පළවෙනි ලේකම්
17 දාවිත් එයාටම කියලා හදපු මාලිගාවේ පදිංචියට ගිය ගමන්ම එයා අනාගතවක්තෘ නාතන්ට+ මෙහෙම කිව්වා. “මම මේ දේවදාර ලීවලින් හදපු මාලිගාවක+ ජීවත් වෙනවා. ඒත් යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය තියෙන්නේ කූඩාරමක.”+ 2 ඒ වෙලාවේ නාතන් “සැබෑ දෙවියන්ගේ ආශීර්වාදය ඔයාට තියෙනවා. ඉතින් ඔයාගේ හිතේ තියෙන ආසාව ඉටු කරගන්න” කියලා දාවිත්ට කිව්වා.
3 එදා රෑ දෙවියන් නාතන්ට මෙහෙම කිව්වා. 4 “ඔයා ගිහින් මගේ සේවකයා වන දාවිත්ට මෙහෙම කියන්න. ‘යෙහෝවා දෙවියන් ඔයාට මෙහෙම කියනවා. “මට වාසය කරන්න ගෘහයක් හදන්නේ ඔයා නෙමෙයි.+ 5 මම ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් අරන් ආපු දවසේ ඉඳන් අද වෙන කල් මට ගෘහයක් තිබුණේ නැහැ. එදා ඉඳන් කූඩාරමක වාසය කරපු මම තැනින් තැනට ගියා.+ 6 ඊශ්‍රායෙල්වරු එක්ක තැනින් තැනට ගිය ඒ කාලේදී ‘මට දේවදාර ලීවලින් නිවසක් හැදුවේ නැත්තේ ඇයි’ කියලා මං කවදාවත් අහලා තියෙනවාද? මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව රැකබලා ගන්න මං පත් කරපු විනිශ්චයකරුවන්ගෙන් මං ඒ වගේ දෙයක් අහලා තියෙනවාද?”’
7 “මගේ සේවකයා වන දාවිත්ට මේ දේත් කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔයාට මෙහෙම කියනවා. “ඔයා තණබිම්වල බැටළුවන් බලාගත්ත කාලේදී මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ පාලකයා වෙන්න මම ඔයාව තෝරගත්තා.+ 8 ඔයා යන ඕනෙම තැනකට මමත් ඔයා එක්ක එනවා.+ ඔයාගේ හැම සතුරෙක්වම මම විනාශ කරනවා.+ මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨ මිනිස්සු වගේ මම ඔයාවත් ශ්‍රේෂ්ඨ කෙනෙක් කරලා ඔයාගේ නම ගෞරවයට පත් කරනවා.+ 9 මම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට ජීවත් වෙන්න තැනක් වෙන් කරලා එයාලව එහේ පදිංචි කරවනවා. කාගෙන්වත් හිරිහැරයක් නැතුව එයාලා එහේ ජීවත් වෙයි. ආයේ කවදාවත් දුෂ්ටයන් එයාලට හිරිහැර කරන්නේ නැහැ.+ 10 මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව බලාගන්න මම විනිශ්චයකරුවන්ව පත් කරපු කාලේ ඉඳන්+ මේ වෙන කල් සෙනඟ සතුරන්ගෙන් පීඩා වින්දා. ඒත් ඒ හැම සතුරෙක්වම මම ඔයාලට යටත් කරලා දෙනවා.+ ඒ විතරක් නෙමෙයි මම ඔයාට මේ පොරොන්දුවත් දෙනවා. ‘යෙහෝවා වන මම ඔයාගෙන් රාජකීය පෙළපතක් බිහි කරනවා.’
11 “‘“ඔයාගේ මුතුන්මිත්තන් වගේ ඔයාත් මිය ගියාට පස්සේ ඔයාගේ පෙළපතින් එන පුතෙක්ට මම ඔයාගේ රජකම භාර දෙනවා.+ මම එයාගේ රජකම ස්ථිරව පිහිටුවනවා.+ 12 මට ගෘහයක් ගොඩනඟන්න මම තෝරගන්නේ එයාවයි.+ මම එයාගේ සිංහාසනය සදහටම ස්ථිර කරනවා.+ 13 මම එයාට තාත්තා කෙනෙක් වෙනවා. එයා මගේම පුතෙක් වෙනවා.+ ඔයාට කලින් හිටපු රජට මං ආදරේ පෙන්නන එක නැවැත්තුවා.+ ඒත් මං ඔයාගේ පුතාට කවදාවත් එහෙම කරන්නේ නැහැ. මම එයාට නොසැලෙන ආදරයක් පෙන්නනවා.+ 14 මම එයාට හැමදාටම මගේ සිංහාසනයේ ඉඳගන්න අවස්ථාව දෙනවා.+ එයාගේ රජකම සහ එයාගේ රජ පෙළපත කවදාවත් නැති වෙන්නේ නැහැ.”’”+
15 දෙවියන් දර්ශනයකින් හෙළි කරපු ඒ හැම දේම නාතන් දාවිත්ට දැනුම් දුන්නා.
16 ඒක ඇහුවාට පස්සේ දාවිත් රජ යෙහෝවා ඉස්සරහට ගිහින් මෙහෙම යාච්ඤා කළා. “යෙහෝවා දෙවියනි, ඔබ මං වෙනුවෙන් මෙච්චර දේවල් කරන්න මම කවුද? මම උසස් පවුලකින් ආපු කෙනෙක්ද? ඔබෙන් මෙච්චර ආශීර්වාද ලැබෙන්න තරම් මම වටින කෙනෙක් නෙමෙයි.+ 17 දෙවියනි, ඔබේ සේවකයා වන මං වෙනුවෙන් ඔබ මෙච්චර දේවල් කරලා තියෙද්දීත් මගේ පෙළපත සෑහෙන කාලයක් පුරා පවතිනවා කියලත් ඔබ මට කිව්වා.+ අනේ යෙහෝවා දෙවියනි, ඔබ මාව සලකන්නේ හරියට මං ලොකු ගෞරවයක් ලබන්න වටින කෙනෙක්* විදිහට. 18 ඔබේ සේවකයා වන මාව ඔබ හොඳින් අඳුරනවා. ඔබ මට කොච්චර ගෞරවයක් දීලා තියෙනවාද! ඒ ගැන මම තව මොනවා කියන්නද?+ 19 යෙහෝවා දෙවියනි, ඔබ මේ තරම් ශ්‍රේෂ්ඨ දේවල් කළේ ඔබේම හදවතින් පෙලඹිලයි.* ඔබ ඒ දේවල් කළේ ඔබේ සේවකයා වන මං වෙනුවෙන්මයි. ඒ හැම දෙයක් ගැනම ඔබ මට දැන්නුවා.+ 20 යෙහෝවා දෙවියනි, ඔබට සමාන වෙන කිසි කෙනෙක් නැහැ.+ ඔබ හැර වෙන කිසිම දෙවි කෙනෙකුත් නැහැ.+ අපි අහලා තියෙන හැම දේකින්ම ඒක ඔප්පු වෙනවා. 21 ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට සමාන තවත් ජාතියක් ඉන්නවාද?+ එයාලව සැබෑ දෙවි වන ඔබේ සෙනඟ කරගන්න ඕනෙ නිසා ඔබ එයාලව බේරගත්තා.+ එයාලා ඉස්සරහා හිතාගන්නවත් බැරි, පුදුම දේවල් කරලා ඔබටම ශ්‍රේෂ්ඨ නමක් ඔබ ඇති කරගත්තා.+ ඊජිප්තුවෙන් බේරගත්ත ඔබේ සෙනඟ වෙනුවෙන් ඔබ වෙනත් ජාතීන්ව දේශයෙන් පන්නලා දැම්මා.+ 22 ඔබ ඊශ්‍රායෙල්වරුන්ව හැමදාටම ඔබේ සෙනඟ විදිහට පිළිගත්තා.+ යෙහෝවා දෙවියනි, ඔබ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්.+ 23 යෙහෝවා, ඔබේ සේවකයා වන මං ගැනයි, මගේ පෙළපත ගැනයි ඔබ දුන්න පොරොන්දුව හැමදාටම රකින්න. ඔබ පොරොන්දු වුණ හැම දෙයක්ම ඒ විදිහටම ඉටු කරන්න.+ 24 ඔබේ නම හැමෝම ඉස්සරහා සදහටම ගෞරවයට පත් වේවා! ඔබේ නාමය හැමදාටම පවතීවා!+ එතකොට හැමෝම කියයි ‘ස්වර්ගයේ සේනාවල අධිපති වගේම ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා තමයි ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන දෙවියන්’ කියලා. ඔබේ සේවකයා වන මගේ පෙළපත හැමදාටම ඔබ ඉස්සරහා පවතීවා!+ 25 මගේ දෙවියනි, ඔබ මට කිව්වා මගෙන් රාජකීය පෙළපතක් බිහි කරන එක ඔබේ කැමැත්ත කියලා. ඔබේ සේවකයා වන මං මෙච්චර විශ්වාසයකින් යාච්ඤා කරන්නේ ඒ නිසයි. 26 යෙහෝවා දෙවියනි, සැබෑ දෙවියන් ඔබයි. ඔබේ සේවකයා වෙනුවෙන් හුඟක් යහපත් දේවල් කරනවා කියලා ඔබ පොරොන්දු වුණා. 27 ඒ නිසා ඔබේ සේවකයාගේ පෙළපතට දිගටම ආශීර්වාද කරන්න. ඔබේ සේවකයාගේ පෙළපත හැමදාටම ඔබ ඉස්සරහා පවතින්න කියලා මං ප්‍රාර්ථනා කරනවා! යෙහෝවා, ඔබ ඔබේ සේවකයාගේ පෙළපතට ආශීර්වාද කළා. දැන් ඒ ආශීර්වාදය හැමදාටම තියෙයි.”