ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. “දුර ඈතක ඉන්න නිහඬ පරෙවියා” කියන තාලයට ගායනා කරන්න. මික්ටැම්.* පිලිස්තිවරු දාවිත්ව ගාත්වලදී අල්ලගත්ත සිද්ධිය ගැන දාවිත් රචනා කරපු ගීයක්.+
56 අනේ දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මොකද මිනිස්සු මගේ ඇඟට කඩන් පනිනවා.*
ඔවුන් දවස පුරාම මට විරුද්ධව සටන් කරකර මට පීඩා කරනවා.
2 මගේ සතුරෝ දවස පුරාම මාව හපා කන්න හදනවා.
හුඟක් අය උඩඟු විදිහට මාත් එක්ක සටන් කරනවා.
3 මට බයක් දැනෙන ඕනෙම වෙලාවක+ මං ඔබ ගැන විශ්වාසය තියනවා.+
4 මම විශ්වාසය තියන්නේ දෙවියන් මතයි.
ඔහු කියන දේවල් අහලා මං ඔහුට ප්රශංසා කරනවා.
මම විශ්වාස කරන්නේ දෙවියන් ගැනයි. ඒ නිසා මං කිසිම දේකට බය වෙන්නේ නැහැ.
දූවිලි වගේ ඉන්න මිනිස්සුන්ට මට විරුද්ධව කරන්න පුළුවන් මොනවාද?+
5 දවස තිස්සේම ඔවුන් මගේ පෞද්ගලික දේවලට ඇඟිලි ගහලා ප්රශ්න ඇති කරනවා.
ඔවුන්ගේ එකම අරමුණ මට අනතුරක් කරන්නයි.+
6 ඔවුන් හැංගිලා ඉඳලා මට පහර දෙන්න බලන් ඉන්නවා.
මං යන එන තැන් දිහා ඇහැගහගෙන ඉන්නවා.+
ඔවුන්ට ඕනෙ මගේ ජීවිතය නැති කරලා දාන්නයි.+
7 දෙවියනි, ඔවුන් කරන දුෂ්ටකම් නිසා ඔවුන්ව ප්රතික්ෂේප කරන්න.
ඔබේ කේන්තිය පිට කරලා සෙනඟට දඬුවම් කරන්න.+
8 මං පලා යන හැම තැනක් ගැනම ඔබ සෝදිසියෙන් ඉන්නවා.+
අනේ දෙවියනි, මගේ හැම කඳුළක්ම ඔබේ සම් භාජනයේ එකතු කරලා තියාගන්න.+
ඔබ ඒ හැම කඳුළක්ම ගණන් කරලා ඔබේ ලියවිල්ලේ සටහන් කරලා තියෙනවා.+
9 මං ඔබෙන් උදව් ඉල්ලන දවසේදී සතුරන් මගෙන් පලා දුවයි.+
එක දෙයක් ගැන මට නිසැකයි. ඒ, ඔබ මගේ පැත්තේ ඉන්නවා කියන එක.+
10 දෙවියන්ව මට විශ්වාසයි. ඔහු කියන දේවල් අහලා මං ඔහුට ප්රශංසා කරනවා.
යෙහෝවාව මං විශ්වාස කරනවා. ඔහු කියන දේවල් නිසා මං ඔහුට ස්තුති කරනවා.
11 මම විශ්වාසය තියන්නේ දෙවියන් මතයි. ඒ නිසා මං කිසිම දේකට බය වෙන්නේ නැහැ.+
දූවිලි වගේ ඉන්න මිනිස්සුන්ට මට විරුද්ධව කරන්න පුළුවන් මොනවාද?+