ගීතාවලිය
91 මහෝත්තම දෙවිගේ+ රහස් ස්ථානයේ සිටින්නාට+
සියලු බලැති තැනැත්තාණන්ගේ සෙවණෙහි වාසය කිරීමට හැකි වන්නේය.+
4 ඔබට ළං වීමට කිසිවෙකුට ඉඩ නොදී ඔහුගේ පියාපත්වලින් ඔබව වසාගන්නේය.+
ඔහුගේ පියාපත් සෙවණෙහි ඔබ රැකවරණය ලබන්නෙහිය.+
ඔහුගේ විශ්වාසවන්තකම+ ඔබට විශාල පලිහක්+ මෙන්ද පවුරක් මෙන්ද වන්නේය.
5 රාත්‍රියේ සිදු වන කිසිම භයානක දෙයකට ඔබ භය නොවන්නෙහිය.+
දවාලේ විදින ඊගස+ නිසා ඔබ තැති නොගන්නෙහිය.
6 අඳුරේ පැතිරී යන වසංගතය නිසාවත්+
දවල් කාලයේදී සියල්ල නැති නාස්ති කර දමන විනාශය නිසාවත් ඔබට බියක් නොදැනේ.+
9 ඔබ, “යෙහෝවා දෙවි මාගේ රැකවරණයය”+ කියා පවසමින්
මහෝත්තම දෙවිව ඔබේ වාසස්ථානය කරගත්තෙහිය.+
10 එබැවින් කිසි විපතක් ඔබ පිටට නොපැමිණෙන්නේය.+
කිසි පීඩාවක් ඔබේ කූඩාරමට ළඟා නොවන්නේය.+
11 ඔහු තම දූතයන්ට ඔබව ආරක්ෂා කිරීමට අණ දෙන්නේය.+
එසේය, ඔබ ගන්නා සෑම පියවරකදීම ඔබව ආරක්ෂා කරන ලෙස අණ දෙන්නේය.+
13 තරුණ, කේශර සිංහයාවද නාගයාවද ඔබ පාගා දමන්නෙහිය.+
කේශර සිංහයන්වත් විශාල සර්පයන්වත් ඔබ පාගා දමන්නෙහිය.+
14 දෙවි මෙසේ කීවේය. “ඔහු මට ප්‍රේම කරන නිසා+
මම ඔහුව ගලවාගන්නෙමි.+
ඔහු මාගේ නාමය ගැන දැනගත් බැවින් මම ඔහුව ආරක්ෂා කරන්නෙමි.+