දානියෙල්
12 “ඔයාගේ සෙනඟ වෙනුවෙන් පෙනී සිටින ශ්‍රේෂ්ඨ අධිපතියා+ වන මිකායෙල්*+ ඒ කාලයේදී නැඟී සිටිනවා. එදාට ගොඩක් දුෂ්කර කාලයක් එනවා. මුල්ම ජාතිය පිහිටවපු දවසේ ඉඳන් ඒ කාලය එන කල් ඒ වගේ දරුණු තත්වයක් උදා වෙලා නැහැ. ඒ කාලයේදී ඔයාගේ සෙනඟ ගැලවෙනවා.+ ලියවිල්ලේ නම් තියෙන හැමෝම ගැලවෙනවා.+ 2 භූමියේ සැතපිලා ඉන්න හුඟදෙනෙක් නැඟිටිනවා. නැඟිටලා එන සමහර අයට සදහටම ජීවත් වෙන්න ලැබෙනවා. ඒත් නැඟිටලා එන තවත් අය නින්දාවට පත් වෙනවා. එයාලව සදහටම ප්‍රතික්ෂේප කරනවා.
3 “අවබෝධයෙන් වැඩ කරන අය දීප්තිමත් අහස වගේ බැබළෙනවා. ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න හුඟදෙනෙක්ට උදව් කරන අය තරු වගේ සදාකාලයෙන් සදාකාලයටම බැබළෙනවා.
4 “දානියෙල්, ඔයාට හෙළි කරපු මේ වචන ලියවිල්ලක සටහන් කරලා අවසාන කාලය වෙන කල් ඒක වහලා මුද්‍රා කරලා තියන්න.+ හුඟදෙනෙක් නිවැරදි දැනුම හොයාගන්න ලොකු වෙහෙසක් දරන නිසා එයාලට ඒක නොඅඩුව ලැබෙනවා.”+
5 ඊටපස්සේ දානියෙල් වන මම දැක්කා තව දෙන්නෙක් ගඟ ළඟ හිටගෙන ඉන්නවා. එක් කෙනෙක් මෙගොඩ හිටගෙන හිටියා. අනිත් කෙනා හිටියේ එගොඩ.+ 6 එයාලාගෙන් එක් කෙනෙක් ලිනන් ඇඳුමක්+ ඇඳගෙන ගඟට ඉහළින් හිටපු කෙනාගෙන් මෙහෙම ඇහුවා. “මේ පුදුමාකාර සිදුවීම් හැම එකක්ම අවසන් වෙන්න කොච්චර කාලයක් ගත වෙයිද?” 7 එතකොට ලිනන් ඇඳුමක් ඇඳගෙන ගඟට ඉහළින් හිටපු කෙනා කතා කරනවා මට ඇහුණා. එයා අත් දෙකම අහස දිහාවට උස්සලා සදහටම ඉන්න තැනැත්තාණන්+ ගැන දිවුරලා මෙහෙම කිව්වා. “කාලයක්, කාල දෙකක් සහ කාල භාගයක්* නියම කරලා තියෙනවා. ශුද්ධ අයගේ බලය නැති කරලා දානවත් එක්කම+ මේ හැම සිදුවීමක්ම අවසන් වෙනවා.”
8 ඒ වචන ඇහුණත් ඔහු කියපු දේ මට තේරුණේ නැහැ.+ ඒ නිසා මම මෙහෙම ඇහුවා. “මගේ ස්වාමීනි, අන්තිමට මොකද වෙන්නේ?”
9 එතකොට ඔහු මට මෙහෙම කිව්වා. “දානියෙල්, ඔයා දැන් යන්න. මොකද අවසාන කාලය වෙන කල් ලියවිල්ල වහලා මුද්‍රා කරලයි තියෙන්නේ.+ 10 හුඟක් අය තමන්වම පිරිසිදු කරගෙන පවිත්‍ර තත්වයකට එනවා. එයාලා පවිත්‍ර ජීවිතයක් ගත කරනවා.+ දුෂ්ට අය දුෂ්ට විදිහට වැඩ කරනවා. එයාලාගෙන් කිසිම කෙනෙක් මේ දේවල් තේරුම්ගන්නේ නැහැ. ඒත් අවබෝධයෙන් වැඩ කරන අය මේ දේවල් තේරුම්ගන්නවා.+
11 “නිතරම ඔප්පු කරන පූජාව+ නවත්තලා, විනාශයක් කරන පිළිකුල් දේ පිහිටුවන කාලයේ+ ඉඳලා දවස් 1,290ක් ගත වෙනවා.
12 “දවස් 1,335 ඉවර වෙන කල් ආසාවෙන්* බලාගෙන ඉන්න කෙනාට සතුටු වෙන්න පුළුවන්.
13 “ඔයා අවසානය දක්වාම විශ්වාසවන්තව ඉන්න. ඊටපස්සේ ඔයා නිදාගන්නවා. ඒත් ඒ කාලය ඉවර වුණාම ඔයාට වෙන් කරපු කොටස ලබාගන්න ඔයා ආයෙත් නැඟිටිනවා.”+