ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. බැත්ෂෙබා එක්ක අනාචාරයේ යෙදුණු දාවිත්ව හම්බ වෙන්න අනාගතවක්තෘ නාතන් ආවාට පස්සේ දාවිත් රචනා කරපු ගීයක්.+
51 අනේ දෙවියනි, ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා මට අනුකම්පා කරන්න.+
ඔබේ දයාව පෙන්වලා මගේ වැරදි මකලා දාන්න.+
ඒ නිසා ඔබ මට කියපු දේ හරි.
ඔබ මට දීපු විනිශ්චය සාධාරණයි.+
8 ආයෙත් ප්රීති ඝෝෂා හඬ අහලා සතුටු වෙන්න මට අවස්ථාව දෙන්න.
10 අනේ දෙවියනි, පිරිසිදු හදවතක් ඇති කරගන්න මට උදව් කරන්න.+
මට ඕනෙ දිගටම ඔබට විශ්වාසවන්තව ඉන්නයි.
ඒ නිසා මං හිතන විදිහ නිවැරදි කරගන්න මට උදව් කරන්න.+
11 අනේ, ඔබ ඉස්සරහින් මාව පන්නලා දාන්න එපා.
ඔබේ බලය මගෙන් අයින් කරන්නත් එපා.
12 ඔබ දෙන ගැලවීම නිසා දැනෙන සතුට අද්දකින්න මට ආයෙත් අවස්ථාව දෙන්න.+
දිගටම ඔබට කීකරු වෙන්න මං තුළ ආශාවක් ඇති කරන්න.
14 මට ගැලවීම දෙන මගේ දෙවියනි,+ අහිංසකයෙක්ගේ ලේ හලපු වරදට මට සමාව දෙන්න.+
එතකොට ඔබේ ධර්මිෂ්ඨ ක්රියා ගැන සතුටින් කතා කරන්න මට පුළුවන් වෙයි.+
16 ඔබට ඕනෙ, පූජාවක් නෙවෙයි කියලා මම දන්නවා.+
එහෙම වුණා නම් මම අනිවාර්යයෙන්ම ඔබට පූජාවක් ඔප්පු කරනවා.
දවන පූජාවකිනුත් ඔබ කිසිම සතුටක් ලබන්නේ නැහැ.+
17 දෙවියනි, ඔබ පූජාවක් විදිහට පිළිගන්නේ බිඳුණු සිතක්.
18 ඔබේ කරුණාව පෙන්වලා සියොන් නුවරට යහපත කරන්න.
යෙරුසලමේ පවුරු ආයෙත් ගොඩනඟන්න.