බයිබල් පොත් අංකය 24—යෙරෙමියා
ලේඛකයා: යෙරෙමියා
ලියූ ස්ථානය: යූදා සහ මිසරය
ලිවීම අවසන් කළේ: පො.යු.පෙ. 580
ආවරණය කළ කාලය: පො.යු.පෙ. 647 සිට 580
අනාගතවක්තෘ යෙරෙමියා ජීවත් වූයේ බියකරු මෙන්ම කලබලකාරි කාලයකයි. යෙහෝවා විසින් ඔහුව පත් කරන ලද්දේ පො.යු.පෙ. 647දී, එනම් යූදාහි දේවභයැති යොෂියා රජුගේ පාලන සමයේ 13වන වසරේදීය. යෙහෝවාගේ ගෘහය අලුත්වැඩියා කරන අතරතුරේදී, යෙහෝවාගේ ව්‍යවස්ථා පොත සොයාගත් අතර රජුට එය කියවනු ලැබීය. ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට ඔහු වෙහෙස මහන්සි වූ නමුත් ඔහුට කළ හැකිව තිබුණේ රූප වැඳීමට නැඹුරු වීමේ ප්‍රවණතාව තාවකාලිකව නැවැත්වීම පමණකි. වසර 55කට රජකම් කළ යොෂියාගේ සීයා වන මනස්සේද, හුදෙක් වසර දෙකක් රජකම් කිරීමෙන් පසු ඝාතනය කර තිබූ ඔහුගේ පියා වන ආමොන්ද දුෂ්ට ලෙස ක්‍රියා කර තිබිණ. දූෂ්‍ය මත්පැන් සාද හා පිළිකුල් වූ වත්පිළිවෙත්වල යෙදීමට මොවුන් මනුෂ්‍යයන්ට දිරිගන්වා තිබුණ නිසා ඔවුහු “අහස් දේවීහට” සුවඳ දුම් හා භූත දෙවිවරුන්ට මිනිස් පූජා ඔප්පු කිරීමට පුරුදුව සිටියහ. මනස්සේ මුළු යෙරුසලම පුරාම අහිංසක ලේ වගුරුවා තිබුණේය.—යෙරෙ. 1:2; 44:19; 2 රාජා. 21:6, 16, 19-23; 23:26, 27.
2 යෙරෙමියාගේ කාර්යය පහසු එකක් නොවීය. යෙහෝවාගේ අනාගතවක්තෘ වශයෙන් යූදාහි හා යෙරුසලමෙහි පාළු කිරීම ගැනද, යෙහෝවාගේ මහානුභාවසම්පන්න දේවමාලිගාව ගිනිබත් කිරීම හා ඔහුගේ ජනයාව වහල්භාවයට පමුණුවීම ගැනද ඔහුට පුරෝකථනය කිරීමට සිදු විය. මෙවැනි විපත් සිදු වේවි කියා විශ්වාස කළ නොහැකි තරම්ය! යෙහෝවාහාස්, යෙහෝයාකීම්, යෙහෝයාඛින් (කෝනියා) හා ශෙදෙකියා යන දුෂ්ට රජවරුන්ගේ පාලන සමය තුළදී, වසර 40ක් පුරාම යෙරුසලමෙහි ඔහුට අනාවැකි පැවසීමට සිදු විය. (යෙරෙ. 1:2, 3) පසුව මිසරයේදී ඔහුට එහි සිටි යුදෙව් සරණාගතයන්ගේ රූප වන්දනාව පිළිබඳව පුරෝකථනය කිරීමට සිදු විය. පොදු යුගයට පෙර 580දී ඔහුගේ පොත ලිවීම අවසන් කරනු ලැබීය. මෙසේ යෙරෙමියා විසින් ආවරණය කරන ලද කාලය, සිදුවීම් රැසකින් පිරුණු වසර 67ක කාලපරිච්ඡේදයකි.—52:31.
3 හෙබ්‍රෙව් භාෂාවෙහි අනාගතවක්තෘවරයාගේ සහ ඔහුගේ පොතේ නාමය වන්නේ යිර් මියා හෙවත් යිර්මියාහු යන්නයි. සමහරවිට එයින් මෙම අර්ථය දිය හැක: “යෙහෝවා උසස් කරන්නේය. නැතහොත් යෙහෝවා ලිහිල් කරන්නේය [ගර්භයෙන් විය හැක].” හෙබ්‍රෙව් ලියවිලිවල සෑම නාමාවලියකම මෙම පොත සඳහන් වන අතර එය පිළිගත් පොත් සමූහයට අයත් බවට සාමාන්‍යයෙන් පිළිගෙන තිබේ. යෙරෙමියාගේ ජීවිත කාලය තුළදීම අනාවැකි ගණනාවක චමත්කාරජනක ඉටුවීම, එහි විශ්වාසවන්තභාවයට මුළුමනින්ම සාක්ෂි දරයි. ඇරත්, ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල යෙරෙමියාගේ නම කිහිප වතාවක්ම සඳහන් කර තිබේ. (මතෙ. 2:17, 18; 16:14; 27:9, 10) යේසුස් දේවමාලිගාව පවිත්‍ර කළ විට, යෙරෙමියා 7:11හි ඇති බස සමඟ යෙසායා 56:7 සම්බන්ධ කිරීමෙන් පැහැදිලි වන්නේ ඔහු යෙරෙමියාගේ පොත අධ්‍යයනය කර තිබූ බවයි. (මාක් 11:17; ලූක් 19:46) යේසුස්ගේ නිර්භීතකම හා එඩිතරකම නිසා ඔහු යෙරෙමියායයි ඇතමෙක් සිතූහ. (මතෙ. 16:13, 14) අලුත් ගිවිසුමක් (යෙරෙ. 31:31-34) පිළිබඳ යෙරෙමියාගේ අනාවැකිය හෙබ්‍රෙව් 8:8-12හි සහ හෙබ්‍රෙව් 10:16, 17හි පාවුල් විසින් සඳහන් කරන ලදි. “පාරට්ටු කරගන්නා යෙහෝවා ගැන පාරට්ටු කරගනීවා” කියා පැවසීමේදී, පාවුල් යෙරෙමියා 9:24න් උපුටා දක්වයි. (1 කොරි. 1:31) බබිලෝනියේ බිඳ වැටීම පිළිබඳ යෙරෙමියාගේ උපමාවේ (යෙරෙ. 51:63, 64) ඊටත් වඩා ප්‍රබල අදාළ කිරීමක් එළිදරව් 18:21හි ඇත.
4 පුරාවිද්‍යාත්මක සොයාගැනීම්ද යෙරෙමියාගේ වාර්තාව සනාථ කරයි. උදාහරණයක් වශයෙන්, පො.යු.පෙ. 617දී නෙබුකද්නෙශර් (නෙබුකද්රෙශර්) යෙරුසලම අල්ලාගත් බව බබිලෝනීය පුරාවෘත්තියක සඳහන් වේ. එම අවස්ථාවේදී ඔහු රජු (යෙහෝයාඛින්) අත්අඩංගුවට ගෙන ඔහු විසින්ම රජු වශයෙන් වෙනත් තැනැත්තෙකුව (ශෙදෙකියා) තෝරා පත් කළේය.—24:1; 29:1, 2; 37:1.a
5 මෝසෙස් හැරුණුවිට, යෙරෙමියාගේ ජීවිත කතාව තරම් සම්පූර්ණ පින්තූරයක් අපට අනික් පුරාණ අනාගතවක්තෘවරුන් සම්බන්ධයෙන් නොමැත. යෙරෙමියා තමා පිළිබඳවත්, තම හැඟීම් හා චිත්තවේගයන් පිළිබඳවත් බොහෝ දේ හෙළි කරයි. ඔහු වීර එඩිතරකමක් හා අභීතකමක් විදහාපෑ මුදු මොළොක් හදවතකින් යුත් නිහතමානි කෙනෙකු බව වාර්තාවෙන් ඇඟවෙයි. ඔහු අනාගතවක්තෘවරයෙකු පමණක් නොව, නමුත් පූජකයෙකු, ලියවිලි සම්පාදකයෙකු හා නිවැරදි ඉතිහාසඥයෙකුද විය. යෙරුසලමට උතුරින් පිහිටි “බෙන්යමින් රටේ” පූජක නුවරක් වූ අනාතෝත්හි විසූ පූජක හිල්කියාගේ පුත්‍රයා වශයෙන් ඔහු උපත ලැබීය. (1:1) යෙරෙමියාගේ ලේඛන ශෛලිය පැහැදිලිය, ඍජුය. එමෙන්ම පහසුවෙන් තේරුම්ගත හැකිය. උපමා සහ විචිත්‍රවත් විස්තර බහුලව ඇති අතර ගද්‍ය හා පද්‍ය යන දෙකම පොතෙහි අඩංගුය.
ප්‍රයෝජනවත් වීමට හේතු
36 දේවානුභාවයෙන් ලත් මෙම අනාවැකිය මුළුමනින්ම දිරිගන්වනසුලුය. තවද එය ප්‍රයෝජනදායකය. අනාගතවක්තෘගේම එඩිතර ආදර්ශය දෙස බලන්න. අභක්තික ජනතාවකට ප්‍රිය නොවූ පණිවුඩයක් ප්‍රකාශ කිරීමෙහි ඔහු නිර්භීතව සිටියේය. ඔහු දුෂ්ටයා සමඟ ආශ්‍රය කිරීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේය. යෙහෝවාගේ පණිවුඩයේ හදිසිතාව ඔහු අගය කරමින් යෙහෝවාගේ වැඩය අත් නෑර එයට පූර්ණ සහය දුන්නේය. දේවවචනය ඔහුට දැනුණේ තමාගේ ඇට තුළෙහි ඇවිළෙන ගින්නක් මෙන්ය. තවද එය ඔහුගේ හද ප්‍රීතියෙන් ඉපිල යෑමටද හේතු විය. (යෙරෙ. 15:16-20; 20:8-13) අපිත් සැමවිටම යෙහෝවාගේ වචනය සඳහා ජ්වලිතව සිටිමු! බාරුක් යෙරෙමියා වෙනුවෙන් කළ සේම, අපිත් දෙවිගේ සේවකයන්ට පක්ෂපාත ලෙස සහයෝගය දෙමු. රේකාබ්වරුන්ගේ අව්‍යාජ කීකරුකම මෙන්ම පීඩාවට පත් වූ අනාගතවක්තෘවරයා කෙරෙහි එබෙද්-මෙලෙක් දැක්වූ කාරුණික සැලකිල්ලද අපට විශිෂ්ට ආදර්ශයකි.—36:8-19, 32; 35:1-19; 38:7-13; 39:15-18.
37 යෙරෙමියා වෙතට පැමිණි යෙහෝවාගේ වචනය පුදුමාකාර නිරවද්‍යතාවකින් යුතුව ඉටු විය. මෙය සැබවින්ම අනාවැකි කීමට යෙහෝවාට ඇති බලය කෙරෙහි අපේ ඇදහිල්ල සවිමත් කරයි. උදාහරණයක් වශයෙන්, යෙරෙමියාගේ ජීවිත කාලය තුළදීම ඉටු වූ අනාවැකි සැලකිල්ලට ගන්න. ශෙදෙකියාව වහල්භාවයට ගෙන යෑම හා යෙරුසලමේ විනාශය (21:3-10; 39:6-9); ෂල්ලුම් (යෙහෝවාහාස්) සිහසුනෙන් පහ කිරීම හා වහල්භාවයේදී මරණයට පත්වීම (යෙරෙ. 22:11, 12; 2 රාජා. 23:30-34; 2 ලේක. 36:1-4); කෝනියා රජු (යෙහෝයාඛින්) බබිලෝනියේ වහල්භාවයට ගෙන යෑම (යෙරෙ. 22:24-27; 2 රාජා. 24:15, 16) සහ වසරක් ඇතුළත බොරු අනාගතවක්තෘ හනනියාගේ මරණය සිදුවීම (යෙරෙ. 28:16, 17) මීට උදාහරණ වේ. යෙහෝවා පුරෝකථනය කර තිබූ සේම මේ සියලු අනාවැකි සහ තවත් ඒවා ඉටු විය. යෙරෙමියාගේ අනාවැකිය විශ්වාස කළ හැකි බව හා ප්‍රයෝජනදායක බව පසු කාලෙක ජීවත් වූ අනාගතවක්තෘවරුන්ට මෙන්ම යෙහෝවාගේ සේවකයන්ටද පෙනී ගියේය. නිදසුනක් ලෙස, යෙරුසලමේ පාළුවීම වසර 70ක් විය යුතු බව යෙරෙමියාගේ ලියවිලිවලින් දානියෙල් තේරුම්ගත්තේය. තවද වසර 70 අවසානයේදී යෙරෙමියාගේ වචනවල ඉටුවීමට එස්රා අවධානය යොමු කරවීය.—දානි. 9:2; 2 ලේක. 36:20, 21; එස්රා 1:1; යෙරෙ. 25:11, 12; 29:10.
38 යේසුස් තම ගෝලයන් සමඟ ස්වාමීන්ගේ රාත්‍රි භෝජනය යන සිහි කිරීම ස්ථාපිත කළ අවස්ථාවේදී, අලුත් ගිවිසුම සම්බන්ධයෙන් යෙරෙමියාගේ අනාවැකිය ඉටු වූ බව ඔහු ඇඟවීය. ඔහු “මාගේ ලෙයෙහි අලුත් ගිවිසුම” ගැන සඳහන් කළේය. එමගින් ඔවුන්ගේ පාපවලට කමාව දෙනු ලැබූ අතර යෙහෝවාගේ ආත්මික ජාතිය වශයෙන් ඔවුන්ව එක්රැස් කරනු ලැබීය. (ලූක් 22:20; යෙරෙ. 31:31-34) අලුත් ගිවිසුම තුළට ගෙනෙනු ලබන ආත්මයෙන් ජනිත කරන ලද අය සමඟ ක්‍රිස්තුස් රාජ්‍යය උදෙසා ගිවිසුමක් පිහිටුවා ඇති අතර, එමගින් ඔවුන්ට ස්වර්ගයෙහි ඔහු සමඟ පාලනය කිරීම සඳහා ප්‍රස්තාව විවර වේ. (ලූක් 22:29; එළි. 5:9, 10; 20:6) මෙම රාජ්‍යය ගැන වාර ගණනාවක්ම යෙරෙමියාගේ අනාගත වාක්‍යයෙහි සඳහන් කර තිබේ. නොඇදහිලිකාර යෙරුසලමට විරුද්ධව ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කරන අතරතුරේදී යෙරෙමියා බලාපොරොත්තු දළුලන මෙම වචනද ප්‍රකාශ කළේය. “බලව, මා විසින් දාවිත්ට ධර්මිෂ්ඨ වූ පැළෑටියක් නැඟුටුවන දවස් පැමිණෙන්නේය. ඔහු රජෙක්ව රජකම් කරමින් නුවණින් ක්‍රියා කොට, ධර්මිෂ්ඨකමත් යුක්තියත් දේශයෙහි ඉෂ්ට කරනවා ඇතැයි යෙහෝවා කියන්නේය.” එසේය, රජකම් කරනු ලබන්නේ “අපේ ධර්මිෂ්ඨකම වූ යෙහෝවා” යන නම දරන රජෙකි.—යෙරෙ. 23:5, 6.
39 යළිත් යෙරෙමියා නැවත පිහිටුවීමක් ගැන කතා කරයි. “ඔවුහුද තමුන්ගේ දෙවි වූ යෙහෝවාටත් මා විසින් ඔවුන්ට නැඟිටුවා දෙන තමුන්ගේ රජ වූ දාවිත්ටත් සේවය කරන්නෝය.” (30:9) අවසාන වශයෙන් ඔහු ඉශ්රායෙල් හා යූදා පිළිබඳව යෙහෝවා පවසා තිබෙන යහපත් වචනය ප්‍රකාශ කරයි. එනම් දාවිත්ගේ වංශය වැඩි කරන පිණිස හා “[ඔහුගේ] සිංහාසනයෙහි රජකම් කිරීමට ඔහුට පුත්‍රයෙකු” සිටින පිණිස ‘ඒ දවස්වලදීත් ඒ කාලයටත් [යෙහෝවා] දාවිත්ට ධර්මිෂ්ඨකමේ පැළෑටියක් ලියලවන්නේය’ යන්නයි. (33:15, 21) ඉතිරි කොටසක් බබිලෝනියෙන් ආපසු පැමිණියා සේම, මෙම ධර්මිෂ්ඨ ‘පැළෑටියේ’ රාජ්‍යය මුළු පොළොවෙහි යුක්තිය හා ධර්මිෂ්ඨකම ඉෂ්ට කරනවා නියතයි.—ලූක් 1:32.
[පාදසටහන]
a ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, 2 වෙළුම (it-2), 326, 480 පිටු.