ගීතාවලිය
සේරාගෙන් පැවතෙන කෙනෙක් වුණ ඒතන් රචනා කරපු මස්කිල්.*+
89 යෙහෝවා පෙන්වන නොසැලෙන ආදරේ ගැන මම හැමදාටම ගී ගයනවා.
ඔහුගේ විශ්වාසවන්තකම ගැන මම හැම පරම්පරාවකටම කියනවා.
2 “ඔබේ නොසැලෙන ආදරේ සදහටම පවතිනවා.*+
ඔබේ විශ්වාසවන්තකම ඔබ ස්වර්ගයේ ස්ථිරව පිහිටුවලා තියෙනවා” කියලා මම කිව්වා.
3 දෙවියන් මෙහෙම කිව්වා. “මං තෝරගත්ත කෙනා එක්ක මම ගිවිසුමක් ඇති කරගත්තා.+
මගේ සේවක දාවිත්ට මම දිවුරලා මෙහෙම පොරොන්දු වුණා.+
4 ‘මම ඔබේ පෙළපත* ස්ථිරව පිහිටුවලා+ ඒක හැමදාටම පවතින්න සලස්වනවා.
ඔබේ සිංහාසනය ගොඩනඟලා ඒක පරම්පරාවෙන් පරම්පරාවට පවතින්න සලස්වනවා.’”+ (සීලාහ්)
5 යෙහෝවා දෙවියනි, ඔබ කරන පුදුමාකාර දේවල් නිසා ස්වර්ගයත් ඔබට ප්‍රශංසා කරනවා.
රැස් වෙලා ඉන්න ශුද්ධ තැනැත්තන්, ඔබේ විශ්වාසවන්තකම ගැන කියලා ඔබට ප්‍රශංසා කරනවා.
6 යෙහෝවාට සමාන කරන්න පුළුවන් කෙනෙක් ස්වර්ගයේ ඉන්නවාද?+
යෙහෝවාට සමාන කිසිම කෙනෙක් දෙවියන්ගේ පුතුන් අතරේ ඉන්නවාද?+
7 ශුද්ධ තැනැත්තන් රැස් වෙලා ඉන්න තැන දෙවියන්ට ලොකු ගෞරවයක් ලැබෙනවා.+
ඔහු වටේ ඉන්න හැමෝටම වඩා ඔහු ශ්‍රේෂ්ඨයි.
ඒ හැමෝටම ඔහු ගැන ලොකු ගරුබියක් ඇති වෙනවා.+
යාහ්* දෙවියනි, ඔබ හැම අතින්ම විශ්වාසවන්තයි.+
10 ඔබ රාහබ්ව+ පරාජය කරලා ඇයව මරලා දැම්මා.+
ඔබේ මහත් බලයෙන් සතුරන්ව විසුරුවාහැරියා.+
14 ඔබේ සිංහාසනය ගොඩනඟලා තියෙන්නේ ධර්මිෂ්ඨකම සහ යුක්තිය මතයි.+
නොසැලෙන ආදරයත් විශ්වාසවන්තකමත් ඔබට ඉස්සරහින් ගමන් කරනවා.+
15 ප්‍රීති ඝෝෂා නඟමින් ඔබට ප්‍රශංසා කරන අය මොන තරම් සන්තෝෂවත්ද!+
යෙහෝවා දෙවියනි, ඔවුන් ඔබේ මුහුණෙන් විහිදෙන ආලෝකයේ* ගමන් කරනවා.
16 ඔබේ නම නිසා ඔවුන් දවස තිස්සේම සතුටින් ඉන්නවා.
ඔබේ ධර්මිෂ්ඨකම නිසා ඔවුන් ගෞරවයට පත් වෙනවා.
19 ඒ කාලේදී ඔබට විශ්වාසවන්තව ඉන්න අයට ඔබ දර්ශනයකින් මෙහෙම කිව්වා.
24 මම ඔහුට නොසැලෙන ආදරයක් පෙන්වලා
ඔහුත් එක්ක විශ්වාසවන්තව වැඩ කරනවා.+
මගේ නම නිසා ඔහුගේ ශක්තිය වැඩි වෙනවා.
28 මගේ නොසැලෙන ආදරය මම සදහටම ඔහුට පෙන්වනවා.+
ඔහුත් එක්ක ඇති කරගත්ත ගිවිසුම මම කවදාවත් කඩ කරන්නේ නැහැ.+
29 මම ඔබේ පෙළපත* ස්ථිරව පිහිටුවලා ඒක හැමදාටම පවතින්න සලස්වනවා.
අහස පවතින තාක් කල් ඔහුගේ සිංහාසනය පවතිනවා.+
30 ඔහුගේ පුතුන් මගේ නීතිය කඩලා මගේ නියෝගවලට* එකඟව වැඩ කරන්නේ නැත්නම්
31 ඔවුන් මගේ අණපනත් කඩලා මගේ ආඥා නොසලකාහරිනවා නම්
32 ඔවුන්ගේ අකීකරුකම්* නිසා මම ඔවුන්ට වේවැලෙන් දඬුවම් කරනවා.+
ඔවුන් කරපු වැරදිවලට මං ඔවුන්ට පහර දෙනවා.
33 ඒත් ඔහු ගැන මට තියෙන නොසැලෙන ආදරය කවදාවත් නැති වෙන්නේ නැහැ.+
ඔහුට දුන්න පොරොන්දුව මම කවදාවත් කඩ කරන්නෙත් නැහැ.*
35 ශුද්ධ දෙවි කෙනෙක් වන* මම ඔහුට දිවුරලා පොරොන්දුවක් වුණා.
ඒ පොරොන්දුව සදහටම පවතිනවා. මම කවදාවත් දාවිත්ට බොරු කියන්නේ නැහැ.+
37 සඳ විශ්වාසවන්ත සාක්ෂිකරුවෙක් වගේ හැමදාමත් අහසේ තියෙනවා.
ඒ වගේ ඔහුගේ සිංහාසනයත් හැමදාටම ස්ථිරව පවතිනවා.” (සීලාහ්)
38 ඒත් ඔබ අභිෂේක කරපු තැනැත්තාව දැන් ඔබ ප්‍රතික්ෂේප කරලා!+
ඔබ දැන් ඔහුත් එක්ක ඉන්නේ ලොකු කේන්තියකින්.
39 ඔබේ සේවකයා එක්ක ඇති කරගත්ත ගිවිසුම ඔබ අත්හැරියා.
ඔබ ඔහුගේ ඔටුන්න බිමට වීසි කරලා ඔහුව නින්දාවට පත් කළා.
40 ඔබ ඔහුගේ ගල් පවුරු කඩලා දැම්මා.
ඔහුගේ බලකොටු සුනුවිසුනු කරලා දැම්මා.
43 ඔහු කඩුවෙන් පහර දුන්නත් ඔබ ඔහුව පන්නලා දැම්මා.
යුද්ධයෙන් ජය ගන්න ඔබ ඔහුට ඉඩ දුන්නේ නැහැ.
44 ඔබ ඔහුගේ තේජස නැති කරලා ඔහුගේ සිංහාසනය බිමට ඇදලා දැම්මා.
45 ඔහුගේ යෞවන කාලය කෙටි කරලා ලැජ්ජාව කියන ඇඳුම ඔහුට ඇන්දුවා. (සීලාහ්)
ඔබේ කේන්තිය හැමදාමත් ගින්නක් වගේ අපිට විරුද්ධව ඇවිළෙයිද?
47 මගේ ආයු කාලය කොච්චර කෙටිද කියලා සිහි කරන්න.+
ඔබ මිනිසුන්ව හැදුවේ කිසිම අරමුණක් නැතුවද?
48 මරණය අද්දකින්නේ නැති මිනිසෙක් ඉන්නවාද?+
කිසිම මිනිසෙක්ට පුළුවන්ද මිනී වළෙන් බේරෙන්න? (සීලාහ්)
49 අනේ යෙහෝවා, කලින් වගේ දැන්
ඔබේ නොසැලෙන ආදරය අපිට පෙන්වන්නේ නැත්තේ ඇයි?
විශ්වාසවන්ත කෙනෙක් වන ඔබ,
අපිට ආදරේ කරනවා කියලා දාවිත්ට දිවුරලා පොරොන්දු වුණා නේද?+
50 යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයන් අද්දකින නින්දාව සිහි කරන්න.
හැමෝම කරන නින්දා අපහාස මම දරාගෙන ඉන්නවා කියලත් සිහි කරන්න.
51 අනේ යෙහෝවා, ඔබේ සතුරන් දිගින් දිගටම මට නින්දා කරනවා.
ඔබ අභිෂේක කරපු තැනැත්තා කරන හැම දෙයක්ම ඔවුන් අපහාසයට ලක් කරනවා.
ඒක අමතක කරන්න එපා දෙවියනි.
52 සදාකාලයෙන් සදාකාලයටම යෙහෝවාට ප්‍රශංසාව ලැබේවා! ආමෙන්! ආමෙන්!*+