යෙසායා
45 යෙහෝවා දෙවි තම අභිෂේක ලත් තැනැත්තා+ වන සයිරස්ගේ දකුණතින් අල්ලාගෙන+ ජාතීන්ව ඔහුට යටත් කර දුන්නේය.+ දෙවි රජවරුන්ගේ තුනටියට පහර දී ඔවුන්ගේ බලය නැති කර දැමුවේය. නුවර දොරටු* පවා ඔහුට විවෘත කර දුන්නේය. දෙවි ඔහුට මෙසේ පැවසුවේය. 2 “මම ඔබ ඉදිරියෙන් ගොස්+ ඔබ යන මාර්ගයේ තිබෙන සියලු බාධක ඉවත් කරමි.+ මම තඹ දොරටුද එහි යකඩ අගුල්ද කඩා බිඳ දමමි.+ 3 ඔබේ නමින්+ ඔබට හඬගසන මම ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා බව දැනගන්නා පිණිස අඳුරු ස්ථානවල සඟවා තිබෙන වස්තුද ඔබට ලබා දෙන්නෙමි.+ 4 ඔබ මාව දැන හඳුනා ගෙන නොසිටියත්+ මම ඔබට කීර්ති නාමයක් ලැබීමට සලස්වන්නෙමි. මම ඔබේ නමින් ඔබට කතා කර ඔබව කැඳවන්නෙමි. මා ඒ සියල්ල කරන්නේ මාගේ තෝරාගත් සේවකයා වන යාකොබ් හෙවත් ඊශ්‍රායෙල් වෙනුවෙනි.+ 5 මා යෙහෝවා දෙවිය. මට සමාන කළ හැකි කිසිවෙක් නැත.+ එකම සැබෑ දෙවි මමය.+ ඔබ මා කවුරුන්ද කියා නොදැන සිටියත් මම ඔබව ශක්තිමත් කරන්නෙමි. 6 නැඟෙනහිර සිට බස්නාහිර දක්වා විසිර සිටින සියලුම ජනයා මා හැර අන් දෙවි කෙනෙකු නැති බව+ තේරුම්ගන්නා පිණිස මම එසේ කරන්නෙමි. මා යෙහෝවා දෙවිය. මට සමාන වූ කිසිවෙක් නැත.+ 7 ආලෝකයෙත්+ අන්ධකාරයෙත්+ උල්පත මමය. මම සමාදානය ඇති කරන්නෙමි.+ විනාශයට පමුණුවන්නෙමි.+ යෙහෝවා දෙවි වන මට ඒ සෑම දෙයක්ම කළ හැකිය.+
8 “ස්වර්ගයේ වැසියෙනි, අහසෙන් වැසි වස්සවන්න.+ ධර්මිෂ්ඨකම නමැති වැහි බිඳුවලින් මුළු පොළොවම තෙමන්න.+ පොළොව පිබිදේවා! ඒ පුරාම ධර්මිෂ්ඨකම හා ගැලවීම නමැති බීජ හටගනීවා!+ ධර්මිෂ්ඨකම හා ගැලවීම පොළොව පුරාම පැතිරේවා! යෙහෝවා දෙවි වන මම එය ඉටු වීමට සලස්වන්නෙමි. ”+
9 තමන්ගේ සැදුම්කරු සමඟ වාද කරන තැනැත්තාට අත් වන්නේ දුක පමණි.+ ඔහු බිම විසි කර දැමූ වළං කැබැල්ලක් මෙනි. “ඔබ සාදන්නේ කුමක්ද” කියා කුඹල්කරුවෙකුගෙන් අසන්න මැටි පිඩකට+ පුළුවන්ද? “මාව සෑදූ තැනැත්තාට අත් නැත” කියා මැටි බඳුනකට පැවසිය හැකිද? 10 දරුවෙකු තම පියාගෙන්, “ඔබ මාව ජනිත කළේ මන්ද” කියාත් තම මවගෙන්, “ඔබ මාව වැදුවේ කුමකටද”+ කියාත් අසනවා නම් ඔහුට අත් වන්නේ දුක පමණි.
11 ඊශ්‍රායෙල් ජාතිය බිහි කළ+ ශුද්ධ තැනැත්තා+ වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඉදිරියේදී සිදු වීමට යන දේවල්+ ගැනත් මාගේ පුත්‍රයන් ගැනත්+ ඔබ මාගෙන් ප්‍රශ්න කරන්න. මා කළ+ යුත්තේ කුමක්ද කියා මට කියා දෙන්න. 12 පොළොවද+ එහි වැසියන්වද සෑදුවේ මමය.+ අහස දිගහැරියේ මාගේ දෑත්වලිනි.+ ස්වර්ගයේ සේනා සිටින්නේ මාගේ අණසක යටතේය.”+
13 “මාගේ ධර්මිෂ්ඨ අරමුණ ඉටු කිරීමට මම යමෙකුව පත් කළෙමි.+ ඔහු ඉදිරියේ තිබෙන සියලු බාධක ඉවත් කරමි.+ මාගේ නුවර ගොඩනඟන්නේ ඔහුය.+ වහල්භාවයේ සිටින මගේ ජනයාව ඔහු නිදහස් කරන්නේය.+ ඔහු එසේ කරන්නේ මුදලටවත්+ අල්ලසකටවත් නොවෙයි.” ඒ දේ නියම කර තිබෙන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.
14 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ඊජිප්තුවේ+ කුලී නොලබා වැඩ කරන සේවකයෝද ඉතියෝපියාවේ වෙළෙන්දෝද උස මහත මිනිසුන්+ වන සෙබාවරුද+ ඔබගේ අණසකට යටත් වෙති.+ ඔවුහු විලංගු+ දමාගෙන ඔබ වෙත පැමිණ හිස නමා+ මෙසේ කියති. ‘සැබවින්ම දෙවි ඔබ සමඟ සිටියි.+ ඔහුට සමාන දෙවි කෙනෙක් නැත. එකම සැබෑ දෙවි ඔහුයි.’”+
15 දෙවියනි, ඔබ ක්‍රියා කරන ආකාරය කිසිවෙකුට තේරුම්ගත නොහැක.+ ඔබ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි හා ගැලවුම්කරුය.+ 16 දේවතා රූප සාදන සියල්ලෝම නින්දාවට පත් වන්නෝය. ඔවුහු සියලුදෙනාම ලැජ්ජාවට පත් වී+ හැරී යන්නෝය. 17 එහෙත් යෙහෝවා දෙවි සමඟ තිබෙන බැඳීම නිසා+ ඊශ්‍රායෙල් ජනයාව සදහටම ගලවාගනු ඇත.+ ඔබ කිසිදා ලැජ්ජාවට පත් වන්නේ නැත.+ මින් මතු කවදාවත් කිසිවෙක් ඔබව නින්දාවට පත් කරන්නේ නැත.+
18 අහස නිර්මාණය කළ+ යෙහෝවා දෙවි, සැබෑ දෙවිය.+ ඔහු පොළොවද නිර්මාණය කර+ එය ස්ථිර ලෙස පිහිටෙව්වේය.+ ඔහු පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහාය.+ ඔහු ඔබට මෙසේ පවසයි. “මා යෙහෝවා දෙවිය. මට සමාන කිසිවෙක් නැත.+ 19 මා ඔබට කතා කළේ අඳුරු ස්ථානයක සිට නොවෙයි. මම ඔබෙන් සැඟවී සිට කතා කළේද නැත.+ ‘මාගේ මඟ පෙන්වීම් පතන්න’+ කියා මා යාකොබ්ගේ වංශයට පැවසුවේ නිකමට නොවෙයි. මා යෙහෝවා දෙවිය. මා කතා කරන්නේ ධර්මිෂ්ඨ හා අවංක දේ පමණි.+
20 “සියලු ජාතීන් අතරින් ගැලවීම ලැබූ ජනයෙනි,+ ඔබ සියලුදෙනා මා වෙතට රැස් වෙන්න.+ ලීවලින් සෑදූ දේවතා රූප රැගෙන යන අයට කිසි අවබෝධයක් නැත. ඔවුන් යාච්ඤා කරන්නේ ගලවාගන්න බැරි දෙවිවරුන්ටයි.+ 21 ඔබේ නිදහසට කරුණු ඉදිරිපත් කරන්න.+ එක් එක් කෙනාගෙන් තොරතුරු විමසා බලා කරුණු රැස් කරගන්න. අනාගතයේ සිදු වන දේවල් ගැන පුරාණයේ සිටම පැවසුවේ කවුද?+ අතීතයේ සිටම ඒ දේවල් වාර්තා කළේ කවුද?+ යෙහෝවා දෙවි වන මා නොවෙයිද? මා හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.+ මා ධර්මිෂ්ඨ දෙවි කෙනෙකි. ගැලවුම්කරුවෙකි.+ මට සමාන වෙන කිසිවෙක් නැත.+
22 “පොළොවේ සතර දිශාවේ සිටින සියල්ලෙනි, මා වෙතට පැමිණ ගැලවීම ලබාගන්න.+ මන්ද මා හැර අන් දෙවි කෙනෙක් නැත.+ 23 සියලු ජනයා මා ඉදිරියෙහි දණ නමනු ඇත.+ සියලු ජනයා මට විශ්වාසවන්තව සිටීමට දිවුරා පොරොන්දු වෙති.+ එසේ සිදු වන බවට මම මගේම නාමයෙන් ඔබට දිවුරා පොරොන්දු වෙමි.+ මාගේ වචනය විශ්වාසවන්තය.+ එය කිසිවිටෙකත් නිෂ්ඵල වන්නේ නැත.+ 24 එසේ පොරොන්දු වන ජනයා මෙසේද කියති. ‘යෙහෝවා දෙවි සෑම අතින්ම ධර්මිෂ්ඨයි. ශක්තිය තිබෙන්නේ ඔහුට පමණයි.+ දෙවි සමඟ උදහස් වන සියලුදෙනා ඔහු ඉදිරියට පැමිණ ලැජ්ජාවට පත් වනු ඇත.+ 25 යෙහෝවා දෙවිගෙන් ලද උපකාරය නිසා ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන සියලුදෙනාම+ නිදොස් බව ඔප්පු වනු ඇත.+ දෙවි ඔවුන් වෙනුවෙන් කළ දේ ගැන ඔවුහු ආඩම්බරයෙන් කතා කරති.’”+