෙන් උදව් ඉල්ලුවේ නැහැ.
11 එෆ්‍රායිම් මෝඩ විදිහට හැසිරෙන පරෙවියෙක් වගෙයි.+
ඔහු උදව් ඉල්ලුවේ ඊජිප්තුවෙන්.+ ඔහු ඇසිරියාව පස්සෙත් ගියා.+
12 ඔවුන් කොහේ ගියත් මං එළන දැලෙන් ඔවුන්ට ගැලවෙන්න බැහැ.
අහසේ ඉන්න කුරුල්ලන්ව අල්ලගන්නවා වගේ මම ඔවුන්ව බිමට ඇදලා දානවා.
ඔවුන්ට අනතුරු අඟවලා තිබුණ විදිහටම මම ඔවුන්ට දඬුවම් කරනවා.+
13 මගෙන් ඈත් වෙලා ගිය නිසා ඔවුන්ට ලොකු විපතකට මුහුණ දෙන්න වෙනවා.
මට විරුද්ධව පව් කරපු නිසා ඔවුන් විනාශ වෙනවා.
මං ඔවුන්ව බේරගන්න හැදුවත් ඔවුන් මං ගැන බොරු කිව්වා.+
ඔවුන්ගේ සිරුරු කපාගනිමින් ධාන්‍ය සහ අලුත් වයින් ඉල්ලනවා.
ඔවුන් කරන්නෙම මං අකමැති දේ.
15 ඔවුන්ට හික්මවීම් දීලා මම ඔවුන්ගේ දෑත් සවිමත් කළා.
ඒත් ඔවුන් දුෂ්ට විදිහට කුමන්ත්‍රණය කරලා මට විරුද්ධව වැඩ කරනවා.
16 ඔවුන් යන මඟ වෙනස් කළත් ඔවුන් ගියේ යහපත් මඟකට නම් නෙමෙයි.*
ඔවුන් ඉලක්කයට විදින්න බැරි, පටිය ළිහිල් වුණ දුන්නක් වගෙයි.+
ලැජ්ජාවක් බයක් නැතුව කියන කතා නිසා ඔවුන්ගේ පාලකයෝ කඩුවෙන් මැරුම් කයි.
ඒ නිසා ඔවුන් ඊජිප්තු දේශයේදී නින්දාවට පත් වෙයි.”+