ගීතාවලිය
තුන්වෙනි කොටස
(ගීතාවලිය 73-89)
ආසාෆ් රචනා කරපු ගීතයක්.+
73 දෙවියන් ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් මොන තරම් යහපත් දේවල් කරලා තියෙනවාද!
පවිත්‍ර හිතක් තියෙන අය වෙනුවෙන් ඔහු කරලා තියෙන දේවල් ගණන් කරන්න බැරි තරම්!+
3 මොකද උඩඟු* අය ගැන මට ඊර්ෂ්‍යාවක් ඇති වුණා.
දුෂ්ටයන් කිසි කරදරයක් නැතුව ඉන්නවා දකිද්දී මම ඔවුන්ට ඊර්ෂ්‍යා කළා.+
7 ඔවුන් කොයි තරම් සැප සම්පත් විඳිනවාද* කිව්වොත් ඔවුන්ගේ ඇස් දෙකත් එළියට නෙරලා.
ඔවුන් හිතුවාටත් වඩා ඔවුන්ගේ ජීවිත සාර්ථක වෙලා.
8 ඔවුන් අනුන්ට සමච්චල් කරකර දුෂ්ට කතා කියනවා.+
අහංකාර විදිහට තර්ජනය කරනවා.+
9 ඔවුන් කතා කරන්නේ හරියට ඔවුන් ස්වර්ගයේ ඉන්නවා කියලා හිතාගෙන.
ඔවුන් පොළොව පුරාම ඇවිද ඇවිද මහ උජාරුවෙන් කතා කරනවා.
11 ඔවුන් මෙහෙම කියනවා. “අපි කරන දේවල් ගැන දෙවියන් කොහොමද දන්නේ?+
සිද්ධ වෙන හැම දෙයක්ම උසස්ම දෙවියන් දන්නවාද?”
12 කිසි කරදරයක් නැතුව ඉන්න දුෂ්ටයන් ජීවිතය ගත කරන්නේ ඒ වගේ.+
ඔවුන් ධන සම්පත් වැඩි වැඩියෙන් එකතු කරගන්නවා.+
13 ඉතින් මං හිත පවිත්‍ර කරගත්තත් ඒකෙන් වැඩක් තියෙනවාද?
මගේ අත් හෝදගෙන නිදොස්ව ජීවත් වුණා කියලා ප්‍රයෝජනයක් තියෙනවාද?+
16 මං ඒ හැම දෙයක්ම තේරුම්ගන්න උත්සාහ කරද්දී
මගේ හිතට ලොකු කලකිරීමක් දැනුණා.
17 දෙවියන්ගේ ශුද්ධස්ථානයට යන කල්ම මට හැඟුණේ ඒ විදිහටයි.
ඒත් එහෙට ගියාට පස්සේ ඉස්සරහට ඔවුන්ට වෙන්නේ මොනවාද කියලා මං තේරුම්ගත්තා.
18 ඔබ දුෂ්ටයන්ව තියලා තියෙන්නේ ලිස්සනසුලු තැන්වල.+
ඔබ ඔවුන්ට වැටෙන්න සලස්වලා ඔවුන්ව විනාශ කරනවා.+
19 ඔවුන් එක මොහොතකින් විනාශ වෙලා යනවා!+
දරුණු විපතකට මුහුණ දීලා සැණෙකින් මැරිලා යනවා!
20 යෙහෝවා දෙවියනි, ඔවුන්ගේ ජීවිත හරියට
නින්දෙන් අවදි වුණ ගමන්ම අමතක වෙලා යන සිහිනයක් වගේ වෙනවා.
මොකද ඔබ නැඟිට පියවර ගද්දී ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කරනවා.*
22 මගේ කල්පනා ශක්තිය බොඳ වෙලයි තිබුණේ.
ඒ නිසා ඒ කිසිම දෙයක් තේරුම්ගන්න මට බැරි වුණා.
මම ඔබ ඉස්සරහා හැසිරුණේ සිහිකල්පනාව නැති සතෙක් වගේ.
25 ස්වර්ගයේ ඉන්න ඔබ හැර මට පිහිට වෙන්න වෙන කිසිම කෙනෙක් නැහැ.
මේ පොළොවේ තියෙන කිසිම දේකට වඩා මට වටින්නේ ඔබවයි.+
26 දෙවියනි, මගේ ගතයි, සිතයි දුර්වල වුණත්
මගේ සිත ශක්තිමත් කරන පර්වතය ඔබයි.
මට සදහටම හිමි උරුමයත් ඔබයි.+
27 ඔබෙන් ඈත් වෙලා ඉන්න හැමෝම විනාශ වෙලා යනවා.
ඔබට ද්‍රෝහි වෙලා* ඔබව අත්හැරලා යන හැමෝවම ඔබ නැති* කරලා දානවා.+
28 ඒත් දෙවියන්ට ළං වෙලා ඉන්න එකෙන් මට වෙන්නේ යහපතක්.+
ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා දෙවියන්ව මම මගේ රැකවරණය කරගත්තා.
ඒ, ඔහුගේ හැම ක්‍රියාවක් ගැනම ප්‍රකාශ කරන්නයි.+