ගීතාවලිය
3 ඔහු ඔබව කුරුලු දඩයක්කරුගේ දැලෙන් බේරගන්නවා.
මාරාන්තික වසංගතයෙන් ඔබව ගලවගන්නවා.
5 රාත්රියේ සිද්ධ වෙන කිසිම භයානක දේකටවත්+
දවාලේ විදින ඊගසටවත් ඔබ බය වෙන්නේ නැහැ.+
6 ගන අඳුරේ පැතිරිලා යන වසංගතය නිසාවත්
මහ දවාලේ හැම දෙයක්ම නැති නාස්ති කරන විනාශය නිසාවත්
ඔබට බයක් දැනෙන්නේ නැහැ.
8 දුෂ්ටයන් ඔබේ ඇස් පනාපිටම දඬුවම් ලබද්දී
ඔබට තියෙන්නේ ඒ දිහා බලන් ඉන්න විතරයි.
9 මොකද ඔබ “යෙහෝවා දෙවියන් මගේ රැකවරණය” කියලා කිව්වා.
එහෙම කියලා උසස්ම දෙවියන්ව ඔබේ වාසස්ථානය* කරගත්තා.+
10 කිසි විපතක් ඔබ පිටට එන්නේ නැහැ.+
කිසි පීඩාවක් ඔබේ කූඩාරම ළඟටවත් එන්නේ නැහැ.
11 මොකද දෙවියන් ඔහුගේ දූතයන්ට+ ඔබට උදව් කරන්න කියලා අණක් දෙයි.
ඔබ තියන හැම පියවරකදීම ඔබව ආරක්ෂා කරන්න කියලා ඔහු ඔවුන්ට කියයි.+
13 ඔබ තරුණ සිංහයාවත් නාගයාවත් පාගලා දානවා.
කේශර සිංහයාවත් විශාල සර්පයාවත් ඔබේ කකුලෙන් පොඩි කරලා දානවා.+
14 දෙවියන් මෙහෙම කිව්වා. “ඔහු මට හුඟක් ආදරේ* නිසා මං ඔහුව බේරගන්නවා.+
ඔහු මගේ නම ගැන හොඳින් දන්න* නිසා මං ඔහුව ආරක්ෂා කරනවා.+
15 ඔහු මට හඬගසයි. මමත් ඔහුට උත්තර දෙනවා.+
විපත්ති කාලයේදී මම ඔහුත් එක්කම ඉන්නවා.+
ඔහුව බේරගෙන ඔහුව ගෞරවයට පත් කරනවා.