හොෂෙයා
10 “ඊශ්‍රායෙල් නන්නත්තාරේ වැඩෙමින් පල දරන මිදිවැලක් වගෙයි.+
ඔහුගේ පලදාව වැඩි වෙන තරමටම ඔහු පූජාසනත් වැඩි කරගන්නවා.+
දේශයේ අස්වැන්න වැඩි වෙන තරමටම ඔහු බොරු නමස්කාරය වෙනුවෙන් ඉදි කරන කුලුනු
තව තවත් අලංකාර කරගන්නවා.+
2 ඔවුන්ගේ සිත් කුහකකමින් පිරිලා.
දෙවියන් ඔවුන්ගේ වැරදි හෙළි කරනවා.
ඔවුන්ගේ පූජාසන කඩලා දාලා ඔවුන් ඉදි කරපු කුලුනු විනාශ කරනවා.
3 ඔවුන් මෙහෙම කියයි. ‘අපි යෙහෝවා දෙවියන්ට ගරුබිය පෙන්නුවේ නැති නිසා දැන් අපිට රජෙක් නැහැ.+
රජෙක් හිටියත් ඔහුට පුළුවන්ද අපි වෙනුවෙන් කිසිම දෙයක් කරන්න?’
4 ඔවුන් හිස් වචන දොඩනවා. බොරු පොරොන්දු දීලා+ ගිවිසුම් ඇති කරගන්නවා.
කෙතක ලියැදිවල වැඩෙන විෂ පැළෑටි වගේ අයුක්තිය හැම තැනම පැතිරිලා.+
5 බෙත්ආවෙන්වල වසු රූපයට මොනවා වෙයිද කියලා හිතහිත සමාරියේ වැසියන් බය වෙයි.+
ඒකේ තේජස ගැන මහත් ආඩම්බරයෙන් හිටිය
පූජකයනුත් ජනයාත් ඒ ගැන හඬා වැලපෙයි.
මොකද සතුරෝ ඒක පැහැරගෙන යයි.
6 ඒ රූපය ඇසිරියාවේ මහ රජට තෑගි කරයි.+
එතකොට එෆ්‍රායිම් ලැජ්ජාවට පත් වෙයි.
මෝඩ උපදෙස් පිළිපැද්ද නිසා ඊශ්‍රායෙල් ලැජ්ජාවට පත් වෙයි.+
8 ඊශ්‍රායෙල්වරුන්ගේ පාපයට+ හේතු වෙන බෙත්ආවෙන්වල පූජනීය ස්ථාන*+ නැත්තටම නැති වෙලා යයි.+
ඔවුන්ගේ පූජාසන කටු පඳුරුවලින් සහ වල් පැළෑටිවලින් වැහිලා යයි.+
ඔවුන් කඳුවලට ‘අපිව වහගන්න’ කියලත්
හෙල්වලට ‘අපේ ඇඟ උඩට වැටෙන්න’ කියලත් කියයි.+
9 ඊශ්‍රායෙල්වරුනි, ගිබෙයාවල දුෂ්ටකම් කරපු දවසේ ඉඳන් මේ වෙන කල්ම ඔබ පව් කරනවා.+
ඔබ තාමත් ඔබේ වැරදි අත්හැරලා නැහැ.
ගිබෙයාවල දුෂ්ටයන්ට විරුද්ධව යුද්ධ කළත් ඔවුන් හැමෝම විනාශ වෙලා ගියේ නැහැ.
10 මම කැමති වෙලාවට මං ඔවුන්ට දඬුවම් කරනවා.
ජාතීන් ඔවුන්ට විරුද්ධව නැඟී එයි.
එදාට ඔවුන් කරපු අපරාධ දෙකේම බර උසුලගෙන යන්න ඔවුන්ට සිද්ධ වෙනවා.*
11 එෆ්‍රායිම් හිටියේ කරල් පාගන්න පුරුදු කරපු වැස්සියක් වගේ.
ඇය කරල් පෑගුවේ හරිම ආසාවෙන්.
ඒ නිසා මං ඇගේ ප්‍රියකරු ගෙලට බරක් පැටෙව්වේ නැහැ.
ඒත් දැන් ඇගේ පිටේ නැඟලා යන්න මම සතුරෙක්ට ඉඩහරිනවා.+
යූදාට සීසාන්න වෙයි. යාකොබ්ට පස සකසන්න වෙයි.
12 යෙහෝවා වෙතට හැරෙන්න* තාමත් කාලය තියෙනවා.+
ඒ නිසා සරු පසක් තෝරගෙන ඒක හොඳින් සකසන්න.+
ධර්මිෂ්ඨකම නමැති බීජ වපුරලා දෙවියන්ගේ නොසැලෙන ආදරේ නෙළාගන්න.
එතකොට දෙවියන් ධර්මිෂ්ඨකම ගැන තවත් උපදෙස් ඔබට ලබා දෙයි.+
13 ඒත් ඔබ වගා කළේ දුෂ්ටකම.
ඔබ අධර්මිෂ්ඨකම නෙළාගත්තේ ඒ නිසයි.+
ඔබ රවටාගත්තේ ඔබවමයි.
මොකද ඔබ හිතුවේ ඔබ කරන දේවල් හරියි කියලයි.
ඔබ විශ්වාසය තිබ්බේ ඔබේ රණශූරයන් මතයි.
14 ඒ නිසා ඔබේ දේශයෙන් යුධ ඝෝෂා ඇසෙයි.
ෂල්මන් අතින් බෙත්අර්බේල් විනාශ වුණ යුද්ධයේදී
මව්වරුන්වත් දරුවන්වත් පොළොවේ ගහලා මරලා දැම්මා.
බලකොටුවලින් වට වුණ ඔබේ නගර සියල්ලත් ඒ වගේම විනාශ වෙලා යයි.+
15 බෙතෙල් වැසියෙනි, ඔබ කරපු දුෂ්ටකම් ගොඩක් බරපතළයි.
ඒ නිසා ඔබට සිද්ධ වෙන්නෙත් ඒ දේමයි.+ අලුයම වෙද්දී ඊශ්‍රායෙලයේ රජු විනාශ වෙයි.”*+