ආමොස්
5 “ඊශ්‍රායෙල් ජනයෙනි, මා ඔබ ගැන කියන මේ විලාප ගීයට සවන් දෙන්න.+
2 “ඊශ්‍රායෙල් කන්‍යා දියණිය+ අසරණව වැටී සිටින්නීය.+
ඇයට නැවත කිසිදා නැඟිටින්න නොහැකිය.+
සියලුදෙනා ඇයව අත්හැර ගියෝය.
ඇයට අත දෙන්න කිසිවෙක් නැත.+
3 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘නගරයකින් දහස්දෙනෙකුව යුද්ධයට පිටත් කර හැරියත් නැවත හැරී එන්නේ සියදෙනෙකු පමණි. සියයක් පිටත් කර යැව්වත් නැවත හැරී එන්නේ දසදෙනෙකු පමණි.+ ඊශ්‍රායෙල් දේශයට සිදු වන්නෙත් එයයි.’
4 “යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජනයාට මෙසේ පවසන්නේය. ‘මගෙන් මඟ පෙන්වීම් ලබා+ ඒ අනුව ජීවත් වන්න. එවිට ඔබේ ජීවිත රැකගන්න+ ඔබට හැකි වෙයි. 5 බෙතෙල් නගරය+ සොයා නොයන්න. ගිල්ගාල්+ නගරයටවත් බෙයර්-ෂෙබා නගරයටවත් නොයන්න.+ මන්ද ගිල්ගාල් නගරයේ වැසියන්ව වෙනත් දේශයකට රැගෙන යෑමට නියමිතය.+ බෙතෙල් නගරය දූෂිත දේවලට තෝතැන්නක් වනු ඇත.+ 6 යෝසෙප්ගෙන් පැවතෙන්නෙනි,+ යෙහෝවා දෙවි වන මගෙන් මඟ පෙන්වීම් ලබා ඒ අනුව ජීවත් වන්න. එවිට ඔබේ ජීවිත රැකගැනීමට+ ඔබට හැකි වනු ඇත. ඔබ එසේ නොකළොත් මම ඇවිළෙන ගින්නක් මෙන්+ ඔබ වෙතට පැමිණ ඔබව විනාශ කර දමන්නෙමි. බෙතෙල් නගරය දවාලන ඒ ගින්න නිවා දමන්න කිසිවෙකුට නොහැක.+ 7 ඔබ යුක්තිය කණපිට පෙරළුවහුය.+ ඒ නිසා ජනයාට ජීවිතය අමිහිරි, කටුක අද්දැකීමක් වී තිබේ.* ධර්මිෂ්ඨකම කොතැනකවත් සොයාගත නොහැක.’+ 8 කයිමා+ තාරකා මණ්ඩලයත් කේසිල්+ තාරකා මණ්ඩලයත්*+ සෑදුවේ කවුද? ඝන අන්ධකාරය+ අලුයම් ආලෝකයට හරවන්නෙත් දහවල අඳුරු රාත්‍රියට+ හරවන්නෙත් මුහුදේ වතුරට හඬගසා එය වැසි සේ වස්සවන්නෙත්+ කවුද? ඒ සියලු දේ කරන තැනැත්තාගේ නම යෙහෝවාය.+ 9 ඕනෑම බලවන්තයෙකු පිටට හදිසි විනාශයක් ගෙනෙන්න ඔහුට පුළුවන. බලකොටු සුනුවිසුනු කර දමන්නත් ඔහුට පුළුවන.
10 “‘නුවර දොරටුව අසල වාඩි වී අවවාද දෙන තැනැත්තාට ඔවුහු වෛර කරති.+ සත්‍යය කතා කරන තැනැත්තා ඔවුන්ට පිළිකුලක්ය.+ 11 ඔබ දුප්පත් ගොවියන්ගෙන් බලහත්කාරයෙන් කුලී ගන්නහුය. ධාන්‍ය අස්වැන්නෙන් කොටසක් පවා ඔබ ඔවුන්ගෙන් ගන්නහුය.+ ඔබ මේ දේවල් කරමින් ලස්සනට කැපූ ගල්වලින් ගෙවල් තනාගන්නහුය.+ නමුත් ඔබට සැමදා ඒ ගෙවල්වල ජීවත් වෙන්න ලැබෙන්නේ නැත. ඔබ සරුසාරව මිදිවතු වවාගත්තත් ඔබට සැමදාම ඒ මිදිවතුවලින් වයින් බොන්න ලැබෙන්නේ නැත.+ 12 ඔබ මට විරුද්ධව කී වතාවක් කැරලිගැසුවාද කියාත්+ ඔබ කළ පාප කොතරම් බරපතළද කියාත්+ මම දනිමි. මන්ද ඔබ ධර්මිෂ්ඨ අයට සතුරුකම් කරන්නහුය.+ අල්ලස් ගන්නහුය.+ නුවර දොරටුව අසලට+ පැමිණ තමන්ට යුක්තිය ඉටු කර දෙන මෙන් ඉල්ලන දිලිඳුන්ට ඔබ අසාධාරණකම් කරන්නහුය.+ 13 මෙවැනි දුෂ්ට දේවල් සිදු වන කාලයකදී නුවණ ඇති තැනැත්තා නිහඬව සිටිනු ඇත.+
14 “‘ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිගේ අනුමැතිය ඔබට තිබෙනවා කියා ඔබ කියන්නහුය.+ නමුත් එය සත්‍යයක් වීමට නම් ඔබ අයහපත් දේ අත්හැර යහපත් දේ කළ යුතුයි.+ එවිට මාගේ අනුමැතිය ඔබට නිසැකවම ලැබෙනු ඇත. ඔබට බේරී ජීවත් වීමටත් හැකි වනු ඇත.+ 15 දුෂ්ට දේට පිළිකුල් කර යහපත් දේට ඇලුම් කරන්න.+ නුවර දොරටුව අසල යුක්තිය ඉටු කරන්න.+ ඔබ එසේ කළොත් සමහරවිට ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මම යෝසෙප්ගේ පෙළපතෙන් ඉතුරු වන අයට+ කරුණාව පෙන්වන්නෙමි.’+
16 “ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ජනයා වැලපෙන හඬ+ සෑම මංසන්ධියකම ඇසෙනු ඇත. “අහෝ! අහෝ” යයි කියමින් ඔවුන් කෑගසන හඬ මංමාවත් සිසාරා යයි. ගොවියන්ටත්+ කුලියට හඬා වැලපෙන අයටත්+ ඇවිත් විලාප නඟන්න කියා පැවසීමට ඔවුන්ට සිදු වනු ඇත.’ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය. 17 ‘මා ඔබේ දේශයට පැමිණෙන නිසා+ ජනයා වැලපෙන හඬ සෑම මිදිවත්තකින්ම ඇසෙනු ඇත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.
18 “යෙහෝවා දෙවිගේ දවස+ එන තෙක් මහත් ආශාවෙන් බලා සිටින අයට බොහෝ දුක් විඳින්න සිදු වනු ඇත. ඔවුන්ටත් දුක් විඳින්න සිදු වේ නම් යෙහෝවා දෙවිගේ දවසේදී ඔබට කුමක් සිදු වෙයිද?+ එය ආලෝකය නැති, ඝන අන්ධකාරයෙන් වැසී ගිය දවසක් වනු ඇත.+ 19 සිංහයෙකුගෙන් බේරී පලා යන මිනිසෙකු වලසෙකුට හසු වුණා හා සමාන දෙයක් ඔබටත් ඒ දවසේදී සිදු වෙයි. ඔහු කෙසේ හෝ බේරී තම ගෙට දිව ගොස් බිත්තිය මත හේත්තු වූ නමුත් සර්පයෙක් ඔහුට දෂ්ට කළේය.+ 20 යෙහෝවා දෙවිගේ දවස කෙබඳු එකක් වේවිද? එය ආලෝකය නැති, අඳුරු දවසක් වනු ඇත. දීප්තිය නැති, අන්ධකාරයෙන් වැසුණු දවසක් වනු ඇත.+ 21 ‘මම ඔබේ උත්සවවලට පිළිකුල් කරමි.+ ඒවා ප්‍රතික්ෂේප කරමි. විශේෂ රැස්වීම්වලදී ඔබ ඔප්පු කරන පූජා මම පිළි නොගන්නෙමි.+ 22 ඔබ මට දවන පූජා ඔප්පු කළද+ තෑගි පූජා ඔප්පු කළද මම ඒවා ගැන සතුටු නොවෙමි.+ තර කළ සතුන්ව ගෙනැවිත් හවුල් පූජා ලෙස ඔප්පු කළද මම ඒවා පිළි නොගන්නෙමි.+ 23 ඔබේ ගීතිකා මගේ කන්වලට අමිහිරිය. ඔබේ තත් භාණ්ඩවල නාදය මගේ දෙසවනට වැටෙන්නවත් ඉඩ නොතබන්න.+ 24 යුක්තිය ගලා බසින ගංගාවක් මෙන්ද+ ධර්මිෂ්ඨකම නොසිඳෙන දිය දහරක් මෙන්ද වේවා!+ 25 ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ පාළුකරයේ ගෙවූ අවුරුදු හතළිහ පුරා යාග පූජා හා තෑගි පූජා මට ඔප්පු නොකළහුය.+ 26 ඔබේ දෙවියාගේ තරුව වන සක්කුත්වද+ ඔබ සාදාගත් කයිවන් රූපද+ ඔබ ඔසවාගෙන යන්නහුය. 27 දමස්කයෙනුත් බොහෝ ඈතට ඔබව රැගෙන යෑමට+ මම ඉඩහරින්නෙමි.’ එසේ පවසන්නේ ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.”+