පළවෙනි ලේකම්
5 ඊශ්‍රායෙල්ගේ කුලුඳුලා වුණ රූබෙන්ගේ+ පුතාලාගේ නම් පහළින් තියෙනවා. රූබෙන් කුලුඳුලා වුණත් එයා එයාගේ තාත්තාගේ උපභාර්යාව එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වපු නිසා+ කුලුඳුලා විදිහට එයාට ලැබෙන්න තිබුණ උරුමය එයාට ලැබුණේ නැහැ. ඒක ලැබුණේ ඊශ්‍රායෙල්ගේ පුතා වුණ යෝසෙප්ගේ පුතාලට.+ ඒ නිසා පෙළපත් වාර්තාවේ එයාව කුලුඳුලා විදිහට ලැයිස්තුගත කළේ නැහැ. 2 යූදා+ එයාගේ සහෝදරයන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් වුණා. නායකයා වෙන කෙනා එන්න නියමිතව තිබුණෙත් එයාගේ පෙළපතින්.+ ඒත් කුලුඳුලාට අයිති වෙන උරුමය ලැබුණේ යෝසෙප්ට. 3 ඊශ්‍රායෙල්ගේ කුලුඳුලා වුණ රූබෙන්ගේ පුතාලාගේ නම්: හනොක්, පල්ලූ, හෙස්රොන් සහ කාමී.+ 4 යෝවෙල්ගෙන් පැවතෙන අය තමයි මේ: යෝවෙල්ගේ පුතා ෂෙමායා. ෂෙමායාගේ පුතා ගොග්. ගොග්ගේ පුතා ෂිමෙයි. 5 ෂිමෙයිගේ පුතා මීකා. මීකාගේ පුතා රෙයායා. රෙයායාගේ පුතා බාල්. 6 බාල්ගේ පුතා බෙයේරාහ්. රූබෙන් ගෝත්‍රයේ අධිපතියෙක් වුණ එයාව ඇසිරියාවේ රජ වුණ තිල්ගත්පිල්නෙසෙර්+ වහලෙක් විදිහට අරගෙන ගියා. 7 පෙළපත් වාර්තාවලට අනුව බෙයේරාහ්ගේ සහෝදරයන්ගේ පවුල්වල නම් තමයි මේ: මූලිකයා වුණ යෙයීයෙල්. සෙකරියා 8 සහ බෙලා. (බෙලා යෝවෙල්ගේ පුතා වුණ ෂෙමාගේ පුතා වුණ ආසාස්ගේ පුතා.) බෙලාගෙන් පැවතෙන අය අරෝයේර්+ ඉඳන් නෙබෝ සහ බාල්මෙයොන්+ වෙන කල් තිබුණ ප්‍රදේශයේ ජීවත් වුණා. 9 එයාලා නැඟෙනහිර පැත්තටත් ගිහින් පදිංචි වුණා. පාළුකරය පටන්ගන්න තැන වෙන කල්ම එයාලා අයිති කරගත්තා. ඒ පාළුකරය යුප්‍රටීස් ගඟ+ වෙන කල්ම විහිදිලා ගියා. ඒ තරම් ලොකු ප්‍රදේශයක් ඕනෙ වුණේ ගිලියද් දේශයේදී+ එයාලාගේ සත්ව රැළවල් බෝ වෙලා වැඩි වුණ නිසයි. 10 සාවුල් රජගේ කාලේදී බෙලාගෙන් පැවතෙන අය හග්රියවරුන්ට විරුද්ධව යුද්ධ කරලා එයාලව පරාජය කළා. ඊටපස්සේ එයාලා ගිලියද් දේශයට නැඟෙනහිර පැත්තේ තියෙන ප්‍රදේශය පුරාම එයාලාගේ කූඩාරම්වල ජීවත් වුණා.
11 ගාද්ගෙන් පැවතෙන අය ජීවත් වුණේ රූබෙන්ගෙන් පැවතෙන අයට ළඟින්මයි. එයාලා හිටපු ප්‍රදේශය බාෂාන් දේශයේ සලෙකා+ වෙන කල් විහිදිලා ගියා. 12 බාෂාන් දේශයේදී එයාලාගේ ප්‍රධානියා විදිහට හිටියේ යෝවෙල්. දෙවෙනියා ෂාපාම්. යානයි සහ ෂාපාත් කියන්නෙත් නායකයන් දෙන්නෙක්. 13 එයාලාගේ සහෝදරයන්ගේ නම් තමයි මේ: මිකායෙල්, මෙෂල්ලම්, ෂෙබා, යෝරයි, යාකාන්, ෂීය සහ ඒබර්. ඒ හත්දෙනාව සඳහන් කරලා තියෙන්නේ එයාලාගේ පෙළපත්වලට අනුවයි. 14 අබිහයිල්ගෙන් පැවතෙන අය තමයි මේ: අබිහයිල් හූරිගේ පුතා. හූරි යාරොවාගේ පුතා. යාරොවා ගිලියද්ගේ පුතා. ගිලියද් මිකායෙල්ගේ පුතා. මිකායෙල් යෙෂීෂයිගේ පුතා. යෙෂීෂයි යාඩෝගේ පුතා. යාඩෝ බූෂ්ගේ පුතා. 15 එයාලාගේ පෙළපතේ ප්‍රධානියා වුණේ ආහි. ආහි අබ්දියෙල්ගේ පුතා. අබ්දියෙල් ගුනීගේ පුතා. 16 එයාලා ගිලියද්වලයි,+ බාෂාන්වලයි,+ ඒ ප්‍රදේශ අවට තිබුණ කුඩා නගරවලයි, ෂාරොන්වල තිබුණ හැම තණබිමකමයි ජීවත් වුණා. 17 එයාලා හැමෝගෙම පෙළපත් ඇතුළත් වාර්තා සකස් කළේ යූදාවල රජ වුණ යෝතම්ගේ+ කාලේදී සහ ඊශ්‍රායෙල්වල රජ වුණ යෙරොබොවම්ගේ*+ කාලේදී.
18 රූබෙන් ගෝත්‍රයට, ගාද් ගෝත්‍රයට සහ මනස්සේ ගෝත්‍රයෙන් එක කොටසකට 44,760ක හමුදාවක් හිටියා. එයාලා හැමෝම හොඳට පුහුණු කරපු යුද්දෙට හරිම දක්ෂ අය. එයාලට පලිස්, කඩු සහ දුනු තිබුණා. 19 එයාලා හග්රියවරුන්ටයි,+ යෙතූර්, නාෆිෂ්+ සහ නෝදාබ් කියන ගෝත්රවලටයි විරුද්ධව යුද්ධ කළා. 20 ඒ යුද්දේදී එයාලා දෙවියන්ට කන්නලව් කළා. ඉතින් හග්රියවරුන්වයි, එයාලා එක්ක හිටපු අනිත් හැමෝවමයි පරාජය කරන්න දෙවියන් එයාලට උදව් කළා. දෙවියන් එයාලට උදව් කළේ එයාලා දෙවියන් ගැන විශ්වාසය තියපු නිසයි.+ 21 ඒ අයට අයිති ඔටුවන් පනස්දාහකුයි, බැටළුවන් දෙලක්ෂ පනස්දාහකුයි, බූරුවන් දෙදාහකුයි එයාලා අල්ලගත්තා. මිනිස්සු ලක්ෂයකුත් එයාලා අල්ලගත්තා. 22 සැබෑ දෙවියන් එයාලා වෙනුවෙන් සටන් කරපු නිසා+ සතුරන්ගෙන් හුඟදෙනෙක් මැරුණා. ඊටපස්සේ එයාලා වහල්කමට යන කල්ම සතුරන්ට අයිති ඒ ප්‍රදේශයේ ජීවත් වුණා.+
23 මනස්සේ ගෝත්‍රයේ එක කොටසකින්+ පැවතෙන අය බාෂාන් ඉඳන් බාල්හෙර්මොන් දක්වාත් සෙනීර් සහ හෙර්මොන් කන්ද+ දක්වාත් තිබුණ ප්‍රදේශයේ ජීවත් වුණා. එයාලාගේ ගාණ ගොඩක් වැඩි වුණා. 24 එයාලාගේ පෙළපත්වල ප්‍රධානීන්ගේ නම් තමයි මේ: ඒෆෙර්, ඉෂී, එලියෙල්, අෂ්රියෙල්, යෙරෙමියා, හෝදවියා සහ යාදියෙල්. පෙළපත්වල ප්‍රධානීන් වුණ එයාලා යුද්දෙට හරිම දක්ෂ, ප්‍රසිද්ධ අය. 25 ඒත් එයාලා එයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවියන්ට විරුද්ධව වැරදි දේවල් කළා. එයාලා දෙවියන්ට ද්‍රෝහි වෙලා* දෙවියන් පන්නලා දැම්ම ජාතීන් අදහපු දෙවිවරුන්ට නමස්කාර කළා.+ 26 ඉතින් ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන් ඇසිරියාවේ රජ+ වුණ පූල්ව (ඒ කියන්නේ තිල්ගත්පිල්නෙසෙර්ව)+ එයාලට විරුද්ධව එන්න පෙලඹුවා. එයා රූබෙන් සහ ගාද් ගෝත්‍රවල අයවයි, මනස්සේ ගෝත්‍රයේ එක කොටසකට අයිති අයවයි වහලුන් විදිහට අරගෙන ගියා. එයාලව හලාවල, හාබොර්වල, හාරාවල සහ ගෝසාන්+ ගඟ ළඟ පදිංචි කළා. අද වෙන කල්ම එයාලා ඒ ප්‍රදේශවල ඉන්නවා.