මීකා
5 “සතුරාගේ ආක්‍රමණයට හසු වූ ජනයෙනි, ඔබ ඔබේ ශරීර කපා තුවාල කරගනු ඇත.+ සතුරා ඔබව වටලාගෙන ඇත.+ ඔහු ඊශ්‍රායෙල්හි විනිශ්චයකරුගේ කම්මුලට සැරයටියෙන් පහර දෙන්නේය.+
2 “‘යූදාහි නගර අතරින් කුඩාම නගරය+ වන බෙත්ලෙහෙම් එෆ්‍රාතා!+ ඊශ්‍රායෙල් පාලනය කිරීමට නියමිත තැනැත්තා+ පැමිණෙන්නේ ඔබගෙන්ය.+ ඔහු පාලනය කරන්නේ මාගේ කැමැත්තට අනුවය. ඔහුගේ පටන්ගැන්ම ඈත අතීතයට දිව යයි.’+
3 “ගැබිනි ස්ත්‍රිය දරුවා වදන තුරු+ දෙවි ඔවුන්ව සතුරාගේ අතට භාර දුන්නේය.+ පසු කලෙක, එම පාලකයාගේ සහෝදරයන්ගෙන් බේරී ඉතුරු වන අය නැවත තම මව්බිම වෙතට හැරී එන්නෝය.
4 “තම දෙවි වන යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ නාමය දරමින් පැමිණෙන ඒ තැනැත්තා යෙහෝවා දෙවි දෙන ශක්තියෙන්+ සෙනඟව රැකබලා ගන්නේය.+ ඔහුගේ පාලනය පොළොවේ දසත පැතිරෙන නිසා+ සෙනඟ බියක් සැකක් නොමැතිව සුව සේ ජීවත් වනු ඇත.+ 5 සාමය උදා කර දෙන්නේ ඔහුය.+ ඇසිරියානු ජාතිකයන් අපේ දේශයට ඇවිත් අපේ බලකොටු ආක්‍රමණය කරද්දී,+ අපේ සෙනඟ අතරින් ඔවුන්ට විරුද්ධව නැඟී සිටීමට අපි එඬේරුන් සත්දෙනෙකුව පත් කරන්නෙමු. අධිපතීන් අටදෙනෙකුව පත් කරන්නෙමු. 6 ඔවුහු ඇසිරියාවට කඩුවෙන් පහර දෙන්නෝය.+ නිම්රොද්ගේ දේශයටද+ ඇතුල් වී එහි වැසියන්ට පහර දෙන්නෝය. ඇසිරියානු ජාතිකයන් අපේ දේශයට පා තබන විට ඔහු ඔවුන්ගෙන් අපව ගලවාගනු ඇත.+
7 “යාකොබ්ගේ පෙළපතෙන් ඉතුරු වන අය,+ බොහෝ ජනයා අතරේ යෙහෝවා දෙවි වෙතින් නික්මෙන පිනි මෙන්ද+ කඩා හැළෙන වර්ෂාව මෙන්ද වන්නෝය.+ ඔවුහු කිසිම මිනිසෙකු මත රඳා පවතින්නේවත් බලාපොරොත්තු තබන්නේවත් නැත.+ 8 යාකොබ්ගේ පෙළපතෙන් ඉතුරු වන අය, වනසතුන් අතරේ සැරිසරන සිංහයෙකු මෙන් බොහෝ ජාතීන් අතරේ වැජඹෙන්නෝය. ඔවුහු බැටළු රැළවල් අතරට ගොස් උන් පිටට කඩා පැන කෑලි කෑලිවලට ඉරා දමන කේශර සිංහයෙකු මෙන් ක්‍රියා කරන්නෝය.+ ඔවුන්ගේ අතට හසු වන අයව බේරාගැනීමට කිසිවෙකුට නොහැක. 9 ඔවුහු තමුන්ගේ සතුරන්ව පරාජය කරන්නෝය.+ ඔවුන්ට විරුද්ධව නැඟී සිටින සියලුදෙනාව විනාශ කරනු ලබන්නෝය.”+
10 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ඒ දවසේදී මම ඔබේ අශ්වයන් හා අශ්ව රථ විනාශ කර දමන්නෙමි.+ 11 ඔබේ රටේ නගර සුනුවිසුනු කර ඔබේ සියලු බලකොටු බිමට සමතලා කර දමන්නෙමි.+ 12 මන්ත්‍ර ගුරුකම් කරන සියල්ලන්වම මම විනාශ කර දමන්නෙමි. මින් මතුවට එක මායාකාරයෙක්වත් ඔබේ දේශයේ දක්නට ලැබෙන්නේ නැත.+ 13 ඔබේ දේවතා රූපද නමස්කාරය සඳහා සෑදූ කණුද මම කඩා දමන්නෙමි. මින් මතුවට ඔබේ අත්වලින් සෑදූ කිසිම දෙයකට ඔබ වැඳ වැටෙන්නේ නැත.+ 14 නමස්කාරය සඳහා ඔබ සාදාගත් කුලුනු ගලවා දමා+ ඔබේ නගර සියල්ල මම විනාශ කරන්නෙමි. 15 මම දැවෙන උදහසින් යුක්තව මට අකීකරු වූ සියලු ජාතීන්ට දඬුවම් කරන්නෙමි.”+