පළවෙනි ලේකම්
8 බෙන්ජමින්ගේ+ පුතාලාගේ නම්: කුලුඳුල් පුතා බෙලා.+ දෙවෙනියා අෂ්බෙල්.+ තුන්වෙනියා අහරා. 2 හතරවෙනියා නෝහා. පස්වෙනියා රාෆා. 3 බෙලාගේ පුතාලාගේ නම්: අද්දාර්, ගෙරා,+ අබිහුද්, 4 අබිෂුවා, නාමන්, අහෝවා, 5 ගෙරා, ෂෙපූපාන් සහ හූරාම්. 6 මනහාත්වලට වහලුන් විදිහට අරගෙන ගිය ගෙබාවල+ මිනිස්සුන්ගේ පෙළපත්වල ප්රධානීන් වුණ ඒහුද්ගේ පුතාලාගේ නම් තමයි මේ: 7 නාමන්, අහියා සහ ගෙරා. ඒ මිනිස්සුන්ව වහලුන් විදිහට අරන් යද්දී ඒකට පෙරමුණ ගත්තේ ගෙරා. එයා තමයි උස්සා සහ අහිහුද්ගේ තාත්තා. 8 මෝවබ්වරුන්ව එළවලා දැම්මාට පස්සේ* ෂහරයිම්ට එහෙදී දරුවන් ඉපදුණා. එයාගේ භාර්යාවන්ගේ නම් හුෂිම් සහ බයරා. 9 එයාගේ භාර්යාව වුණ හෝඩෙෂ්ට එයාගෙන් මේ පුතාලා හම්බ වුණා. යෝබාබ්, ෂිබියා, මේෂා, මල්කාම්, 10 යෙවුෂ්, සකීයා සහ මිර්මා. පෙළපත්වල ප්රධානීන් වුණ ඒ හැමෝම එයාගේ පුතාලා.
11 හුෂිම්ට ෂහරයිම්ගෙන් අබිතුබ් සහ එල්පයල් ඉපදුණා. 12 එල්පයල්ගේ පුතාලාගේ නම්: ඒබර්, මිෂාම්, ෂෙමෙඩ් (ඕනෝ,+ ලොද්+ කියන නගර සහ ඒවා අවට තියෙන කුඩා නගර ගොඩනැඟුවේ ෂෙමෙඩ්), 13 බෙරීයා සහ ෂෙමා. එයාලා ආයාලොන්වල+ හිටපු අයගේ පෙළපත්වල ප්රධානීන් විදිහට වැඩ කළා. එයාලා තමයි ගාත්වල ජීවත් වුණ අයව පන්නලා දැම්මේ. 14 බෙරීයාගේ පුතාලාගේ නම්: අහියෝ, ෂාෂක්, යෙරෙමොත්, 15 සෙබදියා, ආරද්, ඒදෙර්, 16 මිකායෙල්, ඉෂ්පා සහ යෝහා. ඒ හැමෝම බෙරීයාගේ පුතාලා. 17 එල්පයල්ගේ පුතාලාගේ නම්: සෙබදියා, මෙෂල්ලම්, හිෂ්කී, හෙබෙර්, 18 ඉෂ්මෙරයි, ඉෂ්ලියා සහ යෝබාබ්. ඒ හැමෝම එල්පයල්ගේ පුතාලා. 19 ෂිමෙයිගේ පුතාලාගේ නම්: යාකීම්, ෂික්රී, සබ්දී, 20 එලියේනයි, ෂිල්ලෙතයි, එලියෙල්, 21 අදායා, බෙරායා සහ ෂිම්රාත්. ඒ හැමෝම ෂිමෙයිගේ පුතාලා. 22 ෂාෂක්ගේ පුතාලාගේ නම්: ඉෂ්පාන්, ඒබර්, එලියෙල්, 23 අබ්දොන්, ෂික්රී, හානාන්, 24 හනනියා, ඒලාම්, අන්තොතියා, 25 ඉප්දෙයා සහ පෙනුයෙල්. ඒ හැමෝම ෂාෂක්ගේ පුතාලා. 26 යෙරොහාම්ගේ පුතාලාගේ නම්: ෂම්ෂෙරයි, ෂෙහරියා, අතලියා, 27 යයරෙෂියා, එලියා සහ ෂික්රී. ඒ හැමෝම යෙරොහාම්ගේ පුතාලා. 28 පෙළපත් වාර්තාවල සඳහන් කරලා තියෙන විදිහට එයාලා තමයි පෙළපත්වල ප්රධානීන්. එයාලා ජීවත් වුණේ යෙරුසලමේ.
29 යෙයීයෙල් ජීවත් වුණේ ගිබියොන්වල.+ එයා තමයි ගිබියොන් නගරය පිහිටවපු කෙනා. එයාගේ බිරිඳගේ නම මයකා.+ 30 එයාගේ කුලුඳුල් පුතා අබ්දොන්. අනිත් පුතාලාගේ නම්: ෂුර්, කිෂ්, බාල්, නාදාබ්, 31 ගෙදොර්, අහියෝ සහ සෙකෙර්. 32 මික්ලොත්ගේ පුතාගේ නම ෂිමෙයාහ්. එයාලා හැමෝම එයාලාගේ සහෝදරයන්* එක්ක යෙරුසලමේ ජීවත් වුණා. එයාලා එහේ හිටියේ තවත් සහෝදරයන් පිරිසකුත් එක්කයි.
33 නේර්ගේ+ පුතා කිෂ්. කිෂ්ගේ පුතා සාවුල්.+ සාවුල්ගේ පුතාලාගේ නම්: යොනාතාන්,+ මල්කීෂුවා,+ අබිනාදාබ්+ සහ එෂ්බාල්.*+ 34 යොනාතාන්ගේ පුතා මෙරිබ්බාල්.*+ මෙරිබ්බාල්ගේ පුතා මීකා.+ 35 මීකාගේ පුතාලාගේ නම්: පීතොන්, මෙලෙක්, තාරෙයා සහ ආහස්. 36 ආහස්ගේ පුතා යෙහෝයද්දා. යෙහෝයද්දාගේ පුතාලාගේ නම්: අලෙමෙත්, අෂ්මාවෙත් සහ සිම්රී. සිම්රීගේ පුතා මෝෂා. 37 මෝෂාගේ පුතා බිනෙයා. බිනෙයාගේ පුතා රාෆාහ්. රාෆාහ්ගේ පුතා එලෙයාසා. එලෙයාසාගේ පුතා ආෂෙල්. 38 ආෂෙල්ට පුතාලා හයදෙනෙක් හිටියා. එයාලාගේ නම්: අෂ්රිකාම්, බොකෙරු, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන්. ඒ හැමෝම ආෂෙල්ගේ පුතාලා. 39 එයාගේ මල්ලි වුණ එෂෙක්ගේ පුතාලාගේ නම්: කුලුඳුලා ඌලාම්. දෙවෙනියා යෙවුෂ්. තුන්වෙනියා එලිෆෙලෙත්. 40 ඌලාම්ගේ පුතාලා හොඳ දුනුවායෝ. එයාලා යුද්දෙට හරිම දක්ෂ අය. එයාලට ගොඩක් පුතාලා සහ මුනුපුරන් හිටියා. එයාලාගේ ගාණ 150යි. එයාලා හැමෝම බෙන්ජමින්ගෙන් පැවතෙන අය.